2019 ජුනි 08 වන සෙනසුරාදා

Dialog සහ Netflix ශ‍්‍රී ලංකාවට හවුලේ එයි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්බන්ධතා සැපයුම්කරු වන Dialog Axiata සමාගම, ලොව ප‍්‍රමුඛතම අන්තර්ජාල විනෝදාස්වාද සේවා සැපයුම්කරැ වන Netflix සමඟ හවුල්කාරිත්වය ප‍්‍රකාශයට පත්කර ඇත. මෙම හවුල්කාරිත්වය ඔස්සේ සියලුම Dialog පසුගෙවුම් පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් මෙන්ම ආරක්ෂිතව Netflix මාසික ගාස්තුව සිය මාසික මොබයිල් බිල්පතට එකතු කරගැනීමට අවස්ථාව සැලසෙයි. මෙම සෘජු බිල්පත් පහසුකම මගින් Dialog පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් අංක සහ ගෙවීම් තොරතුරු ලබාදීමෙන් වැළකීමට අවස්ථාව සැලසේ.

Dialog පසුගෙවුම් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ප‍්‍රියතම Netflix කතා මාලා සහ චිත‍්‍රපට, HD තාක්ෂණයෙන් නැරඹීමට සෑම මසකම නොමිලේ 5GB Data ලබා දෙනු ඇත. අන්තර්ජාලයට සම්බන්ධ ඕනෑම ජංගම දුරකථනයකින්, laptop හෝ desktop පරිගණකයකින්, tablet හෝ රෑපවාහිනියක් ඔස්සේ වෙළෙඳ දැන්වීම්වලින් තොරව නොනවතින රසවින්දනයක් ලබාගැනීම සඳහා Dialog පසුගෙවුම් පාරිභෝගිකයන්ට තම Dialog පසුගෙවුම් දුරකථන අංකය භාවිතයෙන් Netflix වෙත ලියාපදිංචි විය හැකිය.

Netflix ඔස්සේ රටවල් 190 කට වැඩි ගණනක සිටින මිලියන 139 කට අධික  ප්‍රේක්ෂකයන් පිරිසක්, හින්දී, ඉංග්‍රීසි, දෙමළ හා වෙනත් විවිධ භාෂාවන්ගෙන් සමන්විත රෑපවාහිනී කතා මාලා, වාර්තා චිත‍්‍රපට සහ වෘතාන්ත චිත‍්‍රපට රැසක් රසවිඳියි.
ශ‍්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට තම ප‍්‍රියතම කතා මාලා සහ චිත‍්‍රපට තම ජංගම දුරකථනයට download කර ගැනීමට හැකියාව ලැබෙන අතර එමඟින් අන්තර්ජාල සබඳතාවයකින් තොරව වුවද, අඛණ්ඩව Netflix නැරඹීමට හැකියාව ලැබේ.

Dialog Axiata සමාගමේ ගෝලීය හා අන්තර්ගත සේවා පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී මංගල හෙට්ටිආරච්චි මහතා Netflix හවුල්කාරිත්වය ඔස්සේ අපගේ පාරිභෝගිකයන්ට Netflix සතු සුවිශේෂ රෑපවාහිනී කතා මාලා, චිත‍්‍රපට සහ වාර්තා වැඩසටහන්හි අවසරලත් මුල් පිටපත් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. Dialog පාරිභෝගිකයන්ට ඕනෑම වෙලාවක මෙන්ම ඕනෑම තැනක සිට වෙළෙඳ දැන්වීම්වලින් වන බාධා නොමැතිව, වීඩියෝ සඳහා ශ‍්‍රී ලංකාවේ හොඳම ජාලය වෙතින් Netflix නැරඹිය හැකි අතර පාරිභෝගිකයන්ට මෙම සේවාව සිය ජංගම දුරකථනය ඔස්සේ සක‍්‍රිය Smart TV ඇතුළු ඕනෑම තිරයකින් නැරඹීමේ හැකියාව ලැබෙනවා යැයි පවසා සිටියේය.

Netflix දකුණු ආසියානු කලාපයේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂක අබිෂේක් නග් මහතා පවසා සිටියේ, වර්තමානයේ ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව අනෙකුත් රටවල වීඩියෝ නැරඹීමට ප‍්‍රධාන වශයෙන් ජංගම දුරකථන භාවිතා වන බවත් සම්මානනීය Netflix රූපවාහිනී කතා මාලා සහ චිත‍්‍රපට තම ජංගම broadband සබඳතා ඔස්සේ පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීමටත්, පාරිභෝගික පහසුව සලසමින් Netflix මාසික ගාස්තුව මාසික බිලට එකතු කිරීමටත් Dialog Axiata සමාගම ගත් පියවර පිළිබඳව තමන් අතිශයින් සතුටු වන බවත්ය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00