2019 මාර්තු 16 වන සෙනසුරාදා

මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය බදුරලියට යයි

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

සෑමදෙනාම පුල පුලා බලා සිටි මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය පසුගිය පෙබරවාරි මස 23 වැනි දින බදුරලිය කඹුරාවල විදුහල් ක‍්‍රීඩාංගණයේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. මොබිටෙල් කෑෂ් බොනැන්සා සැළකෙළිය ශ‍්‍රී ලංකාවේ වැඩි පිරිසක් තමන්ගේ නගරයට එනතුරු අපේක්ෂාවෙන් සිටින තත්ත්වයකට පත්වී තිබේ. ග‍්‍රාමීය ප‍්‍රදේශවල විසිරී සිටින මොබිටෙල් පාරිභෝගිකයන්, පවුල් සහ හිතමිතුරන් එකට එකතුවෙමින් සතුටුවන අවස්ථාවක් ලෙස මෙම සැණකෙළිය අපට හඳුන්වා දිය හැක. සැණකෙළිය පැවැත්වූ පසුගිය අවුරුදු 3ක සිට ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් විසින් එය පවත්වන ප‍්‍රදේශයේ ජනතාවට විනෝදජනක සුවිශේෂී මතකයන් ඇතිකිරීමට සහ විනෝදයෙන්, ප‍්‍රීතියෙන් කාලය ගත කිරීමට අවස්ථාව උදාකර දී තිබේ. සිය නගරයට පැමිණෙනතුරු ආසාවෙන් බලාසිටි ජනතාවගේ පැතුම් ඉටුකරමින් මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළිය 37 වැනි වතාවට බදුරලිය නගරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.   

සියලු ජාතීන්, වයස් කණ්ඩායම් සහ ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුදෙනාටම එකට දැනෙන විශාල ජන සහභාගීත්වයක් ඇති සැණකෙළි මාසයකට වරක් එක එක නගර කරා යමින් ඉතාමත් උත්සවාකාරයෙන් පවත්වයි. සියලු දෙනාම බලාසිටි කෑෂ් බොනැන්සා සැණකෙළිය විශාල ජනතාවකට සහභාගී විය හැකි ස්ථානයක සියලුදෙනාටම නොමිලේ පැවැත්වේ. සෑම කෑෂ් බොනැන්සා වකින් අනතුරුව මහ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන අතර සියලුදෙනාගේම ආකර්ෂණය දිනාගත් අංගය මෙය වේ. ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක් සිය ප‍්‍රාසාංගික දායකත්වය ලබාදෙන මෙහි නමගිය ගායක ගායිකාවන් රැසක් ගීත ගායනා කරයි. මෙය සැබැවින්ම පවුලේ ප‍්‍රසාංගික අත්දැකීමකි.

සෑම දෙනාටම කළ හැකි කුමක් හෝ විශේෂාංගයක් මෙහි ඇතුළත් වී ඇති අතර බන්ජි ජම්පිංවල සිට චිත‍්‍ර තරග දක්වා මෙන්ම IOT වැඩමුළු, ළමා විනෝද ක‍්‍රීඩා අංග සහ මොබිටෙල් සේවා හා නිෂ්පාදන ප‍්‍රදර්ශන කුටියකින්ද මෙය සමන්විත වේ. මොබිටෙල් සතු Internet of Things (IoT) හැකියාවන් ජනතාව අතර ප‍්‍රචලිත කිරීමටත් ඒවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වමින් පැමිණෙන අමුත්තන්ට අනාගත සන්නිවේදන තාක්ෂණ හැකියාවන් පිළිඹිබු කිරීමට ඇති මනා තෝතැන්නක් බවට මෙම සැණකෙළිය පරිවර්තනය වී තිබේ. මෙහි ඇති ‘gaming zone’ එක Mobitel 4G අධිවේගී ඉන්ටර්නෙට් සම්බන්ධතාවයෙන් බලගන්වා තිබේ. මෙම කුටිය ජනතාව අතර වඩාත්ම ජනප‍්‍රිය ප‍්‍රදර්ශන කුටිය වන අතර බාල මහලු භේදයකින් තොරව සියලුදෙනාම එකට රොක් වී මෙම අධිවේගවත් පරිගණක ක‍්‍රීඩා අත්දැකීම ලබාගැනීමට පෙළඹෙයි. මෙම සැණකෙළියේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාද වටිනාකමක් එක්කරමින් ඔවුන්ගේ ඇස්පෙනීමේ දුර්වලතාවන් පරීක්ෂා කිරීම, රැධිරයේ සීනි ප‍්‍රමාණය පරීක්ෂා කිරීම, රැධිර පීඩනය පරීක්ෂා කිරීම ආදිය විශේෂඥ වෛද්‍යවරැන් ලවා නොමිලේ පරීක්ෂා කරගැනීමේ සායනයක්ද පැවැත්වීය.

සැණකෙළියට සමගාමීව මොබිටෙල් සිය ආයතනික සමාජ වගකීම මනාව ඉටුකිරීම උදෙසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් අක්ෂි සායනයක් පවත්වයි. මෙම සායනයේදී හඳුනාගන්නා අක්ෂි දෝෂ සහිත ජ්‍යෙෂ්ඨ උපහාර පාරිභෝගිකයන් 1000ක් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ප‍්‍රදානය කිරීමටද ඔවුන් කටයුතු කරයි. එමෙන්ම, ජාතික හැඳුනුම්පත් නැතිවී හෝ වෙනයම් ආකාරයකින් අස්ථාන ගතවී ඇති බදුරලිය ප‍්‍රදේශවාසීන්ට සිය ජාතික හැඳුනුම්පත් ලබාගැනීම පහසු කරන සේවා කුටියක් ද මොබිටෙල් කෑෂ් බොනැන්සා සැණකෙළියේ ස්ථාපනය කර තිබේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00