2019 මාර්තු 30 වන සෙනසුරාදා

සතොස මෝටර්ස් සමාගම නවතම Isuzu D Max රථය එළිදක්වයි

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 303

Colombo Motor Show 2019 ප‍්‍රදර්ශනයේදී Isuzu D Max RT66 Double Cab රථය මෙරටට හඳුන්වාදීමට සතොස මෝටර්ස් සමාගම (SML) කටයුතු කළේය. මෙම අවස්ථාවට මෙරට රථවාහන සම්බන්ධයෙන් උනන්දු වන විශාල පිරිසක් සහභාගී වූහ. 

නවතම ඉසුසු ඩබල් කැබ් රථ මාදිලි අතර ඉදිරියෙන්ම ඇති මෙම රථයෙහි 4JJ1 Common Rail Isuzu 3 liter ඩීසල් එන්ජින් ඇතුළත් වී ඇත. එමෙන්ම වේග 6 ගියර් පද්ධතියක්ද ඇතුළත් නිසා එය වැඩි බලයක් සහ විශ්වාසදායී ක‍්‍රියාකාරීත්වයක්ද ලබාදෙයි. රථයේ පෙනුමද බෙහෙවින් වැඩිදියුණු කර ඇති අතර පහසුව, ආරක්ෂාව සහ අලංකාරය යනාදී සියලු අංශ වැඩිදියුණු වී තිබේ. 

Isuzu D Max යනු ආසියානු කලාපයේ ජනප‍්‍රිය වෙමින් පවතින ඩබල් කැබ් මාදිලි පෙළකි. දශක ගණනාවක් තිස්සේ වැඩිදියුණු වෙමින්, කලාපයේ මාර්ග හා දේශගුණ තත්ත්වයන්ට හොඳින් ගැළපෙන ආකාරයට සකස් වී තිබීම මෙම ජනප‍්‍රියත්වයට ප‍්‍රධාන හේතුවක්. 2019 වර්ෂය සඳහා හඳුන්වා දෙන රථය අලංකාරය පැත්තෙනුත් වැඩිදියුණු කර තිබෙන නිසා එයට ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ආකර්ෂණය වේවි.” සතොස මෝටර්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එශාන් කුරේ මහතා පැවසීය. 

Euro IV ප‍්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇති නව Isuzu D Max රථයේ ‘වීල්බේස්’ එක වැඩිදියුණු කර ඇත්තේ වඩාත් ස්ථායී ගමනකට උපකාරී වන පරිද්දෙනි. එමෙන්ම ඩබල් කැබ් කාණ්ඩයේ රථ අතරින් මගීන් සඳහා ඇති කොටසේ වැඩිම ඉඩක් සහිත රථය මෙය වන අතර, මාර්ගය කුමක් වුවත් මගීන්ට උපරිම සුවපහසුවක් ලැබෙන ලෙස එය නිර්මාණය කර ඇත. 

Isuzu D Max කවදත් ඉහළ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් ඉසිලූ රථයක්. මේ නව රථයක් සමග ඒ සම්ප‍්‍රදාය තවත් වැඩිදියුණු වී තිබෙනවා. මෙය නිපදවා ඇත්තේ ගමනට බිමනට ප‍්‍රයෝජනවත් වන ආකාරයට මෙන්ම, රිය පැදවීමේ තෘප්තිය උපරිමයෙන් ලැබෙන ආකාරයටයි. නිෂ්පාදන සමාගම මගින්ම සවිකරනු ලබන Chrome exterior package එකට අමතරව Side steps, ස්පීකර් 8 කින් යුත් entertainment system එකක්, touch-screen media player සහ reverse camera ඇතුළු බොහෝ විශේෂාංග මීට ඇතුළත් වී තිබෙනවා.” SML සමාගමේ සාමාන්‍යධිකාරී (අලෙවි) ඩර්ක් ජොෂුවා මහතා පැවසීය. 

ඉසුසු රථවාහන සඳහා නිල නියෝජිත ලෙස SML සමාගම වසර 56 ක් තිස්සේ කටයුතු කරයි. ඒ අනුව එය ලොව ඉසුසු සමාගමේ නිල නියෝජිතයෙකු ලෙස වැඩිම කාලයක් කටයුතු කළ සමාගම බවට පත්වී ඇත. මේ ශක්තිමත් සම්බන්ධතාව නිසා ඉතාම විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමට SML සමාගමට හැකිවී තිබේ.