2017 මැයි 06 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් හොලිඩේස් ගෝලීය විනෝද සංචාර අසිරිය සමගින් අනුරාධපුරයට

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

ශ්‍රීලංකන්  ගුවන්  සමාගමේ  විනෝද සංචාරක  අංශය  වන ශ්‍රීලංකන් හොලිඩේස් විසින්  පසුගියදා අනුරාධපුර  නගරයේ ප්‍රවර්ධන  කටයුතු රාශියක් සිදුකරමින්  ආසියාව, මැද පෙරදිග සහ යුරෝපය වෙත  සිදුකරන  සිය  ගුවන් ගමන් පිළිබඳව  ප්‍රජාව  දැනුම්වත් කරන ලදී. 

ගුවන්  සමාගමේ  ශ්‍රීලංකන්  හොලිඩේස් අංශය විසින් (www.srilankanholidays.com) ලබාදෙන  විවිධ  සේවා සහ  නිෂ්පාදන  පිළිබඳ  රට පුරා  දැනුම්වත් කිරිමේ  ප්‍රවර්ධන  කටයුතු මහනුවර, ගාල්ල, කුරුණෑගල සහ ත්‍රිකුණාමලයේ දී පවත්වනු  ලැබීය. 

සියයකට අධික පුද්ගලයන් රැසක් ඇතුළු ශ්‍රීලංකන් හොලිඩේස් පාරිභෝගිකයන් රැසක් අනුරාධපුර ශ්‍රීලංකන් නිෂ්පාදන දැනුම්වත් කිරීමේ ප්‍රවර්ධන  වැඩසටහන සඳහා සහභාගී වූහ. එමගින්  ශ්‍රීලංකන් හොලිඩේස්  සහ විවිධ ගමනාන්ත සඳහා විනෝද පැකේජ ප්‍රවර්ධනය  කිරීම සඳහා  ඉදිරිපත්කිරීම්  සිදුකිරීමටද කටයුතු  කරන ලදී. රට රටවල් පුරා සංචාරය කිරීමට කැමැති පිරිස් සඳහා ශ්‍රීලංකන්  හොලිඩේස් සංචාරක වෘත්තිකයන් මගින් හොලිඩේ පැකේජ, අත්පත්‍රිකා බෙදාදෙමින්  ආසන වෙන්කරවා ගැනීම, ප්‍රජාව දැනුම්වත් කිරීම යනාදි ක්‍රියාකාරකම් රුසක් පවත්වනු ලැබීය. මීට සමගාමීව පසුගිය මාර්තු මස 31 වැනිදා ගෝල්ඩන් මැංගෝ රිසෝට් හි (Golden Mango Resort) ප්‍රිය සම්භාෂණයක් ද පවත්වනු ලැබීය. 

ජාතික ගුවන් සේවයේ  ගෝලීය  ගුවන්  ගමන්  ජාලයේ  බොහෝ ගමනාන්ත වෙත ශ්‍රීලංකන්  හොලිඩේස් පැකේජ ලබාදෙන අතර එම පැකේජ සඳහා හෝටල්  නවාතැන් පහසුකම් සහ උදෑසන ආහාර ඇතුළත් වේ. මෙම රටවල් සඳහා සංචාර පහසුකම් සපයමින් විවිධ දේශීය සංචාර මෙහෙයවන්නන්, හෝටල් සහ සංචාරක ආයතන හා එක්ව මෙම පැකේජ පහසුකම් ශ්‍රීලංකන් හොලිඩේස් මගින් ලබාදෙනු ලැබේ.  

ශ්‍රීලංකන් හොලිඩේස් මගින් විනෝද ගුවන් සංචාරවලට අමතරව වන්දනා චාරිකා  ඇතුළු ව්‍යාපාර සංචාර සඳහා (MICE) එනම් සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සඳහාද  අභියෝග සංචාර සඳහාද පහසුකම්  සපයනු ලබයි. 

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සම්මානනීය සේවාවන් ඔස්සේ සුවපහසුවල නවීන අභ්‍යන්තර ගුවන් සේවා විනෝදාස්වාදක පද්ධතිය ඇතුළු ප්‍රණීත ආහාරපාන සමගින්  හොලිඩේස්  ගමනාන්ත  වෙත  පියාසර කිරීමට  ගුවන් මගීන්ට හැකියාව ලැබේ. ගුවන් සමාගමේ නවතම A330-300 ගුවන් යානා ඇණිය සහ A320neo ගුවන් යානා ගුවන් මගීන්ට වඩාත් සුවපහසු ගුවන් ගමනක අත්දැකීම ලබාදේ.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00