2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

හැටන් නැෂනල් බැංකුව මූල්‍ය විශිෂ්ටත්වය යළි තහවුරු කරයි

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 526

රටේ පැවති අභියෝගාත්මක වාතාවරණය හමුවේත් හැටන් නැෂනල් බැංකුව තම මූල්‍ය විශිෂ්ටත්වය නැවතත් තහවුරැ කරමින් 2019 පළමු අර්ධයේ බදු පෙර ලාභය ලෙස රැපියල් බිලියන 8.3 ක් සහ බදු පසු ලාභය ලෙස රැපියල් බිලියන 4.8 ක් වාර්තා කිරීමට සමත් වී ඇත. අදාළ කාලයේ සමුහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 5.1 වාර්තා වී ඇත.

මෙවර ශේෂ පත‍්‍රය යම් මන්දගාමී බවක් පෙන්වුවත් බැංකුවේ ශක්තිමත් ව්‍යාපාර ආකෘතිය හා දූරදර්ශී වත්කම් සහ වගකීම් කළමනාකරණය නිසා  මූලික බැංකු මෙහයුම් තුළින් ශක්තිමත් ප‍්‍රතිඵල වාර්තා කිරීමට බැංකුව සමත් වී තිබේ. 2019 පළමු මාස හය සඳහා ශුද්ධ පොලී ආදායම NII පෙර වසරට සාපේක්ෂව 17.9% කින් වර්ධනය වී ඇති අතර එය රැපියල් බිලියන 25.9 ක් විය. විවිධ ප‍්‍රභවයන්ගෙන් ලබා ගන්නා ගාස්තු හා කොමිස් ආදායම බිලියන 4.4 ක් වූ අතර එය බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායමෙන් 15% කි.

රුපියල අගය කිරීම මත විදේශ විනිමය හුවමාරැ සහ විදේශ විනිමය බැංකු ඒකක මත ඉපයීම් සම්බන්ධයෙන් රුපියල් මිලියන 577.2 ක අලාභයක් පළමු අර්ධය තුළ වාර්තා වීමට හේතු වූ අතර මීට පෙර වර්ෂයේ (2018 ජූනි)අදාළ කාල සීමාවේදී විනිමය ලාභය ලෙස රුපියල් 895.5 ක් ඉපයීමට සමත් විය.

හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳ අදහස් දක්වමින්. පසුගිය අපේ‍්‍රල් මස සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ආර්ථිකය යම් තරමකට පසු බෑවත් එය සිතුවාට වේගයෙන් යථා තත්ත්වයට පත්වන බව පෙනෙන්නට තිබෙනවා. ණය පොලී සහ තැන්පතු පොලී අනුපාතය අඩු කිරීම හැර ශ‍්‍රී ලංකා මහා බැංකුව ගත හැකි විකල්පයක් නොතිබූ අතර ඒ සමගම කෙටි කාලයක් තුළ තුළ එකසත් ජනපද මහා බැංකුව ද එම තීරණයම ගැනීම යම් ධනාත්මක පසුබිමක් ඇති කිරීමට සමත් වූ බව කිව යුතුයි. ශ‍්‍රී ලංකා ස්වෛරීත්ව ණය සම්බන්ධයෙන් ගෝලීය ආයෝජකයන්ගේ උනන්දුවේ කිසිදු පසුබෑමක් නොමැති අතර කොටස් වෙළෙඳපොළේ යම් සුළු පිබිදීමක් සමඟ සංචාරකයන්ගේ පැමිණීම ද යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. කෙසේ වෙතත් ව්‍යාපාරික දර්ශකයන් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කළත් අවිනිශ්චිතතාව සහ ව්‍යාපාර ආයෝජනය සම්බන්ධ විශ්වාසයේ යම් අඩුවක් තවමත් දක්නට ලැබෙනවා* යනුවෙන් පැවසීය. 

හැටන් නැෂනල් බැංකුවේ කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වන කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි ජොනතන් අලස් මහතා, පසුගිය කාර්තු කිහිපයම සැළකීමේදී සමස්ත බැංකු ක්ෂේත‍්‍රයම විවිධ වූ අභියෝග රාශියකට මුහුණ දී තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ මන්දගාමී වර්ධනය, ඉහළ පොළී අනුපාතය, කෘෂිකාර්මික සහ ඉඳිකිරීම් ක්ෂේත‍්‍රයේ මෙහයුම් හි ඇතිවූ පසුබෑම නිසා නොගෙවූ ණය ප‍්‍රමාණය ඉහල යාම වැනි කාරණා මේ සඳහා හේතු වී තිබෙනවා. වාණිජ බැංකු සම්බන්ධව BASEL III මගින් ප‍්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීම නිසා  වත්කම් හි ගුණාත්මක තත්ත්වය පිළිබඳ පීඩනයක් ඇති වූ අතර ණය ආපසු ගෙවීමේ බද්ද පැනවීම හේතුවෙන් ඉහළ බදු අය කිරීමට සිදුවීමත් සමඟ තත්ත්වය වඩාත් දුෂ්කර වූ අතර අප්‍රේල් 21 අවාසනාවන්ත සිදුවීම මගින් මෙම තත්ත්වයන් තවත් උග‍්‍ර අතට පත් වුණා. එසේ වුවද, හැටන් නැෂනල් බැංකුව සතු ශක්තිමත් කළමනාකරණයත් ක‍්‍රියාදාමයන් කල්තියාම නැවත සලකා බැලීමත් නිසා යළිත් වරක් තම මූල්‍ය ශක්තිය පෙන්නුම් කිරීමට සමත් වී තිබෙනවා