2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

Visa සමඟ අත්වැල් බැඳගත් ප‍්‍රථම සන්නිවේදන ජාලය මොබිටෙල්

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

ශ‍්‍රී ලංකාව තුළ පුළුල්ව ව්‍යාප්ත වී ඇති ජංගම දුරකථන මූල්‍ය හුවමාරැ මාධ්‍ය වන mCash තම ඩිජිටල් මූල්‍ය ගනුදෙනු වර්ධනය කිරීම උදෙසා මොබිටෙල් ආයතනය මෑතකදී Visa සමඟ ඉතා සුවිශේෂී සහයෝගීතාවක් ඇතිකර ගත්තේය. ශ‍්‍රී ලංකාවේ ජංගම මූල්‍ය මාධ්‍ය සංකල්පයට විප්ලවීය වෙනසක් එක්කළ මොබිටෙල් mCash දිගින් දිගටම නව්‍ය තාක්ෂණික විශේෂාංග හඳුන්වාදෙමින් සහ ජනතා ජීවන විලාසිතාවට ගැලපෙන අයුරින් ජංගම මූල්‍ය හුවමාරැ ක්‍රමය හරහා විවිධ මංපෙත් විවර කර තිබේ. මෙම වර්ධනය දිගින් දිගටම පවත්වාගනිමින් සිය පාරිභෝගික ජනතාවට උපරිම වරප‍්‍රසාද ලබාදීමට කැපවන මොබිටෙල් ආයතනය mCash වල භාවිතාව ගුණාත්මකව වැඩිදියුණු කිරීම උදෙසා Visa සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයන්ට නව නිෂ්පාදන සහ ආකර්ෂණීය සේවා රුසක් අත්විඳගැනීමට අවස්ථාව සලසාදීම මොබිටෙල්හි අරමුණයි. මීට අමතරව, දිවයින පුරා විසිරී සිටින 20000කට වැඩි mCash සේවා නියෝජිතයන්ට ද මෙම සහයෝගීතාව නිසා ගුණාත්මකව වැඩිදියුණු වූ ජංගම මූල්‍ය තාක්ෂණ අත්දැකීම් ලබාගැනීමට හැකිවන අතර, පාරිභෝගිකයන්ට උසස් සේවාවක් ලබාදීම උදෙසා ඔවුන් සතුව ඇති ඩිජිටල් ශක්‍යතාවය වැඩිදියුණු කරමින් ඔවුන්ට තවදුරටත් විවිධ වරප‍්‍රසාද ලබාගැනීමේ හැකියාවද උදාකර දී තිබේ. ජංගම මූල්‍ය ගිණුමට මුදල් බැර කිරීම - Top Ups, මුදල් යැවීම සහ ගෙන්වා ගැනීම, එදිනෙදා බිල්පත් ගෙවීම, ආයතනික බිල්පත් ගෙවීම, අන්තර්ජාලය හරහා ගෙවීම්, පුණ්‍යාධාර සිදුකිරීම්, ඩිජිටල් ස්ථාවර නියෝග සිදුකිරීම් සහ B2B ව්‍යාපාර විසඳුම් සිදුකිරීම් ආදී විශාල පරාසයක පැතිරැණු මූල්‍ය සේවාවන් ඔබේ ජංගම දුරකථනය හරහා සිදුකර ගැනීමට mCash පහසුකම් සලසයි.

මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දැක්වූ මොබිටෙල් ආයතනයෙහි ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා, සෑම අවස්ථාවකදීම අසමසම පාරිභෝගික සේවාවක් ලබාදීම අපේ ප‍්‍රමුඛ අරමුණයි. එසේම, mCash පාරිභෝගිකයන් සඳහා නව්‍ය සහ ගුණාත්මකව වැඩිදියුණු කළ භාවිතාවන්ගේ පහසුව ඇති කිරීමට වීසා සමඟ සහයෝගීතාවක් ඇතිකර ගැනීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වෙනවා. Visa ආයතනය මිලියන ගණනක් වූ තම සේවා භාවිතා කරන්නන් අතර ඩිජිටල් මූල්‍ය හුවමාරු පහසුකම් පවත්වාගැනීම සඳහා දිරිමත් කරන ලෝකයේ ප‍්‍රචලිත ආයතනයකි.