2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

ලෝක ළමා දිනයට මහජන බැංකුවේ සිසු උදාන සහ ඉසුරු උදාන ගිණුම්වලින් තිළිණ රැසක්

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 838

ශ‍්‍රී ලාංකික ජනතාවට පනස් හය වසරක් පුරා බැංකු හා මූල්‍ය පහසුකම් සමීප කළ මහජන බැංකුව,  කුඩා බිළිඳාගේ  සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා විවිධ වයස් කාණ්ඩවලට ගැලපෙන ගිණුම් හඳුන්වාදුන්නේ  ගනුදෙනුකරුවන් වෙත ඉහළම බැංකු සේවාවන් ලබාදීමේ අරමුණනි. 

ඒ අතර වයස අවුරුදු 05 දක්වා සිඟිත්තන් වෙනුවෙන්  ඉසුරුඋදාන ගිණුමද, සිසු දරු දැරියන්ට ඉතිරි කිරීමේ සංකල්පය හුරු කිරීමේ අරමුණ ඇතිව සිසු උදාන ගිණුමද හඳුන්වා දුන්නේය. මෙරට අලුතින් ඉපදෙන සෑම බිළිඳෙකුටම මුදලක් තැන්පත් කර ඉසුරු උදාන ගිණුමක් ආරම්භ කරදීමට ද මහජන බැංකුව කටයුතු කරයි. අද වන විට ශ‍්‍රී ලංකාවේ වැඩිම දරු දැරියන් පිරිසක් ඉතුරුම් පවත්වාගෙන යන්නේ මහජන බැංකුව සමඟයි. ආරම්භයේ සිටම  මහජන බැංකුව මෙම ළමා ඉතුරුම් ගිණුම සඳහා ඉහළම පොලියක් මෙන්ම අධ්‍යාපන වටිනාකමක් සහිත තෑගි සහ ප‍්‍රතිලාභ රැසක් ලබාදීමට පියවර ගත්තේය. 

එමෙන්ම  ඔක්තෝබර් මස 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දින සැමරුම නිමිත්තෙන්   ඔක්තෝම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා ඉසුරු උදාන හා  සිසු උදාන  ඉතුරැම් ගිණුම්   වල මුදල් ඉතිරිකරන සියලුම දූ පුතුන්ට විශේෂ තෑගි රැසක් ලබාදීමට මහජන බැංකුව ශාඛා මට්ටමින් කටයුතු යොදා ඇත. 

එමෙන්ම දරු දැරියන්ගේ ජිවන හා අධ්‍යාපන කුසලතාවයන් වර්ධනය කිරිමේ අරමුණින් මෙම මාස තුනම පුරාම විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මහජන බැංකුව කටයුතු යොදා තිබේ. මේ පිළිබඳව විස්තර ළඟම පිහිටි මහජන බැංකුවෙන් විමසා ඒ සඳහා සම්බන්ධ විය හැකිය.

මීට අමතරව වසර පුරාම ඉසුරු උදාන ගිණුමක තැන්පත් කරන මුදල් ප‍්‍රමාණය අනුව ටෙඩි බෙයාර්ස්, පින්තූර පාට කරන පොත්, ළමා ගී පොත්, පැන්සල් පෙට්ටි, කෑම  පෙට්ටි, පාට පෙට්ටි,  බෑග්,  බිල්ඩින් බ්ලොක්ස් කට්ටල,  සෙල්ලම් පීරිසි කූට්ටම් කට්ටල,  රූප ප‍්‍රහේලිකා කට්ටල, කුඩ, පෙර පාසල් උපකරණ කට්ටල, දුරස්ථ පාලක මගින් ක්‍රියාකරන සෙල්ලම් කාර්, කතාකරන ඉලෙක්ට්‍රෝනික් බෝනික්කන්, ට‍්‍රයිසිකල්,  මෙලෝඩිකා සහ රු. 10,000/=ක් දක්වා වටිනා ඉසුරු උදාන තෑගි වවුචර් පිරිනැමේ. 

එමෙන්ම මහජන බැංකුවේ සිසුඋදාන ගිණුමක මුදල් තැන්පත් කරන සිසු දරු දැරියන්ට තැන්පත් කරන මුදල් ප‍්‍රමාණය අනුවද වටිනා තෑගි රැසක් පිරිනැමේ.  සිසු උදාන කැප්,  අභ්‍යාස පොත් කට්ටල, මේස ඔරලෝසු, පාසැල් බෑග්, කුඩ,  කෑම පෙට්ටි,  අත් ඔරලෝසු, වැහි කබා,  ශබ්ද කෝෂ, විශ්ව කෝෂ, කැල්කියුලේටර්, පෙන් ඩ‍්‍රයිව්,  මේස විදුලි පහන්,  අත් ඔරලෝසු, ගමන් මලු,  මෙලෝඩිකා,  බයිසිකල්,  හඬ පටිගත කිරීමේ යන්ත‍්‍ර,  විදුලි  ඕගන,  ගියර් සහිත බයිසිකල් සහ රුපියල්  10,000/= දක්වා වටිනා පීපල්ස් ගිෆ්ට් තෑගි වවුචර මෙසේ පිරිනමන ත්‍යාගයන් වේ. 

දිවයින පුරා පිහිටා ඇති 739 කට අධික  ඕනෑම මහජන බැංකු ශාඛාවකින්  ඔබේ දරුවා වෙනුවෙන් ඉසුරු උදාන සහ සිසු උදාන ගිණුමක් ආරම්භ කිරීමේ පහසුව සලසා දී තිබේ. 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00