2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

එමිරේට්ස් කොළඹ සිට මෙක්සිකෝ සිටි දක්වා විශේෂ ගුවන් ගමන් ගාස්තු

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

2020 අගෝස්තු දක්වා ගමන් කිරීම සඳහා 2019 ඔක්තෝබර් 15 සහ නොවැම්බර් 4 අතර ආසන වෙන්කරවා ගැනීමේදී 20% ක ඉතිරියක්

එළඹෙන දෙසැම්බර් 9 වැනි දින එමිරේට්ස් ගුවන් සේවය ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හරහා මෙක්සිකෝ සිටි වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමගින් නව ගමනාන්ත සොයා යන ශ‍්‍රී ලංකාවේ සංචාරක ලෝලීන්ට සැලකිය යුතු ඉතිරි කිරීමක් ද සමඟින් මෙක්සිකෝ සිටි වෙත සංචාරය කිරීමේ අවස්ථාව උදාවනු ඇත. මෙම විශේෂ හඳුන්වාදීමේ ගුවන් ගමන් ගාස්තු අනුව කොළඹ සිට මෙක්සිකෝ සිටි වෙත යාමට සහ ඒමට ඉකනොමි පන්තියේ ගුවන් ප‍්‍රවේශ පත‍්‍රයක මිල ඇමරිකානු ඩොලර් 1,388ක් (වත්මන් විනිමය අනුපාතිකයන්ට අනුව දළ වශයෙන් රුපියල් 241,000ක් පමණ) වනු ඇත. 

20%ක ඉතිරියක් ලබා දෙන මෙම විශේෂ ගාස්තු අදාළ වන්නේ 2020 අගෝස්තු 31 දක්වා ගමන් කිරීම සඳහා 2019 ඔක්තෝබර් 15 සහ නොවැම්බර් 4 අතර ආසන වෙන්කරවා ගැනීම්වලදී බව ගුවන් සේවය සඳහන් කරයි.

එමිරේට්ස් ගුවන් සේවයේ සම්මාන දිනූ නිරන්තර ගුවන් මගීන් සඳහා වන ස්කයිවර්ඩ්ස් වැඩසටහන මගින් අන්තර්ජාලය හරහා සිදු කරන වෙන්කරවා ගැනීම්වලදී මුදල් සහ රැස්කරගත් සැතපුම් යොදා ගෙවීමට අවකාශය ලබා දේ. ඒ අනුව සංචාරකයන්ට තමන් එක්රුස් කරගන්නා ලද Skywards සැතපුම් ප‍්‍රමාණයෙන් ගුවන් ප‍්‍රවේශ පත‍්‍රයේ වටිනාකමෙන් කොටසක් ගෙවා ඉතිරිය මුදලින් ගෙවීමේ අවස්ථාව ලබා දී තිබේ. මීට අමතරව 2019 දෙසැම්බර් 8වන දිනට පෙර ගුවන් ගමන් වෙන්කරවා ගන්නා සංචාරකයන්ට අදාළ Skywards සැතපුම් ප‍්‍රමාණය දෙගුණ කරගැනීමට අවස්ථාව ද හිමි වේ.

