2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඩීමෝ නවතම Mercedes-Benz Sprinter වෑන් රථය දැන් වෙළඳපොළේ

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 142

Mercedes - Benz සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින් Mercedes - Benz වර්ගයේ නවතම  Sprinter Van රථය වෙළඳපළට හඳුන්වා දීම සිදුකරන ලදී. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ  පැවති “Cinnamon Future of Tourism 2019 සමුළුවේදී එළි දැක්වුණු මෙම රථය බොහෝ දෙනාගේ ආකර්ෂණයට සහ අවධානයට ලක්විය. මෙම සමුළුව තුළදී නවතම Sprinter Van රථය එළිදැක්වීම ශ්‍රී  ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නඟාසිටු වීම සම්බන්ධයෙන් Mercedes - Benz හා ඩීමෝ හි කැපවීම මනාව පිළිබිඹු කරන්නක් විය.  

නවතම Sprinter van රථය හඳුන්වා දීම Mercedes-Benz හී මගී ප්‍රවාහන ක්ෂේත්‍රය නව යුගයක් කරා රැගෙන යන අතර Sprinter රථය  Mercedes-Benz van පරපුරෙහි වඩාත් සාර්ථකම වාහන මාදිලිය ලෙසද හැඳින්විය හැක. “Future of Tourism 2019“ සමුළුවේදී හඳුන්වා දෙනු ලැබූ Mercedes-Benz Sprinter අසුන් 14ක ඉතා සැපපහසු රථයක් වන අතර සංචාරක ඇතුළු වාණිජමය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා වඩාත් සුදුසු වේ. මෙම ක්ෂේත්‍රයන්හි වාණිජමය අවශ්‍යතා ඉටුකරගැනීම වෙනුවෙන් Sprinter රථයක් තෝරාගැනීම මගින්  ගැනුම්කරැවන් හට ඉතා අවම මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවීම විශේෂත්වයකි. Mercedes-Benz Sprinter හි වැඩි දියුණු කළ ආරක්ෂිත අංග (Safety features) සහ සුවපහසු බව, අවම නඩත්තු පිරිවැය, ආකර්ෂණීය පෙනුම සහ ශක්තිමත් නිමාව පුළුල් පරාසයක විහිදුණු ගැනුම්කරැවන් රැසක් ආකර්ෂණය කරගැනීමට සමත් වන බව නිසැකයෙන්ම කිව හැක.

නවතම Sprinter Van රථය බොහෝ ගැනුම්කරුවන් ගේ ආකර්ෂණයට ලක්වන  high roof  නිමාවකින් නිපදවා ඇත. ඉන්ධන පිරිමැස්ම අතින් පාරිභෝගිකයාට ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන Sprinter හට ඉන්ධන ලීටරයකින් කිලෝ මීටර 15ක් දක්වා දුර ධාවනය කළ හැකිවේ. තවද විශාල බර ප්‍රමාණයක් රැගෙන යාමේ හැකියාව Sprinter Van රථය සතු වන අතර සියලුම ගැනුම්කරැවන් වෙත වසර පහක වගකීම සහ සුවිශේෂී වසර 5ක නොමිලයේ ලබාදෙන නඩත්තුවක් හිමිවේ.

වර්තමානයේ ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ දක්නට ලැබෙන අනෙකුත් තරගකාරී රථ වාහන මාදිලීන් හා සැසදීමේදී Mercedes-Benz වෙළඳ වාහන කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව අතින් පෙරමුණේ සිටී. වෙනස් වන ව්‍යාපාර පරිසරයට සහ දිනෙන් දින දියුණු වන සංචාරක කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය පිණිස ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන්වලට අනුගතවීම අනිවාර්ය වන අතර එහිදී සංචාරක ගමනාගමනයට විශේෂ ස්ථානයක් හිමිවේ. මෙහිදී ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ද ප්‍රචලිත Mercedes-Benz සන්නාමය බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වේ.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ඩීමෝහි  සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ  රන්ජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. 

“Mercedes-Benz යනු විශ්වාසය, ආරක්ෂාව සහ සුවපහසුව යන ගුණාංග ත්‍රිත්වයෙන් සැදුම්ලත් ඉතා විශිෂ්ට සන්නාමයකි. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගනිමින් ඒවා සපුරාලිය හැකි ආකාරයේ රථ වාහන වෙළඳපළට හඳුන්වා දීමේ නියමුවා ලෙස Mercedes-Benz සන්නාමය බොහෝ ලාංකිකයින් අතර ප්‍රසිද්ධියට සහ ගෞරවයට ලක්ව තිබෙන අතර මෙම නවතම හඳුන්වා දීම සිදුකිරීමට හැකිවීම ඉතා ආඩම්බරයට හේතුවක්.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00