2019 මාර්තු 30 වන සෙනසුරාදා

මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය ඇල්පිටිය පුබුදුවයි

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

ඇල්පිටිය නගරවාසීනට තම ජීවිතයේ අමතක නොවන චමත්කාර දිනයක් විය. ඵ් මන්දයත් ඇල්පිටිය නගරවාසීන් සියලුදෙනා නොඉවසිල්ලෙන් බලා සිටි 38 වැනි මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය සහ සංගීත සංදර්ශනය ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීම හේතුකොට ගෙනය. ඇල්පිටිය ජනතාව පමණක් නොව මොබිටෙල් කෑෂ් බොනැන්සා සැළකෙළිය ශ‍්‍රී ලංකාවේ වැඩි පිරිසක් තමන්ගේ නගරයට එනතුරු අපේක්ෂාවෙන් සිටින තත්ත්වයකට පත්වී තිබේ. ග‍්‍රාමීය ප‍්‍රදේශවල විසිරී සිටින මොබිටෙල් පාරිභෝගිකයන්, පවුල් සහ හිතමිතුරන් එකට එකතුවෙමින් සතුටුවන අවස්ථාවක් ලෙස මෙම සැණකෙළිය අපට හඳුන්වා දියහැක. මෙම සැණකෙළිය පැවැත්වූ පසුගිය අවුරැදු 3 ක සිට ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් විසින් එය පවත්වන ප‍්‍රදේශයේ ජනතාවට විනෝදජනක සුවිශේෂී මතකයන් ඇතිකිරීමට සහ විනෝදයෙන්, ප‍්‍රීතියෙන් කාලය ගත කිරීමට අවස්ථාව උදාකර දී තිබේ.

බාල මහලු ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු දෙනාටම එකට දැනෙන විශාල ජන සහභාගීත්වයක් ඇති සැණකෙළි මාසයකට වරක් එක එක නගර කරා යමින් ඉතාමත් උත්සවාකාරයෙන් පවත්වයි. සියලුදෙනාම බලාසිටි මෙම කෑෂ් බොනැන්සා සැණකෙළිය විශාල ජනතාවකට සහභාගීවිය හැකි ස්ථානයක සියලුදෙනාටම නොමිලේ පැවැත්වේ. සෑම කෑෂ් බොනැන්සා අනතුරැව මහ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන අතර  දිවයිනේ අති දක්‍ෂ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සනිධප සංගීත කණ්ඩායමේ මියුරැ සත්සර රාවයෙන් ඇල්පිටිය ජනයාගේ සිත් සතන් ප‍්‍රබෝධමත් විය.

සෑමදෙනාටම කළහැකි කුමක් හෝ විශේෂාංගයක් මෙහි ඇතුළත් වී තිබුණ අතර බන්ජි ජම්පිංවල සිට චිත‍්‍ර තරග දක්වා මෙන්ම IOT වැඩමුළු, ළමා විනෝද ක‍්‍රීඩා අංග සහ මොබිටෙල් සේවා හා නිෂ්පාදන ප‍්‍රදර්ශන කුටියකින් ද මෙය සමන්විත විය. මොබිටෙල් සතු Internet of Things (IOT) නව මුලධර්ම ජනතාව අතර ප‍්‍රචලිත කිරීමටත් ඒවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වමින් පැමිණෙන අමුත්තන්ට අනාගත සන්නිවේදන තාක්ෂණ හැකියාවන් පිළිඹිබු කිරීමට ඇති මනා තෝතැන්නක් බවට මෙම සැණකෙළිය පරිවර්තනය විය. මෙහි ඇති ‘gaming zone’ එක Mobitel 4G අධිවේගී ඉන්ටර්නෙට් සම්බන්ධතාවයෙන් බලගන්වා තිබේ. මෙම කුටිය ජනතාව අතර වඩාත්ම ජනප‍්‍රිය ප‍්‍රදර්ශන කුටිය වන අතර බාලමහලු භේදයකින් තොරව සියලූ දෙනාම එකට රොක්වී මෙම අධිවේගවත් පරිගණක ක‍්‍රීඩා අත්දැකීම ලබාගැනීමට පෙළඹෙයි. මෙම සැණකෙළියේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ද වටිනාකමක් එක් කරමින් ඔවුන්ගේ ඇස්පෙනීමේ දුර්වලතාවන් පරීක්ෂා කිරීම, රුධිරයේ සීනි ප‍්‍රමාණය පරීක්ෂා කිරීම, රුධිර පීඩනය පරීක්ෂාකිරීම ආදිය විශේෂඥ වෛද්‍යවරුන් ලවා නොමිලේ පරීක්ෂා කරගැනීමේ සායනයක් ද පැවැත්විය. මොබිටෙල් කෑෂ් බොනැන්සා තරඟය ශ‍්‍රී ලංකාවාසී සැමටම ජීවිතයට නව අර්ථයක් සහ තම වාසනාව සමඟ තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් ලබාදෙන ඉතා පරිපූර්ණ වැඩසටහනක් වන අතර එකිනෙකාගේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් අනාගත සන්නිවේදන තාක්ෂණය ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතයට මුසුකරන විචිත‍්‍රවත් සැණකෙළියකි.