2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ඕස්ට්‍රේලියාවේ ට්‍රෝබ් ව්‍යාපාරික පාසලට නව බඳවා ගැනීම

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 69

ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් කලාපීය සිසුන්ගේ පවතින ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල පෙබරවාරි සහ ජුලි මාසවල අර්ධ වාර්ෂිකවලට අමතරව මේ වසරේ නොවැම්බර් මාසයේදී සිය ව්‍යාපාරික පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිය සිදු කරන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය. ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල මීට වසර කිහිපයකට පෙර සිය පශ්චාද් උපාධි පාඨමාලාව සඳහා තෙවන අර්ධ වර්ෂයක් ද හඳුන්වා දුන් අතර එය ශ්‍රී ලාංකික සිසුන් අතර අතිශය ජනප්‍රිය විය. ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් සහ රැකියා වෙළඳපොළේ නවත ම ප්‍රවණතාවලට අනුකූලවන ලෙස නව උපාධි වැඩසටහන් හඳුන්වා දී තිබීම ද විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසලේ විශේෂඥ දැනුමින් සහ නවීනතම තාක්ෂණයෙන් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවනු ඇත යනුවෙන් මහාචාර්ය පෝල් මේතර් මහතා සඳහන් කළේය. ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල වෘත්තීය ගණකාධිකරණ විද්‍යාපති උපාධිය (CPA ඕස්ට්‍රේලියා විස්තාරය), වෘත්තීය ගණකාධිකරණ විද්‍යාපති (ව්‍යාපාරික විශ්ලේෂී) සහ කළමනාකරණ/ව්‍යාපාර ශාස්ත්‍රපති උපාධි දේශීය සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට ඔබින පරිදි පිරිනමයි.