2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ලෙඩ ගැන කියන මුත‍්‍රාවල පැහැය

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 513

ඔබ දන්නවාද ඔබ සැම වෙලේම ඔබේ ශරීරයේ රෝගී නිරෝගී බව ගැන යමක් පවසනවා?

ශරීරයේ සජල බව මෙන්ම ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන්ගේ අක‍්‍රිය වීම දක්වා හෝඩුවාවන් මුත‍්‍රාවල පැහැය මඟින් ගෙදරදීම දැනගැනීමට පුළුවන්. බලන්න ඔබේ මුත‍්‍රාවල පැහැයත් මේ වගේද කියලා.

1. අවර්ණ/ විනිවිද පෙනෙන

ඔබ වතුර විශාල ප‍්‍රමාණයක් බොනවා. නිරෝගියි.

2. ළා කහපාට

ඔබ සාමාන්‍යයි. සෞඛ්‍ය සම්පන්න සහ හොඳින් සජල වූ තැනැත්තෙක්.

3. තද කහපාට

සාමාන්‍යයි. නමුත් වතුර ටිකක් බිව්වොත් හොඳයි.

4. දුඹුරු පාට

ඔබ අක්මා රෝග හෝ බරපතල ලෙස විජලනය වී ඇත. ඇති තරම් ජලය පානය කරන්න. මෙම තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

5. රතු පැහැයට හුරු රෝස පාට

මෙය ඔබ පරිභෝජනය කර ඇති රතු පාටට හුරු ආහාර නිසා හෝ වකුගඩු. අභ්‍යන්තර තුවාල තත්ත්වයක් හෝ පිළිකා තත්ත්වයක් විය හැක. නොපමාව වෛද්‍යවරයා හමුවන්න.

6. තැඹිලි පාට

මුත‍්‍රා සමඟ පිත පිටවීම හෝ අක්මාව ආබාධයක් විය හැකියි. නොපමාව වෛද්‍යවරයා හමුවන්න.

7. නිල් හෝ කොළ පාට

දුර්ලභ ජාන රෝගයක් වීමට ඉඩ ඇත. ඇතැම් බැක්ටීරියා හෝ ඔබ පරිභෝජනය කර ඇති වර්ණ ගැන්වූ ආහාරයක් හෝ යම්කිසි බෙහෙත් වර්ගයක් නිසා ද වීමට පුළුවන්. නමුත් තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

8. පෙණ නගින මුත‍්‍රා

හානිකර නොවන ප‍්‍රතිපලයකි. නමුත් මෙය ඔබේ ආහාරයේ ඇති අතිරික්ත ප්‍රෝටීන් නිසා  හෝ වකුගඩු නැතිනම් අක්මාව සම්බන්ධ ආබාධයක් විය හැකියි. පෙණ සැම වෙලේම පවතීනම් වෛද්‍යවරයා හමුවන්න.

මුත‍්‍රාවල සුවඳ ද සෞඛ්‍ය ප‍්‍රශ්න හඟවන්නක් විය හැක. දුගඳක් හමයි නම් මුත‍්‍රා ආසාදනයක් වීමට පුළුවන්.

මිහිරි පලතුරු සුවඳ නම් දියවැඩියාව හෝ අක්මා රෝග ලක්ෂණයක් විය හැක

පුස් සුවඳ නම්, තරබාරුව වැනි පරිවෘත්තීය රෝගයක් වීමට පුළුවන්. නැතිනම් ඔබ නිතරම පානය කරන යම්කිසි පානයක් නිසාද මෙසේ වීමට පුළුවන්. නිදසුනක් ලෙස  නිතරම කෝපි හෝ හාතාවාරිය පානය කිරීම. එසේනම් මෙය සාමාන්‍ය තත්ත්වයකි.

Web MD