2017 මාර්තු 11 වන සෙනසුරාදා

ACCA සම්මාන උළලේදී ජෝන් කීල්ස්ට ඉහළම සම්මාන

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

වරලත් සහතිකලාභි ගණකාධිකාරිවරැන්ගේ සංගමයේ (ACCA) ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන උළලේදී  ශ‍්‍රී ලංකාවේ ඉහළම තලයේ පාරදෘෂ්‍ය සමාගම ලෙස සාඩම්බරයෙන් සමස්ත කිරුළ පැළදීමට ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී සමාගම සමත්විය. සම්මාන ප‍්‍රදානෝත්සවය පැවැත්වුනේ ප‍්‍රධාන ආරාධිතයා වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ  සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත උනා මැක්කව්ලි මහත්මියගේ ප‍්‍රධානත්වයෙනි. සමූහ ව්‍යාපාර සහ විවිධාංගිකෘත කාණ්ඩයේ ද ඉහළම සම්මානය ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමට හිමිවිය. ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරින් සමාගම ආයතනික වශයෙන් තවදුරටත් පෙරමුණේ පසුවෙමින් සාමාන්‍ය සහ වෙළඳ කාණ්ඩයෙන් සම්මානය හිමිකර ගනිමින් සමස්ත වශයෙන් දෙවැනි ස්ථානයට පත්විය.

මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කර්මාන්ත කාණ්ඩ අටක් සදහා සම්මාන 15ක් පිරිනමමින් ආර්ථික, සමාජ සහ පරිසර යන තිරසරබවෙහි  මූලික කුළුණු තුන ආවරණය වන පරිදි පුළුල් ආවරණයක් සිදු කර ඇති බව පෙන්නුම් කළේය. අයදුම්කරුවන්  60 දෙනෙකු පමණ අතුරින් සම්මානලාභීන් තෝරා ගන්නා ලද්දේ ෆෑන්ක්ලීන් අමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කරන ලද ප‍්‍රවීන්යන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසිනි.

බැංකු කාණ්ඩයෙන්  ජයග‍්‍රාකයාවූයේ සම්පත් බැංකුවයි. හැටන් නැෂනල් බැංකුව දෙවැනි ස්ථානයට පැමිණියේය.
සමූහ ව්‍යාපාර සහ විවිධාංගිකෘත කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගන්නා ලද්දේ එක්ස්ෆෝ හෝල්ඩින්ස්  සමගම විසිනි. යුනියන් ඇෂුවරන්ස් සමාගම මූල්‍ය සේවා සහ රක්‍ෂණ අංශයේ සම්මානය දිනාගත් අතර එම අංශයේ දෙවැනි ස්ථානයට හිමි සම්මානය පිරිනැමුණේ සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑස් සමාගමටය. සිල්ලර වෙළෙඳ සහ වෙළද කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූයේ ඇමරිකන් ඇන්ඩ් එෆිඩ් ලංකා සමාගමයි. විනෝස්වාද සහ ආශ‍්‍රීත සේවා අංශයේ ජයග‍්‍රාහකයා ලෙස ජෝන් කීල්ස් හොටෙල්ස් සමාගමත් දෙවැනි ස්ථානයට හිමි සම්මානය ඒට්කන්ස් ස්පෙන්ස් සමාගමත් දිනාගත්තේය. නවලෝක හොස්පිටල්ස් සමාගම පොදු සේවා සහ උපයෝගිතා කාණ්ඩයේ ජයග‍්‍රාකයා විය. සුඵ සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය කාණ්ඩයේ සම්මානය සීමාසහිත සණස රක්‍ෂණ සමාගමටත් දෙවැනි ස්ථානය  විදුලංකා  පීඑල්සී සමාගමටත් ප‍්‍රදානය කෙරිණ. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00