2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

Nova 5T ආකර්ෂණීය Crush Green වර්ණයෙන් වෙළෙඳපොළට

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 200

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයන් වන Huawei විසින් Huawei Nova5T මාදිලියේ ස්මාර්ට් දුරකථන සඳහා පරිශීලක සිත් ඇඳ බැඳ ගන්නා සුළු Crush Green වර්ණය හඳුන්වා දී ඇත. මෑතකදී වෙඳෙපොළට හඳුන්වා දුන් Nova 5T, Midsummer Purple සහ Black වර්ණයන්ගෙන් ද වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන අතර ඒ සඳහා විශාල පාරිභෝගික කැමැත්තක් සහ ආකර්ෂණයක් පවතී.

දිනෙන් දින වෙනස් වන ජංගම දුරකථන තාක්ෂණය හා බැඳුණු නව ප්‍රවණතාවයන් රැසක් Nova 5T සඳහා එක් කර ඇති අතර, පසුපස කවරයේ දැකිය හැකි 3D ඩිසයිනින් එක සුවිශේෂී වේ. මේ තුළින් ඉතා අලංකාර ස්මාර්ට් දුරකතනයක අත්දැකීම විඳගැනීමට පරිශීලකයාට අවස්ථාව හිමි වේ.

8GB of RAM සහ 128GB මතක ධාරිතාවයක් ඇති Nova 5T, 3,750mAh බැටරියකින්  සහ  22.5W Huawei Supercharge පහසුකමින් යුක්ත වේ. මේ තුළින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  50% සිය Nova 5T දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 5T තුළින් ලැබේ. 

පැහැදිලි හා සමීප දසුන් ඡායාරූප ගත කිරීමටත්, ඉතා පුළුල් ආකාරයෙන් ඡායාරූප ලබා ගැනීමටත් Huawei Nova 5T හි 48MP ප්‍රධාන කාච, 16MP ultra wide-angle, 2MP macro, සහ 2MP bokeh lens සතු Rear කැමරා 4 උපකාරී වේ. දුරකතනයේ ඉදිරිපස සෙල්ෆි කැමරාව එහි Full View Screen මත පිහිටා ඇති අතර එය 32MP f/2.0 කාචයෙන් යුක්තය. AI තාක්ෂණයෙන් බල ගැන්වුණු කැමරාව නිසා අඩු ආලෝක තත්ත්වයකදී වුවත් පැහැදිලි ඡායාරෑප ලබා ගැනීමේ හැකියාවත්, blur-free වීඩියෝ ගැනීම පහසු කරයි.

තවද දුරකථනය භාවිතා කරන්නන්ට සෙන්ටිමීටර් 4ක් තරම් සමීපව වස්තුන් focus කිරීමට එහි macro කාචය තුළින් හැකියාව ලැබේ. 48 MP ප්‍රධාන පිටුපස කැමරාව Sony ½-inch CMOS සෙන්සරයෙන් යුක්තව ඇති නිසා මෙම දුරකථනය අතිශයින් වෘත්තීමය ඡායාරූප උපාංගයක් ලෙස ද භාවිතා කළ හැක. මීට අමතරව, Huawei 5T හි ඇති ISO sensitivity ප්‍රමුඛ පෙළේ වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක් විදහා පාන අතර Huawei Nova 5Tහි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Color මඟින් ඡායාරූපවලට සිනමාත්මක ස්වරූපයක් ලබා දෙයි.

මෙම දුරකතනයේ කැමරාවේ ඇති ඉහළ ගුණාත්මකභාවය නිසා vlogger-worthy විඩීයෝ නිර්මාණය කිරීමට බොහෝ දෙනා පෙළඹෙනු ඇත. මෙම දුරකතනයේ ඇති EMUI 9.1 පෙරළිකාර අත්දැකීමක් පාරිභෝගිකයාට නිසැකයෙන්ම ගෙන දේ.

රුපියල් 69,999.00 සුවිශේෂී මිලකට Crush Green වර්ණයෙන් එන Huawei Nova 5T, දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස් සහ දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වෙතින් මිලදී ගත හැකි වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00