2019 ජනවාරි 26 වන සෙනසුරාදා

සුපිරි කෝටිපති ජයග‍්‍රාහකයන් දෙදෙනෙක් මුදල් ත්‍යාග ලබති

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 210

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් පසුගිය සති දෙකක කාලය ඇතුළත බිහිකරන ලද තවත් කෝටිපතියන් දෙදෙනෙක් සදහා චෙක්පත් ප‍්‍රදානය පසුගිය 2019.01.16 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.
අද කෝටිපති ලොතරැයිය බිහිකළ එකලොස් වන කෝටිපති ජයග‍්‍රාහකයා බවට පත් වෙමින් අදකෝටිපති 489 වැනි වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 5 ,72 ,51, 915 ක මුදල දිනාගත් අනුරාධපුර එම්. ජී. යටාලතිස්ස මහතාට අදාළ චෙක්පත ප‍්‍රදානය කිරීම එදින සිදුවිය.

සංවර්ධන වාසනාව 205 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.1 ,72, 73, 108 ක මුදල දිනා ගත් ජයග‍්‍රාහිකාව වූ මහව එස්. එන්. ඩබ්. එම්. එන්. පී. සේමසිංහ මහත්මියට ද එදින අදාළ චෙක්පත ප‍්‍රදානය කරන ලදී.

එම ජයග‍්‍රාහකයන් ලොතරැයිපත් අලෙවි කළ නෙළුම්කුලම අලෙවි නියෝජිත එම්. ආර්. උපුල් මහතාට සහ එම්. එස්. කේ. දිසානායක යන අයට ද සහතිකපතක් සමඟින් මුදල් ත්‍යාග පිරිනමන ලදී.

මෙම චෙක්පත් ප‍්‍රදානෝත්සව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච්. ආර්. විමලසිරි මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.