මෙක්සිකෝව ලෝකයේ වඩාත් දිදුලන, වර්ණවත් රටක් වගේම සංස්කෘතික අතින්ද චමත්කාරජනක රටක්” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් ප‍්‍රාදේශීය කළමනාකාර චන්දන ද සිල්වා මහතා පැවසීය. ”මීට පෙර ගුවන් ගමන් අතින් ශ්‍රී ලංකාව මෙක්සිකෝවට මනා ලෙස සම්බන්ධ නොවී තිබුණත් බාර්සිලෝනා හරහා එමිරේට්ස් සේවාව මගින් එම ගමනාන්තය වෙත වඩාත් පහසු ප‍්‍රවේශයක් ලැබෙනවා පමණක් නොව, කල් වේලා ඇති ගුවන් මගීන්ට එමගින් එකම ගුවන් ගමන් වාරයකදී ඩුබායි, බාර්සිලෝනා සහ මෙක්සිකෝ සිටි වැනි බහුවිධ ගමනාන්තවල අසිරිය අත්විඳීමේ අවස්ථාවද උදා වෙනවාල යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමිරේට්ස් මගින් මෙම ප‍්‍රවර්ධන කාලය තුළ ව්‍යාපාරික පන්තිය Business Class& සඳහා ද විශේෂ හඳුන්වාදීමේ ගුවන් ගමන් ගාස්තු පිළිබඳව නිවේදනය කළ අතර එය ඇරඹෙන්නේ ඇමරිකානු ඩොලර් 4,068 (දළ වශයෙන් රැපියක් 732,000ක් පමණ) කින්ය.  2019 දෙසැම්බර් 9 වැනි දින ආරම්භ වන එමිරේට්ස් ගුවන් ගමන් අංක EK255 ඩුබායි වේලාවෙන් 03:00ට පිටත්වන අතර එය 08:00ට බාර්සිලෝනා වෙත ළඟා වේ. අනතුරැව 09:00ට බාර්සිලෝනාවෙන් පිටත්වන එය එදිනම 16:15ට මෙක්සිකෝ සිටි වෙත ළඟා වේ. ගුවන් ගමන් අංක EK256 ලෙස නැවත පැමිණෙන යානය මෙක්සිකෝ සිටි වේලාවෙන් 19:40ට පිටත්වන අතර බාර්සිලෝනා වෙත පසු දින 13:25ට ලඟා වේ. නැවත බාර්සිලෝනාවෙන් 15:10ට පිටත්වන යානය පසු දින 00:45ට ඩුබායි වෙත ළඟා වේ.

මෙම නව ගුවන් මාර්ගය සඳහා අලුතින් ප‍්‍රතිසංස්කරණය කරන ලද බෝයිං 777-200 LR  ගුවන් යානා යොදාගනු ලබන අතර එය 2-2-2 ආකෘතියට පෙළ ගස්වා ඇති ව්‍යාපාරික පන්තියේ ආසන 38කින් සහ ඉකනොමි පන්තියේ ආසන 264කින් සමන්විත වේ. 

සියලූම පන්තිවල මගීන් සඳහා එමිරේට්ස් ජාත්‍යන්තර ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙතින් සුහදශීලි සේවාවක් ද රසඥතාවයෙන් යුත් සූපවේදීන් වෙතින් පිරිනැමෙන දිව පිනන ආහාර වර්ග රුසක් ද සිංහල සහ දමිළ චිත‍්‍රපට, සංගීත වැඩසටහන් ඇතුළුව නාලිකා 4500කින් සමන්විත ගුවන් සේවයේ සම්මානනීය ice විනෝදාස්වාද පද්ධතිය ඔස්සේ පිරිනැමේ.

එමිරේට්ස් ගුවන් සේවය 1986 අපේ‍්‍රල් සිට ශ‍්‍රී ලංකාවේ තම සේවා කටයුතු පවත්වාගෙන යන අතර වර්තමානයේ කොළඹ සිට ඩුබායි දක්වා දිනකට ගුවන් ගමන් වාර 3ක් පවත්වාගෙන යමින් මහාද්වීප 6ක ගමනාන්ත 158ක් සඳහා ප‍්‍රවේශවීමේ පහසුව සපයයි. මෙරට සිට ක‍්‍රියාත්මක වන ගුවන් සේවයේ ගුවන් ගමන් 2019 නොවැම්බර් 30 වැනි දින සිට දිනකට වාර 4 දක්වා ඉහළ නැංවීමට මේ වනවිට සැලසුම් කොට තිබේ.

මෙක්සිකෝ සිටි වෙත විශේෂ ගුවන් ගමන් ගාස්තු සහ ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේ වැඩිදුර තොරතුරැ සඳහා www.emirates.com/lk වෙත පිවිසෙන්න. නැතහොත් 4704070 දුරකථන අංකයට අමතන්න.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00