2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමක දී මොබිටෙල් උපහාර වෙතින් රජයේ සේවකයන් සඳහා 40% දක්වා සුවිශේෂී වට්ට

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 0

සැමට සමීප කරන්නට වෙහෙසෙන මොබිටෙල් ආයතනය දැනට රජයේ සේවයේ නියුතු සේවකයන්ට සහ විශ‍්‍රාමික රජයේ සේවකයන්ට සිය ස්මාර්ට් ජංගම දුරකථන දීමනාව හරහා තෝරාගත් Samsung සහ Huawei ස්මාර්ට් ජංගම දුරකථන වලට කිසිවෙකුටත් සමකළ නොහැකි 40% දක්වා වට්ටම් දීමනාවක් ලබාදෙයි.

උපහාර පාරිභෝගිකයන් සඳහා සැම්සුන්ග්හි තාක්ෂණයෙන් සමන්විත නවතම ස්මාර්ට් දුරකථනයක් වන Samsung Galaxy A10s එහි සාමාන්‍ය විකුණුම් අගය වන රු.26,490/- අසමසම වට්ටමක් ලබාදී රු. 16,000/-ක් තරම් මුදලකට ලබාදෙයි. එසේම සුපිරි විශේෂාංගවලින් සමන්විත යැයි කා අතරත් ප‍්‍රචලිත Huawei Y5 Lite ස්මාර්ට් දුරකථනය වෙළඳපොළ අගය වූ 14,499/- ට වටිනා වට්ටමක් ලබාදී රු. 9,900/- ක් තරම් මුදලකට මාස 2ක් දක්වා ලබාදෙන අතර විශ‍්‍රාමික සේවයන්ට මෙම විශේෂ මිල දීමනාවට අමතරව තමන්ගේ විශ‍්‍රාම වැටුපෙන් අඩුවී යන ලෙස පහසු ගෙවීමේ සැලසුමක්ද සකස් කරදී තිබේ. දැනට රජයේ සේවයේ නියුතු සේවකයන්ට සහ විශ‍්‍රාමික රජයේ සේවකයන්ට මෙවන් සුවිශේෂී මිල ගණන්වලට වටිනා ස්මාර්ට් ජංගම දුරකථන ලබාදෙන එකම ජංගම සන්නිවේදන ජාලය මොබිටෙල් වේ. මෙම උපහාර ප‍්‍රවර්ධන වැඩසටහන මඟින් මොබිටෙල් ආයතනයට පාරිභෝගිකයාගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට තමන්ගෙන් කළයුතු කැපකිරීම මොනවට පැහැදිලි වේ. මොබිටෙල් උපහාර විසින් නොමිලේ M2M ඇමතුම් හා  ඩේටා ඇතුළත් විශේෂ පසුගෙවුම් පැකේජයක් ඉදිරිපත් කරයි.

මෙම දීමනාවට යටත් වන ස්මාර්ට් ජංගම දුරකථන දෙකම ලොව ප‍්‍රචලිත ස්මාර්ට් ජංගම දුරකථන සන්නාම වේ. Samsung A දුරකථන පෙළේ නවතම දුරකථනය ලෙස Samsung A10 හඳුන්වා දිය හැකි අතර, මෙය මුදලේ අගයට වඩා වටින ස්මාර්ට් ජංගම දුරකථනකි. එහි ප‍්‍රධාන විශේෂාංගයන් ලෙස 6.2” display, 2GB RAM + 32GB Storage, Main dual camera 13MP සහ 2MP වගේම වඩාත් සුවිශේෂී අවස්ථා ඡායාරෑපගත කරගත හැකි 8MP Selfie Camera එකක් සහිතව හඳුන්වා දී ඇත. එසේම, දිගුකල් පවතින බැටරි ධාරිතාවක් සහිත 4000 mAh බැටරි බලයකින් මෙම දුරකථනය පැමිණේ. දැනට වෙළඳපළේ ඇති වඩාත් සිත්ගන්නා සුළු 4G ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස Huawei Y5 Lite  දුරකථනය හඳුන්වා දිය හැක. එම දුරකථනය 5.45” display, 8MP Main Camera සහ 5MP Selfie Camera සහිතව අසමසම අත්දැකීමක් ලබාදේ. එම දුරකථන දෙකම කිසිවෙකුටවත් සමකළ නොහැකි සුවිශේෂී වට්ටම් මිලකට මොබිටෙල් උපහාර සැලසුම හරහා ලබාගැනීමට දැන් රජයේ සේවයේ නියුතු සහ විශ‍්‍රාමික රජයේ සේවකයන්ට අවස්ථාව ලබාදී ඇත.       

රජයේ සේවකයන්ට උපහාර සැලසුම යටතේ ලබාදෙන මෙම සුවිශේෂී ස්මාර්ට් ජංගම දුරකථන දීමනාවට අමතරව ශ‍්‍රී ලංකාවේ පුළුල්තම 4.5G/4G-LTE දුරකථන සන්නිවේදන ජාල අත්දැකීමක් ලබාදීමට මොබිටෙල් කැපවේ. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ 4.5G/4G-LTE ආවරණය වැඩි කිරීමට මොබිටෙල් කටයුතු කළ අතර, ශ‍්‍රී ලංකාවේ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන අංක එකේ සේවාදායකයා ලෙස මොබිටෙල් ඉහළින්ම වැජඹෙයි. ශ‍්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත‍්‍රයට කළ මෙම සුවිශේෂී ආයෝජනය නිසා 2017 වසරේ ලොව පිළිගත් Ookla® Speed Test සම්මාන උළෙලේදී වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන්නා ලෙස මොබිටෙල් සම්මාන ලැබීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00