2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

eChannelling සමාගමට ISO 9001:2015 තත්ත්ව සහතිකය

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

eChannelling සමාගම සිය සේවා ප‍්‍රමිතිය ඉහළ නැංවීම සඳහා සහ සිය නිෂ්පාදන සහ සේවාවන්ගේ ස්ථාවර බව පවත්වා ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා ISO 9001:2015  සම්මානය  උසස් ශ්‍රේණියක් යටතේ සාර්ථකව දිනාගැනීමට සමත්විය. මෙම සම්මාන සහතිකය ලෝකයේ ඉතාමත් ජනප්‍රිය කළමනාකරණ ප‍්‍රමිති තත්වයක් වන අතර eChannelling සමාගම ස්ථාවර සේවා ප‍්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ වැඩිදියුණු කිරීම් නිවැරදි රාමුවක් තුළ සිදුකරන බව මෙයින් තහවුරු කර ඇත. ISO 9001:2015 තත්ව සහතිකය ලබාගැනීම තුළින් eChannelling සමාගම සිය ගනුදෙනුකරුවන් කෙරෙහි ඇති අවධානය, නායකත්වය, මහජන බැඳීම්, කාර්යාවලි ප‍්‍රවේශය, ප‍්‍රගතිය, සාක්‍ෂි මත පදනම් වූ තීරණ ගැනීම සහ සබඳතා කළමනාකරණය ඇතුළු ගුණාත්මක කළමනාකරණ අංශයන් කෙරෙහි ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගත වීම පැහැදිලිව පෙන්වා දී ඇත.

මෙම සහතිකකරණය මගින් අභ්‍යන්තර ව්‍යාපාරික ක්‍රියාවලියෙහි නිරන්තර වැඩිදියුණුව, සන්නාම ප‍්‍රතිරූපය නංවාලීම මෙන්ම ඉතා හිතවත් පාරිභෝගික පදනමක් ගොඩනගා ගැනීම අපේක්‍ෂා කරනු ලැබේ. මෙම සහතිකරණය දිනාගැනීම සඳහා කළමනාකාරිත්වය සහ කාර්යමණ්ඩලය වෙහෙස නොබලා කටයුතු කළ අතර සිය පාරිභෝගිකයින් සඳහා සේවා සැපයුම් වැඩිදියුණු කිරීමට සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමට එවැනිම ජවයකින් අඛණ්ඩව ඉදිරියට යනු ඇත.  

eChannelling පුද්ගලික සමාගම සීමාසහිත මොබිටෙල් පුද්ගලික සමාගමේ පූර්ණ හිමිකාරිත්වය සහිත සමාගමක් වන අතර එය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් චැනල් කිරීම සඳහා ඇති විශාලතම ජාලය වන්නේය. එමෙන්ම එය දිවයිනේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෘදුකාංග සම්පාදකයා සහ තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික සේවා සපයන්නාද වේ. eChannelling සමාගම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ පූර්ණ අන්තර්ජාලය පදනම් වූ එකම සේවා සපයන්නා මෙන්ම කොළඹ කොටස් වෙළඳපොළට ඇතුළත් වූ පළමු තාක්‍ෂණික සේවා සමාගමද වන්නේය.

අද වනවිට රුපියල් මිලියන 700කට අධික ආයෝජනයක් සහිත ආයතනයක් වන eChannelling සමාගම දිවයින පුරා රෝහල් 200කට සහ වෛද්‍යවරුන් 4,500කට අධික ජාලයක් සහිත සේවා සපයන්නෙකු බවට පත්ව ඇත. ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 ඇමතීමෙන්, ටෙලිකොම් ගෘහස්ථ දුරකථනයකින් 1225 ඇමතීමෙන් හෝ අන්තර්ජාලය හරහා සිය වෙබ් අඩවියට පිවිසීමෙන් දිවයින පුරා හඳුනාගත් ඕනෑම රෝහලක වෛද්‍යවරයෙකු චැනල් කිරීමේ පහසුකම ලබාගත හැකිය. 

පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා මෙම සේවාව දවසේ පැය 24 පුරාම සහ වසරේ දින 365 පුරාම සක‍්‍රියව ඇත.  පාරිභෝගිකයින්ට සිය ස්මාර්ට් ජංගම දුරකථන හරහා මෙම සේවය ලබාගැනීමට හැකිවන පරිදි ස්මාර්ට් දුරකථන සඳහා විශේෂ (App) හඳුන්වා දී ඇති අතර, ඔවුන්ට ඉතා පහසුවෙන් වෛද්‍යවරයෙකු චැනල් කර ගැනීම සඳහා තැපැල් කාර්යාල, ඔසුහල් සහ බැංකු එක්කර ගනිමින් සිය නියෝජිත ජාලයද පුළුල් කර ඇත. මේ හා සම්බන්ධ වැඩි විස්තර www.echanelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94 710225225 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00