2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

Samsung Note 10, 10+ සහ A80 ස්මාර්ට් ජංගම දුරකථන සඳහා මොබිටෙල් වෙතින් විශේෂ දීමනාවක්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 211

ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල්, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Samsung සමඟ ඒකාබද්ධ වී Samsung Note 10, 10+ සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා සිය පාරිභෝගිකයන් සඳහා විශේෂ ඩේටා සහ වොයිස් බණ්ඩල් දීමනාවක් ලබාදෙයි. දැනට ඔබ මොබිටෙල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් පැකේජ හිමි පාරිභෝගිකයෙක් නම් ඕනෑම මොබිටෙල් ශාඛාවකින් හෝ Samsung බලයලත් අලෙවි සැලකින් මිලදී ගන්නා අදාළ Samsung ස්මාර්ට් ජංගම දුරකථනවලට එම දුරකථනය ජාලයට සක‍්‍රීය කළ දිනයේ (201 දෙසැම්බර් 31 වැනිදාට ප‍්‍රථම අදාළ සක‍්‍රිය කිරීම කළ යුතුයි) එතැන් පටන් ඉදිරියට මාස 12ක් දක්වා මාසිකව 4GB ඩේටා නොමිලේ ලැබෙන දීමනාවක් හිමිවේ. 

මේ සමඟ ඔබ කැමති අන්තර්ජාල වීඩියෝ, චිත‍්‍රපට සහ විනෝදාස්වාද වැඩසටහන් වැඩිපුර නැරඹීමේ අවස්ථාව හිමිවේ. නව Samsung දුරකථන පාරිභෝගිකයන්ට නව මොබිටෙල් සිම්පත් ලබාගෙන මෙම දීමනාව සඳහා දුරකථනය සක‍්‍රිය කරගැනීම කළ හැකි අතර මොබිටෙල් ප‍්‍රධාන ශාඛාවෙන්, SLT ටෙලිෂොප්, සිංගර් මෙගා ප‍්‍රදර්ශනාගාර සහ දිවයින පුරා විසිරී සිටින මොබිටෙල් බලයලත් නියෝජිතයෙක් වෙතට ගොස් එම කාර්ය කරගත හැක. අදාළ Samsung ස්මාර්ට් දුරකථනයට සිම් කාඩ්පත ඇතුළත් කිරීමෙන් අනතුරැව හෝ නව පෙර ගෙවුම් පාරිභෝගිකයෙකු නම් පළමු රීචාර්ජ් කිරීමෙන් අනතුරැව #256# අමතා නොමිලේ ඩේටා දීමනාව පහසුවෙන් සක‍්‍රිය කරගත හැක. 

සක‍්‍රිය කිරීම සිදුකිරීමෙන් පසු පාරිභෝගිකයාට එය තහවුරැ කරමින් කෙටි පණිඩුඩයක් ලැබෙනු ඇත සහ ඉන්පසු ඔබේ Samsung Note 10, 10+  සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන හරහා නොමිලේ ඩේටා ලැබෙන දීමනාව අත්විඳීමේ මහඟු අවස්ථාව හිමිවේ. මෙම නොමිලේ ලැබෙන බණ්ඩල් දීමනාව 4G සිම්පත් හිමි මොබිටෙල් පාරිභෝගිකයන්ට (දැනට සිටින සහ නව, පෙරගෙවුම් සහ පසු ගෙවුම් මොබිටෙල් පාරිභෝගිකයන්ට) පමණක් ලැබෙන අතර Mobitel MASTER Unlimited Data පැකේජයද ඇතුළුව දැනට ඩේටා පැකේජයක් සක‍්‍රිය කර ඇති පාරිභෝගිකයන්ට තමන්ගේ ඩේටා පැකේජයට අමතරව නොමිලේ ලැබෙන දීමනාවක් ලෙස මෙය ක‍්‍රියාත්මක වේ. Samsung Note 10, 10+ සහ Galaxy A80 ස්මාර්ට් ජංගම දුරකථන, අන්තර්ජාලය හරහා හෝ දිවයින පුරා විසිරි ඇති සියලුම බලයලත් අලෙවි නියෝජිතයන් හරහා ඔබට මිලදී ගැනීමේ අවස්ථාව ලබාදී ඇත. clicknshop.lk, daraz.lk, jkoa.com, mysoftlogic.lk, singersl.com, singhagiri.lk, takas.lk සහ wow.lk අලෙවි වෙබ් අඩවිවලින් මෙම ස්මාර්ට් ජංගම දුරකථන ඔන්ලයින් ඔස්සේ මිලදී ගැනීමේ අවස්ථාව ඇති අතර තමන්ට අවශ්‍ය පරිදි අලෙවි සැලකට ගොස් මිලදී ගැනීමකට නම් Samsung Experience stores, Mobitel, Damro, JKOA, Singer, Singhagiri iy Softlogic ප‍්‍රදර්ශනාගාර මෙන්ම දිවයින පුරා විසිරී සිටින බලයලත් අලෙවි නියෝජිතයන් හරහා සේවාව ලබාගත හැක. වැඩි විස්තර සඳහා මොබිටෙල් ක්ෂණික ඇමතුම් අංකය 1717 අමතන්න.