2019 ජුනි 08 වන සෙනසුරාදා

සැම්සුං ශ‍්‍රී ලංකා 2019 වසරේ වඩාත්ම ප‍්‍රිය කරන ඉලෙක්ට්‍රොනික සන්නාමය වෙයි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

Brand Finance Lanka විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ හා වඩාත්ම අගනා සන්නාම සමාලෝචනයට ලක් කරමින් අඛණ්ඩව 16 වැනි වරටත් සම්පාදිත LMD සන්නාම වාර්ෂිකයේ 2019 සංස්කරණයේදී Brand Finance Lanka විසින් සැම්සුං ශ‍්‍රී ලංකා සමාගම ශ‍්‍රී ලංකාවේ අංක 1 ඉලෙක්ට්‍රොනික සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. මෙම ජයග‍්‍රහණයෙන් පිළිබිඹු වන්නේ සැම්සුං සන්නාමයේ ප‍්‍රබලතාව, නවෝත්පාදන හැකියාව, උසස් ගුණාත්මකත්වය හා සේවා ප‍්‍රමුඛත්වය ජන හද දිනා ගැනීමට සමත්ව ඇති බව යි. LMD ආයතනයේ වඩාත් ම ප‍්‍රිය කරන සන්නාම 20අ19 ශ්‍රේණිගත කිරීම් පදනම් වන්නේ ගුණාත්මකත්වය, බලාපොරොත්තු තැබිය හැකි බව, සුවිශේෂත්වය, කීර්තිය හා විශ්වසනීයත්වය පදනම් කර ගෙන සන්නාමයක ප‍්‍රබලතාව තීරණය කරන සමීක්ෂණයක් මතය.

ශ‍්‍රී ලංකාවේ වඩාත් ම ජනප‍්‍රිය ස්මාට් දුරකථන සන්නාමය වන සැම්සුං නිෂ්පාදන සියලු වයස් කාණ්ඩ සඳහා ගැළපෙන නමුත් නව සහස‍්‍රකයේ පාරිභෝගිකයන්ට ගැළපෙන සැම්සුං ස්මාට් දුරකථන මාදිලි මාලාවකින් සහ තම ජීවිතයේ සුවිශේෂ අවස්ථාවල දී ඡායාරූප හා සෙල්ෆි ඡායාරූප සටහන් කර ගැනීම සඳහා භාවිත කළ හැකි වැඩි දියුණු ගුණාත්මක විකල්ප සහිත පුරෝගාමී කැමරා නවෝත්පාදන මාලාවකින් සමන්විත කර ඇත.

Galaxy නවෝත්පාදනයන්හි 10 වන වසර සමරමින් සැම්සුං සමාගම ත‍්‍රිමාන, පෞද්ගලික හා උසස් බුද්ධිමය අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව ලබා දෙන අධි මිල ස්මාට් දුරකථන මිල දී ගැනීමේ අවශ්‍යතාවෙන් පෙළෙන පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් සිය Galaxy S10 අගනා නවීන ස්මාට් දුරකථන මාලාව ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ය. Galaxy S10 ස්මාට් දුරකථන මාලාව පාරිභෝගිකයන්ගේ සුවිශේෂ ජීවන රටා අවශ්‍යතා සපුරමින් තිරය, කැමරාව, ආරක්ෂාව හා ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පුරෝගාමී නවෝත්පාදනයන් මාලාවක් ම පාරිභෝගිකයා වෙත රැගෙන එයි.

Galaxy S10 දියත් කරමින් ස්මාට් දුරකථන තාක්ෂණයේ නව යුගයකට මග පෙන්වන සැම්සුං සමාගම අගනා නිපැයුම් රැසක් ඉදිරිපත් කරමින් දශකයක් තිස්සේ තමන් අත් කර ගත් ප‍්‍රමුඛත්වය තව දුරටත් තහවුරු කර ගෙන ඇත.

සැම්සුං සමාගම ඩිජිටල් ස්වදේශිකයන්ගේ වේගවත් ජීවන රටාවට ගැළපෙන පරිදි සැලසුම් කරන ලද ජව සම්පන්න දුරකථන මාලාවක් වන නවතම Galaxy දුරකථන මාලාව ද මෑතක දී දියත් කළේය. තමන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමටත් වඩාත් දීර්ඝ කාලයක් සම්බන්ධ වී සිටීමටත් ඉඩ සලසා දෙන එම දුරකථන මාලාව තරුණ පාරිභෝගිකයන්ට දවස පුරා ත‍්‍රිමාන දසුන් බෙදාහදා ගැනීමටත් නැරඹීමටත් විනෝද වීමටත් නිදහස හා පහසුව ලැබෙන අගනා මන්දගාමී වීඩියෝ රූපාවලි රූගත කළ හැකි පසුපස කැමරාවක් ඇතුළු නවෝත්පාදනයන් රැසකින් සමන්විතය.