2019 මාර්තු 23 වන සෙනසුරාදා

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව පිළියන්දල

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

පාරිභෝගික ජනතාවට සුහදශීලී මුල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වෙළඳපොෙළ් කීර්තිමත් නාමයක් හිමිකරගෙන සිටින, සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත මුල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ නවතම ශාඛාව නොබෝදා සුභ මොහොතින් පිළියන්දල නගරයේදී විවෘත කරන ලදී.

නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට ආරාධිත අමුත්තා වශයෙන් සියපත ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්‍ෂ ආචාර්ය දිලන්ජන් සොයිසා මහතා සහභාගී වූ අතර සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සමන් හේරත් මහතා හා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මණ්ඩලය ඇතුළු පාරිභෝගික මහත්ම මහත්මීහු රුසක් සහභාගී වූහ.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉහළ ජනාකීර්ණ නගරයක් වන පිළියන්දල නගරයට සියපත ෆිනෑන්ස් සමාගමේ ආගමනය ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාවටත් , සාමාන්‍ය ජනතාවටත් ලීසිං , ව්‍යාපාරික ණය , රන්ණය, ෆැක්ටරින්, දේපල ණය, ස්ථාවර තැන්පතු ඇතුළු  මුල්‍ය සේවා ලබා ගැනීමෙහිලා නව බලාපොරෝත්තුවක් ජනිත කරවීමට සමත්වනු ඇති බව සියපත සමාගමේ විශ්වාසයයි.

සම්පත් බැංකු සමුහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් සමාගම මෙරට මුල්‍ය වෙළඳපොළ තුළ සිය සේවා ආරම්භකර ගතවූ වසර 13ක කාලය තුල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් සවිබල ගන්වමින් ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මුල්‍ය සේවා සම්පාදනය හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.