2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

“අද කෝටිපති” සුපිරි ජයමල්ල දිනූ ජයග‍්‍රාහකයන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් චෙක්පත්

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 206

මේ වනවිට කෝටිපතියන් පහළොස් දෙනෙක් බිහිකළ “අද කෝටිපති” ලොතරුයියේ  දාහතර වැනි සහ පහළොස් වැනි කෝටිපති ජයග‍්‍රාහකයින්ට හිමි චෙක්පත් ප‍්‍රදානය සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී පසුගියදා සිදුවිය. 

එහිදී “අදකෝටිපති” 548 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රු.6,98,96,915 ක මුදල දිනාගත් කරන්දෙණිය ප‍්‍රදේශයේ සිට පැමිණි කේ.ඩී.එස්.එන් .කුමාර මහතාට අදාළ චෙක්පත ප‍්‍රදානය කළ අතර එම ජයග‍්‍රාහී ලොතරැයිය අලෙවි කළ ඇත්කඳුර අලෙවි නියෝජිත ඩී.ජී. නලින් බුද්ධික මහතාටද චෙක්පතක් සමගින් සහතිකයක් ප‍්‍රදානය කරන ලදී.

“අද කෝටිපති” 562 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රු.5,41,35,480 ක මුදල දිනාගත් ඇහැලියගොඩ පදිංචි ඒ.ජී. සේනාරත්න මහතාට අදාළ චෙක්පත ප‍්‍රදානය කිරීමද සිදුවූ අතර ඔහුට එම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කළ පහත්ගම අලෙවි නියෝජිත ආර්.පී.ආර්.ඩී. අනුරුද්ධිකා මහත්මියටද චෙක්පතක් සමගින් සහතිකපතක් පිරිනමන ලදී.

මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සව සඳහා සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) චානක දොඩංගොඩ මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00