2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් සම්මානලාභී වසරක නිමාව සනිටුහන් කරයි

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන් හි සාර්ථකත්වය විදහා දක්වමින් ගෝලීය සම්මාන හතක් සමඟින් 2019 වසර අවසන් කරයි. ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රචලිත කරලමින් තානාපති කාර්යභාරයක් සේ සිය වගකීමක නොපිරිහෙලා ඉටුකරන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සන්නිවේදන කාර්යභාරය මහජනතාවගේ සහ ගුවන් මගීන්ගේ ඉහළ පිළිගැනීමකට ලක්ව තිබේ. ලොව පුරා ප්‍රධාන සංචාරක හා ව්‍යාපාර සම්මාන උත්සවවලදී ශ්‍රීලංකන් ගුවන් සේවය, සන්නිවේදන විශේෂඥයින් සහ ජූරි සභිකයන් ගේ ඉතා විශිෂ්ට පිළිගැනීමට ලක්විය.

මේ වසර ආරම්භයේදී, ශ්‍රීලංකන් ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වනු ලැබූ ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවිය. එහිදී ගුවන් සමාගමේ අලෙවි සන්නිවේදන ප්‍රයන්තයන්හි නව්‍යකරණය සහ ගෝලීය ආකර්ෂණීය බව යළිත් වරක්  විදහා දක්වමින් සම්මාන ත්‍රිත්වයකින් ගුවන් සේවය පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල සඳහා රටවල් 32කට අධික සංඛ්‍යාවක් වෙතින්  සිදුකළ ඉදිරිපත් කිරීම් 148ක්  විනිශ්චයට ලක්විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉලක්ක කර ගනිමින් සිදුකළ  ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා first star සම්මානයක් මෙම සම්මාන උළෙලේදී හිමි විය. එහිදී Airlines- corporate කාණ්ඩයේ පළමු තරු සම්මානය, ඉන්දියාව වෙත සිදුකළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා රෑපවාහිනී සිනමා කාණ්ඩය යටතේ තවත් first star සම්මානයකින් සහ මෙල්බර්න් මැරතන් තරඟයට අදාළ වීඩියෝව සඳහා 2018 සඳහා &තෙවන තරැ” සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය හැකියාව ලැබිණි. මේ අනුව මෙම සම්මාන ප්‍රදානයේදී ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව තුන්වැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබූ අතර අඛණ්ඩව දෙවැනි වරටත් සම්මාන තුනක් දිනාගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇතිකළ පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව, ශ්‍රීලංකන් ගුවන් සේවය වෙසක් දිනයට සමගාමීව  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විශේෂ සංස්කෘතික උළෙලක් දියත් කරන ලදී. සංචාරකයින්ගේ පැමිණීම අඛණ්ඩව අඩුවෙමින් පවතින අවස්ථාවක රටේ ආරක්ෂාව යළි ස්ථාපිත කර ඇති බව එමගින් ලොවටම කියා පෑමටත්, විශාල ලෙස සංචාරක ආකර්ෂණය දිනා ගැනීමටත් එහිදී අවස්ථාව උදාවිය.

ශ්‍රීලංකන්  ගුවන් සේවය ශක්තිමත් ගෝලීය හඬක් ඇති ශ්‍රී ලාංකික ආයතනයක් ලෙස එම පණිවිඩය ලොවට ගෙන යාම අත්‍යවශ්‍ය විය. එමනිසා මෙම ඛේදවාචකයෙන් මසකට පසු BIA වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් මගීන් වෙත ආදරය, කරැණාව, ත්‍යාගශීලිත්වය සහ බෙදාහදා ගැනීමේ ප්‍රීතිය විඳගැනීමේ අවස්ථාව ශ්‍රීලංකන් ගුවන් සේවය ලබාදෙන ලදී.

වෙසක් පොහොය දින තුළ පිළිඹිබු වන සංස්‌කෘතිකමය චාරිත්‍ර, අාධ්‍යාත්මික ගීත, විචිත්‍රවත් පහන් කූඩු සහ වෙසක් සැරසිලි වලින් ගුවන් තොටුපළ ආලෝකමත් කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබූ අතර එය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත්විය. එසේම ප්‍රණීත ආහාර ලබාදෙමින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ජනතාවට ස්තූති කිරීම සහ තවත් බොහෝ දේ තුළින් සාමයේ පණිවුඩය අවධාරණය කරන ක්‍රියාකාරකම් රාශියක් මෙම ව්‍යාපාරයට ඇතුළත් විය.

මෙම වැඩසටහන සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විවිධ කලා හැකියාවන්ගෙන් සමන්විත වූ නිලධාරීන්, ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලයල ගුවන් යානා ඉන්ජිනේරුවන්, පරිපාලන කාර්ය මණ්ඩලය, විගණකවරුන්, ගුවන් යානා අභ්‍යන්තර පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය සහ ප්‍රවීන ගායන ශිල්පීන්ද සංචාරකයින් විනෝදාස්වාදයට පත් කිරීමට එක්වූහ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00