2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

ටයිකොණ්ඩෝ රන් පදක්කම්ලාභී රනුක ප‍්‍රභාත්ට පීපල්ස් ලීසිං සමාගම් උපහාර.

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

ශ්‍රි ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ වෙන්නප්පුව ශාඛාවේ, කාර්ය මණ්ඩල සාමාජිකයකු වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙහි ටයිකොණ්ඩෝ රන් පදක්කම්ලාභී එම්.පී.ඩී. රනුක ප‍්‍රභාත් මහතාට පීපල්ස් ලීසිං සමාගමේ උපහාර පිදීමේ උත්සවයක් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ. පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලයෙහි සහභාගීත්වයෙන් සිදු කෙරැණු එම උපහාර පිදීමේ උත්සවයේදී රන් පදක්කම්ලාභී රනුක ප‍්‍රභාත් මහතාට පීපල්ස් ලීසිං සමාගමේ උපහාරය සමඟින් මුදල් පරිත්‍යාගයක් ද සිදු කෙරුණි. 

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට  ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රනුක ප‍්‍රභාත් වයස අවු. 23න් පහළ ටයිකොණ්ඩෝ පුම්සේ පිරිමි කේවල ඉසව්වෙන් රන් පදක්කමත්, පුම්සේ යුගල ඉසව්වෙන් රන් පදක්කම හා පුම්සේ කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කමද දිනාගැනීමට සමත්වූ අතර, එය ටයිකොණ්ඩෝ පුම්සේ තරග ඉසව් සඳහා ශ‍්‍රී ලංකාව රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. එමෙන්ම මෙවර දකුණු ආසියානු ක්‍රීඩා  උළෙලෙහි ශ‍්‍රී ලංකාව හිමිකරගත් පළමු රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.

දකුණු ආසියානූ ක්‍රීඩා  උළෙලෙහි ටයිකොණ්ඩෝ රන් පදක්කම්ලාභී එම්.පී.ඩී. රනුක ප‍්‍රභාත් මහතාට උපහාර පිදීමේ උත්සවය අමතමින් පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා විසඳුම් සපයන සමාගම් පුරවැසියකු ලෙස පීපල්ස් ලීසිං සමාගම තරගකාරී සමාගම් අතරේ නිරන්තරයෙන්ම සම්මානයට පාත‍්‍ර වෙන සමාගමක් නමුත් රනුක ප‍්‍රභාත් මහතා ශ‍්‍රී ලංකාවට ගෞරවයක් ලබාදෙමින් ලබාගත් සාෆ් රන් පදක්කම අප සමාගමට සුවිශේෂයි. මෙවන් ජාත්‍යන්තර කීර්තිමත් ක්‍රීඩකයකු පීපල්ස් ලීසිං සෙවනෙහි සිටීම අප සමාගමට සාඩම්බරයක්. මෙවැනි උපහාර පිදීමේ උත්සවයක් සංවිධානය කර ඔහු අප රටට කළ මෙහෙවර ඇගයුමට ලක්කරන්නා සේම ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍යය තවත් ඔප් නංවාගැනීමට සමාගම පැත්තෙන් සැපයිය හැකි සෑම පහසුකමක්ම සැපයීමට අප නිරන්තරයෙන්ම ඉදිරිපත් වනවා. එමෙන්ම  ඔහුගේ හැකියාවෙන් ශ‍්‍රී ලංකාවට තව තවත් කිර්තිය ලබාගැනීමට හැකි වේවායි ප‍්‍රාර්ථනා කරනවා’ යන්නය.
ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව AA- (lka) හා ෆිච් රේටිංස් ඉන්ටර්නැෂනල් අනුව ඊ- ලෙස ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය.