2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ශ‍්‍රී ලංකාවේ වේගවත්ම බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය Mobitel

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

තම ඉතිහාසයේ තවත් සුවිශේෂි කඩඉමක් සනිටුහන් කරමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ලෙසට Mobitel පත්ව තිබේ. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් සිදුකළ නවතම වේග පරීක්‍ෂාවකින් පසු මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. වෙළඳපොළේ සිටින සෙසු විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන්ට (Speed Test) සාපේක්‍ෂව, වේගවත්ම හා සාමාන්‍ය වේගය අතින් Mobitel ඉහළතම ස්ථානයේ ශ්‍රේණිගතව සිටිනුයේ තම ජාලයේ ප‍්‍රබලත්වය මනාව නිරූපණය කරමිනි. Mobitel හිමි කරගත් මෙම සුවිශේෂි ස්ථානය යළි තහවුරු කර ඇත්තේ විවාදයකින් තොරවම රටේ වේගවත්ම ජාලය සහ රටේ ජනප‍්‍රියතම අන්තර්ජාල සේවා සපයන්නන් ඔවුන් බවය. 

විදුලි සංදේශන නියාමන කොමිසම සිදුකළ පරීක්ෂණයේ දී (Speed Test) Mobitel අන්තර්ජාල වේගය අතින් අනෙකුත් ජාල සේවාවන් අභිබවා මනාව සිය ආධිපත්‍යය පතුරවා තිබුණි. ජාතික විදුලි සංදේශන නියාමන කොමිසම මඟින් සිදුකළ මෙම ශ්‍රේණිගත කිරීම ඔස්සේ රටේ වේගවත්ම වේගය පිරිනමන්නා වූ අන්තර්ජාල සේවා සැපයුම්කරැවා කවුරුන්ද යන්න සංඛ්‍යාත්මක දත්ත ඇසුරින් දැනගැනීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබාදෙන ලදී. ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිසමේ වෙබ් අඩවිය වන www.trc.gov.lk (Speed Test) වෙත පිවිස මෙම ශ්‍රේණිගත කිරීමට අදාළ විස්තර දැකබලා ගත හැකිය. එම තත්ත්වය තුළ ඇතැමුන් විසින් පතුරුවන ව්‍යාජ ප‍්‍රචාර වලට නොරුවටී ශ‍්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස Mobitel හා විශ්වාසයෙන් යුතුව සම්බන්ධ වීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිව තිබේ. භාවිතා කරන්නන්හට සුපිරිතම අත්දැකීමක් Mobitel 4G LTE තාක්‍ෂණය තිළිණ කරනුයේ පුළුල් තිර වීඩියෝ, SLT, Saving ( Multi Media Online Gaming ) වන්හි බහුවිධ අන්තර්ජාල ක‍්‍රීඩාවන් හි ඉහළම ආස්වාදය විඳගැනීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබා දෙමිනි. X Station නමින් අන්තර්ජාලය හා සම්බන්ධ දෑ වෙනුවෙන් මධ්‍යස්ථානයක් පාරිභෝගිකයන් උදෙසා විවෘත කළ රටේ ප‍්‍රථම සේවා සපයන්නා වූ Mobitel තමන් පිරිනමන්නා වූ සුපිරි සම්බන්ධතාව ඔස්සේ එහිදී අති නවීනතම තාක්‍ෂණය අත්විඳීමේ අවස්ථාව සිය පාරිභෝගිකයන් වෙත ලබා දී ඇත.