2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කෝටිපති ශනිදාවෙන් ශනිදා වාසනාවෙන් සුපිරි කෝටිපතියෝ 2ක්

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 630

කෝටිපති ශනිදාවෙන් කෝටි 7.8 ක සුපිරි ජයග්‍රාහකයෙක් සහ ශනිදා වාසනාවෙන් කෝටි 5 ක තවත් සුපිරි ජයග්‍රාහකයෙක් මෙවරත් සංවර්ධන ලොතරැයි පවුලෙන් බිහි වූ වගයි.

වසර ගණනාවක් ශ්‍රී ලාංකික හද රැඳි විශ්වාසයේ හිමිකරුවා වූ සංවර්ධන ලොතරුයිය  දිනෙන් දිනම එම විශ්වාසය තහවුරු කළ ලොතරැයියකි. විශ්වාසය තරම් සමීපතමයෙක් තවත් නැති නිසාවෙන්ම වැඩි වැඩියෙන් ඔබට මුදල් ත්‍යාග උරුම කරන්නට සංවර්ධන ලොතරැයිය සමත් වූ බව රහසක් නොවේ. පසුගිය මාස කිහිපය ඇතුළත එක පිට එක දිනුම් ලබාදුන් සංවර්ධන ලොතරැයි පවුලෙන් නැවතත් සුපිරි කෝටිපති ජයග්‍රාහකයන් දෙදෙනෙක් සමගින් ලක්ෂපතියන් දාහත් දෙනෙකු බිහි කර ඇත.

ලොතරැයියෙන් ජීවිතය දිනූ වාසනාවන්තයන්ට හිමි ත්‍යාග ප‍්‍රදානය 2017.12.07 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්. විමලසිරි මහතාගේ හා සාමාන්‍යාධිකාරි ජේ.එම්. සමන් ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.

එහිදී කෝටිපති ශනිදා 215 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රු.7,88,68,932 ක ජයමල්ල කොළඹ ශයන්තන් මහතා වෙත ප‍්‍රදානය කළ අතර එහි අලෙවි නියෝජිත මාලබේ එම්.කේ.එල්. නිශාන්ත මහතාටද මුදල් ත්‍යාග පිරිනමන ලදී. එමෙන්ම ශනිදා වාසනාව 2958 වැනි වාරයේ සුපිරි ජය මල්ල වූ රු.5,16,28,665 ක ජයමල්ල නොච්චියාගම සිට පැමිණි කේ. අතුකෝරාළගේ මහතා වෙත ප‍්‍රදානය කළ අතර එම වාසනාවන්ත ටිකට්පතෙහි අලෙවි නියෝජිත එප්පාවල කේ.ජී.ඒ. යමුනා ‍ප්‍රේමතිලක මහත්මියටද  මුදල් ත්‍යාග හිමිවිය.

මෙම සුපිරි ජයමලු වලට අමතරව ලග්න වාසනාවෙන් බිහි වූ රු. ලක්ෂ 39ක ජයග්‍රාහකයාට හා ලග්න වාසනා ලද ලක්ෂපති, ශනිදා වාසනා, නියත ජය, අද කෝටිපති, යන ලොතරුයිපත් තුළින් බිහි වූ දස ලක්ෂපතියන් 15 දෙනෙකුටද අදාළ චෙක්පත් ප‍්‍රදානය කළ අතරම කෝටිපති ශනිදාවේ මෙගා ත්‍යාගය වූ මෝටර් බයිසිකලයද අදාළ ජයග්‍රාහකයා වෙත ප‍්‍රදානය කරන ලදී.

මෙවන් කෝටිපතියන් ලක්ෂපතියන් බිහිකරමින් දිනෙන් දිනම නව ත්‍යාග රටා මවන සංවර්ධන ලොතරුයියෙන් හෙට දවසේ ඔබේ ජීවිතයද එළිය විය හැකි බව සිහිපත් කළ සංවර්ධන ලොතරුයි මණ්ඩලය නව වසර වෙනුවෙන් සංවර්ධන ලොතරුයි මණ්ඩලය ගෙන එන විශේෂ ලොතරැයිපත් ඇතුළු  සියලු ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගෙන ජීවිතයේ සැබෑ වාසනාව උරගා බලන ලෙස ඉල්ලා සිටියි.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00