2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

SLIM Brand Excellence 2017 උළෙලේ දී මහජන බැංකුවේ yes ගිණුම සම්මානයට

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම ඇගයීමට ලක්කරන SLIM Brand Excellence 2017  සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදි වසරේ විශිෂ්ටතම සේවා සන්නාමයට හිමි ලෝකඩ සම්මානය මහජන බැංකුවේ yes ගිණුමට හිමිවිය. 

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු මෙහෙයුම්) බොනිෆස් සිල්වා මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) සුනිල් ඉලුක්කුඹුර, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ සහ පර් යේෂණ) ඒ.යූ.එල්.ඒ අන්සාර් යන මහත්වරු ඇතුළු බැංකු නිලධාරීහු සහභාගී වූහ.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00