2018 ජනවාරි 06 වන සෙනසුරාදා

මහජන බැංකුව නව වසරේ වැඩ අරඹයි

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබාදෙමින් 2018 නව වසරේ වැඩ ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් මහජන බැංකුව ප‍්‍රධාන කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්විණි.

මෙහිදී මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා කාර්ය මණ්ඩලය අමතා විශේෂ දේශනයක්ද පවත්වන ලදී. මීට අමතරව මෙදින සෙත් පිරිත් සජ්ඣායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩ සටහනක්ද පැවැත්විණි.    
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය හා කාර්ය මණ්ඩලය ද සහභාගී විය. මීට සමගාමිව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර,  එහි කාර්ය  මණ්ඩලයද සේවා ප‍්‍රතිඥාව ලබාදෙන ලදී.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00