2020 ජනවාරි 18 වන සෙනසුරාදා

මොබිටෙල් කෑෂ් බොනැන්සා සීසන් 5 ඇරුඹෙයි

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රියතම සහ සුපිරි ත්‍යාග ප‍්‍රදානය කරන දිනුම් ඇදීමේ වැඩසටහන වන මොබිටෙල් කෑෂ් බොනැන්සා, නොකඩවා පස්වැනි වරට සිය වැඩසටහන දියත් කළ අතර 2020 වසරටත් වාසනාවන්තයන් සොයා යාමේ සිය ජයග‍්‍රාහී ගමන ආරම්භ කළේය. අති සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් රථයක් සහ අති විශාල මුදල් ත්‍යාග ප‍්‍රදානය කිරීම නිසා වසර ගණනාවක් මුළුල්ලේ පාරිභෝගිකයන් සියලු දෙනාම වඩාත් අපේක්ෂාවෙන් සිටින ත්‍යාග ප‍්‍රදාන උළෙල මොබිටෙල් කෑෂ් බොනැන්සා බවට පත්වී තිබේ. 2019 වසරේ දී දහස් ගණනක් වූ සිය පාරිභෝගිකයන්ට අති විශාල ත්‍යාග සම්භාරයක් ප‍්‍රදානයක කරමින් ද සැමදෙනාම කතා කරන මාතෘකාවක් වෙමින් ද අති සාර්ථකව මෙහෙයවූ මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන් මාලාව සැණකෙළියකින් නොනැවතී විවිධ සමාජ සත්කාර කාර්යයන්ට ද දායකත්වය ලබාදුන්නේය. එම වැඩසටහන් මාලාව ආරම්භ කළ දා පටන් අද වනවිට අති සුඛෝපභෝගී වාහන 32ක් සහ මිලියන ගණනක මුදල් ත්‍යාග සම්භාරයක් පාරිභෝගිකයන් අතර බෙදා දී තිබේ. ශ‍්‍රී ලංකාව පුරා විවිධ නගරවල රුසක සැණකෙළියක සිරි උසුලමින් සංවිධානය කරන මෙම වැඩසටහන හුදු විනෝදාස්වාදයට පමණක් සීමා නොවී සිය පාරිභෝගික ජනතාවට මුදල් ත්‍යාග මෙන්ම විවිධ සේවාවන් ලබාදෙමින් එම ප‍්‍රදේශවල ජනතාවට අසමසම අත්දැකීමක් ලබාදෙයි.

‘Changing Lives’ තේමාව යටතේ මේ වසරේදී ද මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළියෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට නොයෙක් කාර්යයන් සිදුකළේය. මෙම සැණකෙළිය පවත්වන ප‍්‍රදේශයේ විනෝදාස්වාදයේ, සහය සේවාවන්ගේ, පහසුකම් සහ එකමුතුකමේ කේන්ද්‍රය වෙමින් මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන සමස්ත ශ‍්‍රී ලංකාව පුරා විවිධ නගර සහ ගම්දනව් ආවරණය කරමින් සිය සේවාවන් ජනතාවට සමීප කරයි. විනෝදාස්වාදය පිරුණු ක‍්‍රියාකාරකම් හරහා මුළු පවුලටම එකට අත්විඳිය හැකි අමතක නොවන අත්දැකීමක් ලබාදීමෙන් නොනැවතී සමාජ වගකීම් ඉටුකරන වැඩසටහන් ද මෙහි සංවිධානය කර තිබේ. ඔවුන්ගේ උපහාර සමාජ වගකීම් මූලිකත්ව වැඩසටහන් හරහා කණ්ණාඩි අවශ්‍ය වැඩිහිටි පුද්ගලයන්ට නොමිලේ ඇස්කණ්ණාඩි සහ නොමිලේ සෞඛ්‍ය/අක්ෂි සායන මෙහෙයවීම මගින් දිවයින පුරා මෙම වැඩසටහන පවත්වන ඕනෑම ප‍්‍රදේශයක් අවට සිටින ජනතාවට ඉහළ සේවාවක් සහතික කිරීම මොබිටෙල් කෑෂ් බොනැන්සා මඟින් ඉටුකරයි. එසේම වැඩිදුරටත් අපේ පරිසරය රුකගැනීම වෙනුවෙන් කැපවෙන ඔවුන් ‘ඔබ සමඟයි සැමදා’ යන උදෘත පාඨය සැබෑවක් කරමින් සැණකෙළි භූමිය තුළ ඊ-කසළ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ක‍්‍රියා කරයි. අපරික්ෂාකාරී ලෙස ඊ-කසළ පරිසරයට මුදාහැරීම අවම කිරීමට සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් අපේ පරිසරයට වන හානිය අවම කරගෙන එය වඩාත් හොඳින් ආරක්ෂාකර ගැනීම මොබිටෙල්හි අරමුණ වේ.

මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහනේ ඉහළ ජනප‍්‍රියතාව, පුළුල් පැතිරීම සහ ධනාත්මක බලපෑම සළකමින් ඉදිරි නව දශකයට අවතීර්ණ වන සමස්ත ශ‍්‍රී ලංකාවටම සහ ඔවුන්ගේ ආදරණීය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ‘Changing Lives’ තේමාව යටතේ සුවිශේෂී සේවා රාශියක් සමඟ එම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට මොබිටෙල් අරමුණු කරගෙන තිබේ. ජයග‍්‍රහකයන්ව තැපැල් මගින් සම්බන්ධකර ගැනීම සහ මොබිටෙල් පාරිභෝගික සේවා අංකය වන 0172755777 අංකයෙන් සම්බන්ධ කරගැනීම සිදුවන අතර ජයග‍්‍රහණය කළ  ඕනෑම ත්‍යාගයක් ලබාදීම සඳහා කිසිදු අයකිරීමක් ලබා නොගනී.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00