2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

සැම්සුන් ගැලැක්සි Note 8 විශේෂාංග රැසක් සමඟ ශ්‍රී ලංකාවේ

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති උත්කර්ශවත් උළෙලකදී සම්සුං ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ හැන්බේ පාර්ක්, සම්සුං ගැලැක්සි නෝට් 8 දියත් කිරීම සිදු කළේය. එම අවස්ථාවට සහභාගි වූ නයිජල් ඇඩම්ස් (සම්සුං ශ්‍රී ලංකා - මොබයිල් බිස්නස් ප්‍රධානී) සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන අධ්‍යක්ෂවරුන් වන රන්ජන් පෙරේරා, විනෝද තෝරදෙණිය, මනෝ මාරසිංහ, කුමාර් සමරසිංහ, මහේෂ් විජේවර්ධන, නසීර් මජීඩ්, කෙවින් චෑං සහ මලික් එඩ්වින් යන මහත්වරුද මෙහි වෙති.

සැම්සුන් ශ්‍රී ලංකා සමාගම විසින් නවතම සැම්සුන් Galaxy  Note 8 Smart  ජංගම දුරකථනය නොබෝදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම දුරකථනය නවතම තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විශේෂාංග රැසක් සමඟින් වෙළඳපළට ඉදිරිපත් කර ඇත.

සැම්සුන් ගැලැක්සි Note 8 ස්මාර්ට් ජංගම දුරකථනය එක අතකින් පහසුවෙන් හසුරුවාගත හැකි ලෙස නිර්මාණය වී තිබෙන පුළුල් තිරය මෙහි මූලික අංගයක් ලෙස සැලකෙන අතර Infinity Display  නැමති තාක්ෂණයෙන් නිමකර ඇත.

මීට අමතරව සන්නිවේදනය ඉතා පහසුවෙන් ක‍්‍රියාකිරීමට S Pen  වැනි නවීන අංගයන්ද මෙයට ඇතුළත් කර ඇත. මෙහි ඇති ද්විත්ව කැමරා මඟින් අති විශේෂ හා ඉතා පැහැදිලි ලෙස ඡායාරූප ලබාගැනීමට හැකිවේ. සැම්සුන් Galaxy Note 8 ජංගම දුරකථනය එම කාණ්ඩයේ දුරකථන සඳහා කැමැත්තක් දක්වන පාරිහෝගිකයන් හට නවතම තාක්ෂණය හරහා ආරක්ෂක අත්වැලක් Samsung knox හරහා ලබාදෙයි.

සැම්සුන් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක හන්බේ පාර්ක් මහතා මේ පිළිබඳව පවසා සිටියේ ශ්‍රී ලාංකික පාරිහෝගිකයන්ගේ නිර්මාණශීලීත්වය, ඔවුන්ගේ අදහස්වලට මෙන්ම ඵලදායිතාව සඳහා මෙය බෙහෙවින් උපකාරී වන බැවින් Galaxy Note 8 ස්මාර්ට් ජංගම දුරකථනය සඳහා ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බවයි. එමෙන්ම Galaxy Note 8 දුරකථනය හඳුන්වා දෙන තෙක් බලා සිටි පාරිහෝගිකයන්ටත් සැම්සුන් වෙළෙඳ නාමය ශ්‍රී ලංකාවේ අංක 1 වෙළෙඳ නාමයක් බවට පත්කළ ශ්‍රී ලංකා පාරිහෝගික සැමට සිය ස්තූතියද පළ කළේය. සැම්සුන් ශ්‍රී ලංකා සමාගමේ ජංගම දුරකථන අංශ ප‍්‍රධානී නයිජල් ඇඩම්ස් මහතා පවසා සිටියේ Galaxy Note 8 දැකුම්කලූ Infinity Display, වැඩිදියුණු කළ S Pen එමෙන්ම ද්විත්ව කැමරාව මඟින් පාරිහෝගිකයන්ට අවශ්‍ය සේවාවන් ඉතා පහසුවෙන් ලබාගත හැකි බවයි. අප සැමවිටම පාරිහෝගික අවශ්‍යතාවලට සවන් දෙන අතර නව්‍යතාවය හා තාක්ෂණය හරහා ඔවුන්ගේ අවශ්‍යතාවයන් පහසුවන ලෙස ලබා ගැනීමට හැකිවන පරිදි කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

සැම්සුන් Galaxy Note 8 ජංගම දුරකථනය පුළුල් තිරයකින් නිපදවා ඇත. එනම් 6.3 Quad HD + Super AMOLED තිරය මෙහි විශේෂත්වයක් වන අතර එය පහසුවෙන් නැරඹීමට, කියවීමට, ඇඳීමට උපකාරිවේ. මීට අමතරව Multi Window වැනි ඉහළ තාක්ෂණික මට්ටමකින් යුත් මෘදුකාංගද මෙහි ඇතුළත් වේ. Live Message මඟින් පණිවිඩ හුවමාරු කිරීමේ හැකියාව තියුණු කර ඇති අතර Always On Display මඟින් දුරකථනය Unlock නොකරම ලැබී තිබෙන සන්නිවේදනයක් දැකබලා ගැනීමට හැකිවේ. මීට අමතරව නවීන තාක්ෂණය මුල් කරගත් ගුණාංග රැසක් මෙම දුරකථනයේ ඇතුළත් වන අතර එය වතුරෙන් හා දුවිල්ලෙන්ද ආරක්ෂාවීමේ හැකියාවද සතු වේ. Bixby සේවාව නැමති සේවාව හා පහසුකම් රැසක් මෙම දුරකථනයේ ඇතුළත් කර ඇති අතර රැහන් නොමැති දුරකථන චාජරයක්ද (Wireless Charger) මේ සමඟ ලබාගත හැකිය.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00