2020 ජනවාරි 25 වන සෙනසුරාදා

මොබිටෙල් සහ CareerMe සිසුන්, ගුරුවරුන් හා දෙමාපියන්ට අතදෙයි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

ශ‍්‍රී ලාංකික සමාජය තොරතුරු සන්නිවේදන තාක්ෂණ දැනුවත්භාවයෙන් පොහොසත් කිරීමේ දැක්ම පෙරදැරිව කටයුතු කරන, ජාතික ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන මොබිටෙල් සමාගම සහ CareerMe අතර සුවිශේෂී සහයෝගීතාවයකට එළඹීම පසුගියදා සිදුවිය. CareerMe යනු නවීන වෘත්තීය මාර්ගෝපදේශන යෙදවුමක් app සහ අන්තර්ජාල වේදිකාවකි.  ඕස්ටේ‍්‍රලියානු තොරතුරැ තාක්ෂණ සමාගමක් සමග සහයෝගීතාවයෙන් දේශීය සමාගමක් විසින් නිර්මාණය කර තිබෙන CareerMe යෙදවුම, සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ විවිධ ක්ෂේත‍්‍රයන්හි වෘත්තිකයින් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනයන් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙයි. 

CareerMe යෙදවුම වෘත්තීය මාර්ගෝපදේශනයන් නොමිලේම ලබාදෙන ශ‍්‍රී ලංකාවේ එවැනි ආකාරයේ ප‍්‍රථම ජංගම යෙදවුම වන අතර, තමන්ට ගැලපෙන වෘත්තීය හා අධ්‍යාපනික මාර්ගය කුමක්දැයි තෝරාගැනීමට අවස්ථාව ලබා දෙයි. CareerMe සහ තවත් බොහෝ නව්‍යකරණ ව්‍යාපාර ඇරඹුම් සඳහා තාක්ෂණික සහකරැ වශයෙන් සහයෝගය ලබාදෙන මොබිටෙල්, සාර්ථක ව්‍යවසායන් සේ ඉදිරියට යෑමට ඒවාට අවශ්‍ය සන්නිවේදන තාක්ෂණ පහසුකම් සලසයි. 2019 අගෝස්තු මාසයේදී හඳුන්වා දුන් CareerMe යෙදවුම ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ විශාල සාර්ථකත්වයකට හිමිකම් කීමට සමත්ව සිටී. CareerMe යෙදවුම ශ‍්‍රී ලංකා තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය e-Swabhimani Digital Social Impact Awards 2018 සම්මාන උළෙලේදී zLearning and EducationZ අංශයෙන් සම්මානයට පාත‍්‍ර වූයේය. CareerMe සහ මොබිටෙල් අතර ගොඩනගාගත් මෙම සහයෝගීතාවය නිසා සිසුන්ට නිවැරදි මගපෙන්වීමක් සිදුවන අතර, ඔවුන්ගේ අරමුණු වෙත සාර්ථකව ළඟාවෙමින් රටට වටිනා පුරවැසියන් වීමේ අවස්ථාවද ලැබෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා &ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරැ වශයෙන් මොබිටෙල් සමාගම ජනතාවගේ ජීවිත සංවර්ධනය කිරීමේ හැකියාව ඇති ජාතික වැදගත්කමක් සහිත ව්‍යාපාරික අදහස් සාර්ථකත්වය වෙත රුගෙන යෑමට අවශ්‍ය තාක්ෂණික පසුබිම නිර්මාණය කරනවා. IOT සහ IIOT වැනි නව්‍ය තාක්ෂණයන් ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරවීමට මොබිටෙල් සමාගම සක‍්‍රිය දායකත්වයක් ලබාදෙනවා වගේම එවැනි දියුණු තාක්ෂණයන්හි ප‍්‍රතිලාභ මෙරටට ලබාදීමට අවශ්‍ය ආයෝජනයන් සිදුකරනවා. ග‍්‍රාමීය හා නාගරික බේදයකින් තොරව ඵලදායීතාවය හා ප‍්‍රති නිර්මාණ කටයුතු ඉහළ නංවන ව්‍යාපාරික විසඳුම් සඳහා ප‍්‍රවේශවීමට අවශ්‍ය සවිබලය අපි ජනතාවට ලබාදෙනවා. නව්‍යකරණ ව්‍යවසායන් බොහෝමයක් සමග අප සහයෝගීතාවයන්ට එළඹ තිබෙන අතර, ඔවුන්ගේ නව අදහස් හා සංකල්ප සාර්ථකත්වය වෙත ගෙනයෑමේ මාර්ගය සකස්කරන්නට කැපවී සිටිනවා. එම නව්‍යකරණ ව්‍යවසායන් වර්ධනයවීම හා ව්‍යාප්ත වීම ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බව අපි විශ්වාස කරනවා. යනුවෙන් පවසා සිටියේය.

CareerMe උපදේශන සහයෝගය සමගින් රටේ අනාගත පරපුර වෘත්තීය මාර්ගෝපදේශනයෙන් සවිබලගැන්වෙනු ඇති අතර, වෘත්තීයත්වයෙන් යුත් තරුණ පරපුරක බිහිවීම සමස්ත වශයෙන් රටේ ඉදිරි අනාගතය සාර්ථක කරවීමට ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කරනු ඇත.