2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

IIoT විසඳුම් හඳුන්වාදීම සඳහා UTECH Technologies සමඟ මොබිටෙල් එකතුවෙයි

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් මෑතකදී UTECH සමඟ වෙළඳ උපායමාර්ගික සබඳතාවක් ඇතිකර ගත්තේය. ඉදිකිරීම්, බලසැපයුම්, නිෂ්පාදන, කෘෂිකාර්මික බෙදාහැරීම් ජාල ආදී වූ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සැමට තම වෙළඳ අවශ්‍යතාවය වෙනුවෙන්ම නිර්මාණය කරන IIoT (Industrial Internet of Things) විසඳුම් ලබාදීම උදෙසා බලයලත් නැවත අලෙවිකරන්නා වන මොබිටෙල් UTECH ආයතනය සමඟ එක්වී වෙළඳ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීම ඇරඹීය. 

IIoT විසඳුම් බලගැන්වීම මගින් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ කාලය ඉතිරි කාර්යක්ෂමතාව වැඩිවී ඵලදායීතාවය උපරිමයට වැඩිකර ගැනීම මගින් සම්පූර්ණ කර්මාන්තයේ ලාභය වැඩිකර ගැනීමට හැකියාව ලැබේ. GSMA ව්‍යාපාර දත්තවලට අනුව 2025 වනවිට බිලියන 25කට වැඩි මූල්‍ය වත්කම් සමඟ වර්තමාන ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ක්ෂේත‍්‍රයක් ලෙස IoT හඳුන්වාදිය හැක. IIoT විසඳුම් මගින් ආයතනයන්හි පාලනය සහ නිරීක්ෂණය උසස් කිරීම වැඩිදියුණු කිරීමට, නිවැරදි කාලීන දත්ත එකතුකර ගැනීම මගින් ව්‍යාපාරික තත්ත්ව විශ්ලේෂණය, නිෂ්පාදන ක‍්‍රියාවලියේ ස්වයංක‍්‍රීය බව සහතික කිරීම, මෙහෙයුම් ගැටලු හඳුනාගැනීමේ හැකියාව, මූල්‍ය තත්ත්ව විශ්ලේෂණය සඳහා දත්ත ලබාදීම සහ හඳුනාගත් ව්‍යාපාරික ගැටලුවලට විසඳුම් යාවට නැංවීමේ සහය ලබාදෙයි. වැඩිදුරටත් සලකා බැලීමේදී ඇතිකරගත් සහයෝගීතාවය නිසා නව පර්ෙය්ෂණ හා සංවර්ධන තාක්ෂණික බලගැන්වීම් යොදාගනිමින් මොබිටෙල් සහ UTECH ඉතාම සමීපව වැඩකරමින් පාරිභෝගිකයන්ගේ පවතින වෙළඳ මෙහෙයුම් පද්ධති නිවැරදිව ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට ඔවුන්ගේ අවශ්‍යතාවය අනූව සැකසූ පරිපූර්ණ IIoT විසඳුම් ලබාදීම සහ අපගේ ව්‍යාපාරික සහයෝගීතාවේ ශක්තියෙන් නිවැරදි ව්‍යාපාරික බලගැන්වීමක් ලබාදෙයි.

මෑත වකවානුවේදී IoT සහ IIoT තාක්ෂණ භාවිතාවන් පුළුල් කිරීම හරහා ශ‍්‍රී ලංකා ජනතාවට සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට මොබිටෙල් පියවර ගත්තේය. උසස් තාක්ෂණය ශ‍්‍රී ලංකාවේ ජනතාවට ගෙනඒම සඳහා විශාල ආයෝජන ප‍්‍රමාණයක් සිදුකළේය. ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ තාක්ෂණික භාවිතාවන් ප‍්‍රවර්ධනය කිරීම සහ පෝෂණය කිරීම උදෙසා මොබිටෙල් සැමදා කැපවේ. අලුත්ම තාක්ෂණික භාවිතාවන් සමඟ බලගැන්වූ මොබිටෙල්හි බලාපොරොත්තුව වන්නේ අදාළ ඉලක්කගත ජනතාවකට තාක්ෂණික ව්‍යාපාරික විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කිරීම, ඵලදායීතාව වැඩිකිරීම සහ ක‍්‍රියාවලිය සාධනීය ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමයි. 

මොබිටෙල් ව්‍යාපාරික විසඳුම් ගොනුව තුළ විවිධ ශ්‍රේණිගත ව්‍යාපාරික ආයතන වලට අවශ්‍ය සියලූම සන්නිවේදන තාක්ෂණික විසඳුම් ලබාදීම උදෙසා අවශ්‍ය නවතම නිෂ්පාදන සහ තාක්ෂණය උපයෝගී කරගනිමින් ඔවුන් වෙනුවෙන්ම සකස්කළ ව්‍යාපාරික විසඳුම් තිබේ. UTECH යනු United Tractor & Equipment (Private) Limited ආයතනයෙහි අනුබද්ධිත ආයතනයක් වන අතර සියල්ලන් අතර ප‍්‍රචලිත වී ඇත්තේ UTE නමිනි. ගොඩනැගිලි, බලසැපයුම්, පාරිසරික ඉංජිනේරැ සහ ද්‍රව්‍ය මෙහෙයවීම සහ නිෂ්පාදනය කිරීමට ඉංජිනේරැ සේවා  විසඳුම් සපයන ශ‍්‍රී ලංකාවේ එකම ඉංජිනේරු සේවා සපයන්නා වේ. වසර 70කට වැඩි ඉංජිනේරැ ක්ෂේත‍්‍රයේ විශේෂඥතාවය සහ නවීන පර්යේෂණ හා සංවර්ධන තාක්ෂණික මූලාම්භයක් මගින් බලගැන්වුණු තාක්ෂණික විසඳුම් වන UTECH, IOT ආදිය නිර්මාණය කර ඇත්තේ පාරිභෝගිකයන්ගේ තාක්ෂණික වුවමනාවන් පරිපූර්ණ කිරීමට අවශ්‍ය නියම විසඳුම සාධාරණ මිලකට ලබාදීම උදෙසාය. UTECH හි තාක්ෂණය දැනට ලෝකයේ පවතින ඉහළම තාක්ෂණික උපයෝගීතාවයන්ට භාවිතාකරන නවීනතම programmable microprocessors, sensor networks, සන්නිවේදනය සහ රථවාහන වලට සම්බන්ධිත GPS තාක්ෂණ වලින් සමන්විත වන අතර එමඟින් භූමි කලමනාකරණ යන්ත‍්‍ර, බලවිදුලි ජනක සහ නිෂ්පාදන යන්ත‍්‍ර වලට අවශ්‍ය අන්තර්ජාල සන්නිවේදන උපකරණ ඇතුළත් කර ලෝකයේ  ඕනෑම තැනක සිට සැබෑ කාලය තුළදීම ඒවා පාලනය නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය සියලුම දත්ත ලබාගැනීමේ හැකියාවක් පවතී.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00