2018 ජනවාරි 13 වන සෙනසුරාදා

සංවර්ධන ලොතරැයියෙන් නව වසරේ අද කෝටිපති වාසනාවන්තයෙක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 297

නව වසරේ උදාව ජයග‍්‍රාහී ලෙස සමරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පසුගියදා හැකි විය. ඒ අද කෝටිපති 119 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රු 6,43,65,410 ක මුදල දිනූ මහනුවර ටී.එම්.එන්.එස්. තෙන්නකෝන් මහතාට හා සුපර් බෝල් ලකී නොවැම්බරේ 735 වැනි වාරයේ ජයමල්ල වූ යතුර පැදිය දිනූ මාතලේ අයි.ජී.එන්. රත්නායක මහතාට හිමි ත්‍යාග ප‍්‍රදානය කරමිනි. එම සුපිරි ජයග‍්‍රාහකයන්ට අමතරව තවත් දස ලක්ෂපතියන් 18 දෙනකුට හිමි ත්‍යාග ප‍්‍රදානය කිරීම 2018.01.04 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ හා ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්. විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

සුපිරි ජයග‍්‍රාහකයන් බිහි කරමින් ආරම්භ කළ මෙම සුබ නව වසර හෙට දිනයේ සිට වසර පුරා වාසනාව ගෙන එන බැවින් සංවර්ධන ලොතරැයි ටිකට්පත් සමගින් විශ්වාසයෙන් රැඳී සිටින ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම අවස්ථාවේදී ඉල්ලා සිටියේය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00