2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ඇදහිය නොහැකි ආකර්ෂණීය මිලකින් Huawei Nova 5T දැන් ශ්‍රී ලංකාවේ

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 88

ජංගම දුරකතන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් සිය Flagship මාදිලියේ  විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 5T පසුගියදා එළිදැක්වීය. Crush Blue, Black සහ Midsummer Purple යන වර්ණ තුනකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 5T, වඩාත් අලංකාර පෙනුමකින්ද යුක්ත වේ. දිනෙන් දින වෙනස්වන ජංගම දුරකථන තාක්ෂණය හා බැඳුණු නව ප්‍රවණතාවයන් රුසක් Nova 5T සඳහා එක්කර ඇති අතර, පසුපස කවරයේ දැකිය හැකි 3D නිර්මාණ එහිදී සුවිශේෂී වේ. Nova 5T හි වඩාත් සිත් ඇදබැඳ ගන්නා විශේෂාංගය වන්නේ එහි ආකර්ෂණීය මිලයි. පාරිභෝගිකයින් වෙත මාසිකව රුපියල් 1,945 ක් වැනි අඩු මුදලකට Credit Cards මඟින් කොටස් වශයෙන් ගෙවීමට Huawei Nova 5T දුරකතනයක් මිලදී ගත හැකි අතර මේ සඳහා Huawei ප්‍රධාන පෙළේ e-commerce sites හා සම්බන්ධ වී සිටියි. 

Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙම හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීහ. “Nova ජංගම දුරකතන පවුලට එකතුවුණු නවතම සාමාජිකයා වන Nova 5T ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම අපට ඉමහත් සතුටක් වන අතර ඉහළම පෙළේ විශේෂාංග අවම මිලකට පාරිභෝගිකයා වෙතට පිරිනැමීමට Huawei නිරතුරැවම කැපවෙමින් සිටින ආයතනයක්. එම දැක්මෙහි ප්‍රතිපලයක් ලෙස Nova 5T හැඳින්විය හැකි අතර එහි අසමසම මිල බොහෝ දෙනා ආකර්ෂණය කරගනු ඇතැයි මා විශ්වාස කරනවා. කාර්ය හැකියාව සහ භාවිතයේ පහසුව හැරුණු විට, Nova 5Tහි වැඩි දියුණු කළ තාක්ෂණය සුවිශේෂී ඡායාරෑප ලබාගැනීම සඳහා උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන්ම ඉලක්ක කර තිබෙන බව කිව හැකියි.

පැහැදිලි හා සමීප දසුන් ඡායාරෑප ගත කිරීමටත්, ඉතා පුළුල් ආකාරයෙන් ඡායාරූප ලබා ගැනීමටත් Huawei Nova 5T හි 48MP ප්‍රධාන කාච, 16MP ultra wide-angle, 2MP macro, සහ  2MP bokeh lens සතු Rear කැමරා 4 උපකාරී වේ. දුරකතනයේ ඉදිරිපස සෙල්ෆි කැමරාව එහි Full View Screen ය මත පිහිටා ඇති අතර එය 32MP F/2.0 කාචයෙන් යුක්තය. AI තාක්ෂණයෙන් බල ගැන්වුණු Super Night mode නිසා අඩු ආලෝක තත්ත්වයකදී වුව, Blur free වීඩියෝ ගැනීම පහසු කරයි. තවද දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4ක් තරම් සමීපව වස්තුන් Focus කිරීමට එහි Macro කාචය තුළින් හැකියාව ලැබේ. 48 MP ප්‍රධාන පිටුපස කැමරාව Sony ½ Inch CMOS Sensor යෙන් යුක්තව ඇති අතර, එය Nova 5T අතිශයින් වෘත්තීමය ඡායාරෑප උපාංගයක් කරයි. මීට  අමතරව, Huawei 5T හි ඇති ISO Sensitivity ප්‍රමුඛ පෙළේ වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක් විදහාපාන අතර Huawei Nova 5Tහි කැමරා සතු Bokeh Effects හා නවතම AI Portrait Color මඟින් ඡායාරෑපවලට සිනමාත්මක ගුණයක් ලබාදෙයි. පාරිභෝගිකයින්ට සිය වීඩියෝ වඩාත් වැඩිදියුණු කළ හැකි පරිදි හා vlogger-worthy විඩීයෝ නිර්මාණය කරගත හැකි පරිදි මෙන්ම  Vlogging ප්‍රවණතාවය සඳහා විශේෂයෙන්ම නිමවන ලද, Huawei Nova 5T සහ EMUI 9.1 පෙරළිකාර අත්දැකීමක් පාරිභෝගිකයාට නිසැකයෙන්ම ගෙන දේ. 

8GB of RAM සහ 128GB මතක ධාරිතාවයක් ඇති Nova 5T, 3,750mAh බැටරියකින් සහ  22.5W Huawei Super Charge පහසුකමින් යුක්ත වේ. මේ තුළින් භාවිත කරන්නන්ට විනාඩි 30ක් තුළදී  50% සිය Nova 5T දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. Nova 5T හි 6.26 Inch Full HD Punch-Hole තිරය නිමවා තිබෙන්නේ 2340x1080- Resolution සහිතවය.  දුරකථනය සතු තත්පර 0.3ක් වැනි සුළු කාලයක් ඇතුළත Unlock කර ගැනීමට Power Button මත පිහිටි Fingerprint Sensor භාවිත කරන්නා මවිතයට පත් කරයි.  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 5T තුළින් ලැබේ. 
ලොව ප්‍රථම 7nm flagship chipset Kirin 980, Nova 5T සඳහා ඇතුළත් වන අතර, EROFS file Reading System තුළින් Nova 5T හි ඇතුළත මෙමරිය සම්පූර්ණයෙන් ඇහිරී තිබියදී පවා, අඩු loading කාලයක් තුළින් ඉතා හොඳ අත්දැකීමක් පාරිභෝගිකයාට ලබාදේ. EMUI 9.1 සමගින්, 59%ක අමතර වේගයකින් App Launch හැකියාවද, Nova 4 ට වඩා 57%ක තවදුරටත් සුසිනිඳු UI operation හැකියාවද Nova 5T සතු වෙයි.  GPU Turbo 3 තාක්ෂණය නිසා කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 5T භාවිත කරන්නන්ට ඉඩ හිමිවේ. 

රුපියල් 69,999/- හඳුන්වාදීමේ මිලකට එන Huawei Nova 5T, දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස්, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk, WOW.lk, Dialog.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකිවෙයි.