2019 මාර්තු 09 වන සෙනසුරාදා

සෙලින්කෝ හෙල්ත්කෙයා රේඩියෝඇක්ටිව් අයඩින් ප‍්‍රතිකාර පහසුකම් දෙගුණ කරයි

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 214

ශ‍්‍රී ලංකාව තුළ අති නවීන පිළිකා විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් (CHSL) සමාගම විසින් ශරීරයේ තයිරොයිඩ හෝමෝන වැඩිවීම නිසා හටගන්නා තයිරොයිඩ් පිළිකා සහ තයිරොටොක්සිකෝසිස් සඳහා රේඩියෝ ඇක්ටිව් අයඩින් (RAI) ප‍්‍රතිකාර ලබාදීමේ තම පහසුකම් දෙගුණයකින් වර්ධනය කරගෙන තිබේ.  

මේ අනුව, නව පහසුකම් ගොඩනැගීමෙන් පසුව මෙම සමාගමට මීට පෙර සතියකට රෝගීන් හතර දෙනෙකුට රේඩියෝඇක්ටිව් අයඩින් ප‍්‍රතිකාර කිරීමට තිබූ හැකියාව සතියකට රෝගීන් අට දෙනෙකු දක්වා වර්ධනය වී තිබෙන අතර මෙම ප‍්‍රතිකාර මේ වනවිට බදාදා සහ සෙනසුරාදා යන දින දෙක තුළදී ලබාදීම සිදුකරයි.  

රේඩියෝඇක්ටිව් අයඩින් ප‍්‍රතිකාර යනු තයිරොයිඩ පිළිකා සඳහා වඩාත් ඵලදායී සහ සුවදායී ප‍්‍රතිකාර ක‍්‍රමය වන අතර මෙහිදී අයඩින් ඉලෙක්ට්‍රෝන මගින් සුව කිරීමේ කටයුත්ත සිදුකරයි. මෙහිදී ප‍්‍රතිකාර සඳහා පදනම් වන්නේ තයිරොයිඩ් සක‍්‍රීයව අයඩින් එකතු කරයි යන්න වන අතර එය ඉන්පසුව සාමාන්‍ය ශරීර ක‍්‍රියාකාරීත්වයට අවශ්‍ය තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනය කිරීමට භාවිතා කරයි.    

කරලක් ලෙස හෝ ජලයේ දියකර ගත්විට රේඩියෝඇක්ටිව් අයඩින් ඉතාමත් ඉක්මනින් උදරය සහ බඩවැල් මගින් අවශෝෂණය කර ගනී. එය ඉන්පසුව රැධිරය සමග එක්වී තයිරොයිඩ් ග‍්‍රන්ථියට ඇතුළු වේ. ඉන්පසුව, රේඩියෝඇක්ටිව් අයඩින් විසින් සමහර තයිරොයිඩ් සෛලවල ක‍්‍රියාකාරීත්වයට බාධා කරන අතර වැඩිපුර රේඩියෝඇක්ටිව් අයඩින් ලබාදීම තුළින් මෙම සෛලවල ක‍්‍රියාකාරීත්වයට වැඩිපුර බාධා සිදුවේ. මෙමගින් වැඩිපුර තයිරොයිඩ හෝමෝන නිපදවීම නතර වන අතර hyperthyroidism රෝග ලක්ෂණ අවසන්වීම මෙහිදී ආරම්භ වේ.

සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය තුළදී රෝගීන්ට ලබාදෙන අයඩින් කරල් ඉහළ යුරෝපීය ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත වේ. 

රේඩියෝඇක්ටිව් අයඩින් ප‍්‍රතිකාර මගින් තයිරොයිඩ පිළිකා සඳහා මිලිකියුරි (mCi) 30, මිලිකියුරි 100, මිලිකියුරි 150 සහ මිලිකියුරි 200 යන ප‍්‍රමාණයන්ගෙන් යුක්ත ප‍්‍රතිකාර ලබාදෙන අතර තයිරොටොක්සිකොසිස් සඳහා මිලිකියුරි 10, මිලිකියුරි 15, මිලිකියුරි 20, මිලිකියුරි 25 යන මට්ටමේ ප‍්‍රතිකාර ලබාදෙයි.      

සෙලින්කෝ හෙල්ත්කෙයා මධ්‍යස්ථානය විසින් 2007 වසරේ සිට රෝගීන් 2,250 කට වැඩි සංඛ්‍යාවකට රේඩියෝඇක්ටිව් අයඩින් ප‍්‍රතිකාර ලබාදී තිබේ. මෙම මධ්‍යස්ථානයේ තිබෙන සුඛෝපභෝගී කාමර වලට වායු සමීකරණ, කේබල් ටී.වී සහ රාත‍්‍රී තුනක් නතර වී අයඩින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන් සඳහාම වෙන්වූ කාමරයටම ඒකාබද්ධ කර තිබෙන වැසිකිළි පහසුකම් ඇතුළු පහසුකම් ඇතුළත් කර තිබේ. මෙම කාමර සිංගප්පූරැවේ තිබෙන මෙවැනිම පහසුකම් මෙන් ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුක්ත වේ.   
දැරිය හැකි මිලකට ප‍්‍රතිකාර ලබාදෙන මෙරට වඩාත්ම පළපුරැදු පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් විසින් පසුගිය දශකය පුරා ශ‍්‍රී ලංකාවේ රෝගීන් 5000 කට වැඩි ප‍්‍රමාණයකට විකිරණ ප‍්‍රතිකාර ලබාදී තිබේ. සමාගමට අයත් විකිරණ ප‍්‍රතිකාර ඒකක දෙක වන සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සහ සෙලින්කෝ ටොමෝතෙරපි මධ්‍යස්ථානයට අමතරව සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානයද සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් සමාගමට අයත්ය.