2017 ජුලි 15 වන සෙනසුරාදා

Free Internet Expert සේවාව සමඟ Mobitel අන්තර්ජාල පහසුකම ඔබේ දොරකඩට

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන Mobitel සමාගම “Internet Expert” නමින් සුවිශේෂි සේවාවක් හඳුන්වා දෙයි. Mobitel 4G Wi-fi රවුටර් සමඟ පසුගෙවීම් අන්තර්ජාල පැකේජ, පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගෙනවිත් දීම වෙනුවෙන් මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.  “Internet Expert” දොරකඩටම රැගෙන ඒමේ සේවාව ගෙන එනුයේ ඔබේ 4G අන්තර්ජාල සබඳතාව පමණක් නොවේ. එය රවුටරය සහ සම්බන්ධතාව සකස් කර ගැනීමට ඔබට අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබා දීම ද සිදු කරනු ලබයි. තම පාරිභෝගික අවශ්‍යතාවයන් අනුව විසඳුම් සැපයීමට Mobitel සමාගම පසු ගෙවුම් අන්තර්ජාල පැකේජ රැසක් හඳුන්වා දී ඇති අතර, එහිදී තමන් කැමති පැකේජය තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිව ඇති අතර, තෝරාගත් පසු ගෙවුම් අන්තර්ජාල පැකේජය මත පදනම්ව නොමිලයේ 4G Wi-fi  රවුටරය තම අභිමතය මත තෝරා ගැනීමෙ හැකියාවද ඔවුනට ලැබී තිබේ. 

සංවේදී ජංගම දුරකථන ජාලයක් ලෙස Mobitel මෙම නව සේවාව හඳුන්වා දී ඇති අතර Mobitel 4G ‍වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය  ඕනෑම කෙනෙකු දැන් කළ යුත්තේ Mobitel හි 1717 යන ක්‍ෂණික දුරකථන අංකයට ඇමතුමක් දී වෙන්කරවා ගැනීමක් සිදු කිරීම පමණි. අනතුරුව “Internet Expert” පාරිභෝගිකයා විසින් ලබා දෙන ලද ලිපිනයට රවුටරය හා පැකේජය රැගෙන පැමිණෙනු ඇත. 

පාරිභෝගිකයින් විමසන  ඕනෑම අන්තර්ජාලය හා සම්බන්ධ ගැටලුවලට “Internet Expert” විසින් පිළිතුරැ ලබා දෙන අතර රවුටරයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමද ඔහු විසින් සිදු කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය දැනුමෙන් ඔවුන් උපරිමයට සන්නද්ධ වී සිටිනුයේ තාක්‍ෂණික අංශ පිළිබඳ විශේෂඥතාවක් සහිතවය. ගැටලුවක් මතු වූ විට තම නිවසේ සිටම පහසුවෙන් එය යළි සකස්කර ගැනීමේ හැකියාව මෙය ගනුදෙනුකරුවාට ලබාදෙයි. Mobitel සමාගම අලෙවි කරන විවිධ මාදිලි තුනක 4G Wi-fi රවුටර් සඳහා මෙම සේවාව පිරිනමනු ලබයි. එසේ පිරිනමා ඇති 4G Wi-fi  රවුටර් අතර, ගමන් කරන අතරතුර දී භාවිත කළ හැකි Huawei E8372 H Wi-fi  වින්ගලය ද ඇතුළත් වේ. ඩොංගලයක් වන එය Wi-fi රවුටරයක් ද වෙයි. තනිව භාවිතා කළ හැකි Huawei E 5573 නැමැති බැටරි බලයෙන් ක‍්‍රියාත්මක Wi-fi රවුටරය ද මෙම සේවාවට ඇතුළත් විය. මීට අයත් අනෙක් රවුටර් වර්ගය වනුයේ මේසය මත තැබිය හැකි රවුටරයක් වන B 310 S Wi-fi  රවුටරය වන අතර, එය ඔබේ නිවසට මෙන්ම කාර්යාල පරිශ‍්‍රයට ද සම්බන්ධතාවය සපයනු ලබයි. 

මෙම සේවාව භුක්ති විඳීම සඳහා ඔබ කළ යුත්තේ Mobitel හි ක්‍ෂණික දුරකථන අංකය වන 1717 ට ඇමතුමක් ලබා දී ඔබට පහසු වේලාවක “Internet Expert” ට ඔබේ නිවසට පැමිණෙන ලෙස ඉල්ලීමක් කිරීම පමණි.