2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය නව මානයකට ගෙන යයි

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ වසර 7 කට ආසන්න කාලයක් තිස්සේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනාගත් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම (People’s Insurance PLC) මෑතකදී සිය සන්නාමය නව මුහුණුවරකින් යුතුව නැවත හඳුන්වාදීමට කටයුතු කළේය. මහජන බැංකුව සහ පීපල්ස් ලීසිං ෆිනෑන්ස් සමාගම ඇතුළුව දිවයිනේ ශක්තිමත් සමාගම් රැසක පිටුබලය හිමි පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය වසර කිහිපය තුළ දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී ඇත. 

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී (මීට පෙර පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්) සමාගම 2010 වසරේදී ආරම්භ වූයේ මෝටර් රථවාහන රක්ෂණ සේවා ප‍්‍රමුඛව ජීවන විලාසිතා රක්ෂණ සහ ව්‍යාපාරික රක්ෂණ ඇතුළුව සාමාන්‍ය රක්ෂණ සේවාවන් පිරිනමන සමාගමක් වශයෙනි. ප‍්‍රථම වසරේදීම පැහැදිලි ප‍්‍රගතියක් පෙන්නුම් කරමින් රු. මිලියන 933ක ආදායමක් වාර්තා කිරීමට එම සමාගම සමත් විය. 2011 වසරේ ප‍්‍රථම කාර්තුව තුළදී රු. බිලියනයක වාර්ෂික වාරික ආදායමක් වාර්තා කරගනිමින් එම සන්ධිස්ථානයට ඉක්මනින්ම ළඟා වූ ජීවිත රක්ෂණ නොවන සමාගම බවට පත්වීමට පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමට හැකියාව ලැබීම විශේෂත්වයකි. එම වසර තුළදීම සමාගමේ මුළු වත්කම් ප‍්‍රමාණය රු. බිලියන 2.5 ක් ලෙස වාර්තා වූ අතර, ඉන් අනතුරුව එම සමාගමේ ආයෝජන එකතුව රු. බිලියන 5 ඉක්මවා වර්ධනය වීමත් සමග 2016 වසරේදී එම සමාගම පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී බවට පත්විය. 

මේ වනවිට සම්මාන හා ඇගයුම් රාශියකින් පිදුම් ලැබීමටද පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම සමත් වී තිබේ. 2013 වසරේදී ප‍්‍රකාශයට පත්කළ සිය ප‍්‍රථම වාර්ෂික වාර්තාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හිදී පැවති ‘LACP 2012 Vision’ සම්මාන උළෙලේදී ‘Industry Gold Award’ සහිඔ Top National Honours’ සම්මාන හිමිකර ගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි. එමෙන්ම ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය සංවිධානය කළ 2013 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී එම සමාගමට ‘රක්ෂණ සමාගම් අනුකූලතා සම්මානය’ (Insurance Companies Compliance Award) හිමි විය. 

(වසර 7 ක් ඇතුළත අපගේ සමාගම රටේ වඩාත්ම ලාභ ලබන රක්ෂණ සමාගම් අතරින් එකක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම පසුගිය වසර 5 ඇතුළත අඛණ්ඩව ප‍්‍රාරක්ෂණ ලාභ ලැබීමට අපට හැකියාව ලැබීමත් විශේෂත්වයක්. මහජන බැංකුව සහ පීපල්ස් ලීසිං ෆිනෑන්ස් සමාගම ඇතුළුව ශ‍්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සේවා සමාගම් ජාලයේ කොටසක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම ශ‍්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලයේ මාර්ගෝපදේශවලට අනුකූල ශක්තිමත් ජාත්‍යන්තර ප‍්‍රතිරක්ෂණ සමාගම් සමග අත්වැල් බැඳගෙන සිටිනවා. රාජ්‍ය අංශයේ ශක්තිය සහ පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව සමගින් අනාගතයේදී තවතවත් දියුණුව කරා යාමට අපට හැකියාව ලැබේවි.) පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති ජෙහාන් පී. අමරතුංග මහතා පැවසී ය. 

“රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ අපගේ දූරදර්ශී ප‍්‍රාරක්ෂණ කටයුතු සහ සේවා කාර්යක්ෂමතාව ඉතාමත් ප‍්‍රසිද්ධයි. 2016 වසරේදී ආයෝජන ප‍්‍රමාණය රු. බිලියන 5 ඉක්මවා යමින් රටේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානතම සාමාජිකයන් අතර එක්වීමට ලැබීම අප ලැබූ විශේෂ ජයග‍්‍රහණයක්. අසමසම ශක්තිය, ස්ථාවරත්වය හා තිරසාරත්වය නිසා රටේ විශ්වාසනීයම රක්ෂණ සමාගමක් ලෙස කීර්තියක් දිනාගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ සියල්ල සමගින් අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම අපගේ ඉලක්කයයි.” පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ප‍්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා පැවසී ය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00