2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

Sony වෙතින් SHAKE නිෂ්පාදන පෙළක් EXTRABASS ස්පීකර්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

SHAKE මාදිලියේ නිෂ්පාදන පෙළක් සහ EXTRABASS™ ස්පීකර් පෙළක් Sony international (Singapore) හඳුන්වා දෙයි. Sony නිෂ්පාදන මෙරට බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා වන සිංගර් ශ‍්‍රී ලකා විසින් මෙම උපාංග ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාව පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පවත්වනු ලැබීය.

SHAKE මාදිලියේ සහ EXTRABASS™ මාදිලියේ මෙම උපාංග ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා මෙන්ම නිවසේ පරිහරණය සඳහා ගැලපෙන නිෂ්පාදනයන්ය. රිද්මයානුකූල ආලෝක ධාරා සමග අධිබලැති සුපැහැදිලි ශබ්ද සහිත මෙම උපාංග ඉතා පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි නිෂ්පාදන වෙයි.නර්තන අවස්ථාවන්  වැනි අවස්ථාවන් සඳහා විශාල ප‍්‍රමාණයේ ශබ්ද පද්ධති ස්ථාපනය කිරීම වෙනුවට මෙම උපාංග මගින් අධිබලැති සුපැහැදිලි ශබ්ද ලබාගැනීමට හැකියාව ලැබේ.

මෙම උපාංග හඳුන්වා දීමේ අවස්ථාවට එක්වූ  Sony international (Singapore) හි ශ‍්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ශාඛා ප‍්‍රධානි ජස්ටින් වොන්ග් මහතා සඳහන් කළේ  වර්තමානය වන විට Sony ලොව ප‍්‍රමුඛතම සන්නාමයක්  බවට පත්ව ඇති බවයි. පාරිභෝගික විශ්වාසය දිනූ  Sony විසින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදන වන SHAKE මාදිලියේ සහ EXTRABASS™ මාදිලියේ ශබ්ද උපාංග සිය නිෂ්පාදන පෙළ අතරට එක්වන තවත් අනගිතම නිෂ්පාදනයන් බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම නව නිෂ්පාදන කෙරෙහි ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් හිමිවන බවද, විශේෂයෙන් ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයා විමසුම් ඇසක් සහිත පාරිභෝගිකයෙකු වන බැවින් ඔවුන් ඉතා ඉක්මනින් මෙම නිෂ්පාදන වෙත ආකර්ෂණය වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

EXTRABASS™ වයර් රහිත ස්පීකර් මාදිලිය SRS-XB10, SRS-XB20, SRS-XB30 සහ SRS-XB40 ආදී නිපැයුම් පෙළකින් සමන්විත වෙයි.  ඕනෑම ස්ථානයක සහ අවස්ථාවක  ක‍්‍රියාත්මක කරවිය හැකි වීම  මෙම ස්පීකර් මාදිලිය සතු විශේෂත්වයකි. එම අධිබලැති සුපැහැදිලි ශබ්ද පද්ධතින් අනුවම ක‍්‍රියාකරන රිද්මයානුකූල ආලෝකධාරා මගින් උපරිම රසවින්දනයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි. ඉතා පහසුවෙන් පරිහරණය කළ හැකි  පහසුකම් සහිතය.