2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

මහජන බැංකුව හිඟුරක්ගොඩ ශාඛාව නවීකරණය කර විවෘත කරයි

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ ජනතාවට වඩාත් පුළුල් බැංකු පහසුකම් ලබාදීමේ අරමුණින් නවීකරණය කළ මහජන බැංකුවේ හිඟුරක්ගොඩ ශාඛාව පසුගියදා විවෘත කෙරිණි.

අති නවීන තාක්ෂණයෙන් සහ සුවිශේෂී සේවාවන්ගෙන් සමන්විත මෙම ශාඛාව තුළින් සියලුම බැංකු කටයුතු මෙන්ම විවිධ ණය පහසුකම් හා උකස් සේවා සේවාවන් ඇතුළු දිවා රාත‍්‍රී ක්‍රියාත්මක ස්වයං බැංකුකරණ සේවාවන් ද සැලසේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) බොනිෆස් සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බැංකු සහය සේවා) මහින්ද ‍ප්‍රේමනාත්, පොළොන්නරුව ප‍්‍රාදේශිය කළමනාකාර ආර්.පී.ඩී.එස්. විජයකුමාර යන මහත්වරුද, හිඟුරක්ගොඩ ශාඛා කළමනාකාරිනී එම්.වී.කේ. ඉඹුල්දෙණිය මහත්මිය ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක්ද සහභාගි වූහ.