2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මොකක්ද මේ ඇස් රැකදෙන ස්නෙලන් පරීක්ෂාව?

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 805

ඇස් දෙකේ පෙනීම සඳහා ප්‍රතිකාර ගන්නට යන හැමවිටම සුවියක වශයෙන් ස්ථානයකට ගියවිටරසුලබව මුහුණදීමට සිදුවන පරීක්ෂණයක් ලෙස ‘ස්නෙලන් පරීක්ෂාව‘ හඳුන්වන්න පුළුවන්. මෙම වචනය ඇතැම්විට ඔබට හුරුපුරුදු නොවූවත් එක් එක් ප‍්‍රමාණයේ අකුරැ ඉලක්කම් ඇති කුඩා කාඩ්බෝඩ් පුවරුව කී සැණින් ඔබට පරීක්ෂණය කුමක්දැයි කියා එක්වරම සිහියට නැගෙනු ඇති. ඇස් දෙකේ පෙනීම සඳහා වූ පරීක්ෂණ අතුරින් සරලම පරීක්ෂණයක් ලෙස මෙය හඳුන්වන්න හැකියි. 

ස්නෙලන් පරීක්ෂණය යනු කුමක්ද?

ඇසෙහි පෙනීම හෙවත් දෘෂ්ටියෙහි පැහැදිලි බව මනින මෙම පරීක්ෂණය වගුවක් මගින් සිදුකෙරෙයි. වගුවේ එක් එක් ප‍්‍රමාණයේ අකුරැ පේළි පවතී. එම අකුරැ පේළි ඉදිරියෙන් ඒවා කියවිය යුතු දුර ප‍්‍රමාණද සඳහන් කර තිබේ. පරීක්ෂණයට කිසිදු සූදානමක් අවශ්‍ය නැත.

පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද?

වෛද්‍යවරයකු හෝ හෙදියක හෝ උපස්ථායකයකු විසින් පරීක්ෂණය සිදුකරයි. පරීක්ෂණය මගින් පුද්ගලයාගේ පෙනීම සම්බන්ධව (දෘෂ්ටිය ගැන) දළ මිම්මක් ලබාගනී.

මෙහිදී රෝගියාට එක් ඇසක් නිරාවරණය කරගෙන, අනෙක් ඇස තමාගේම අතින් හෝ කාඩ්බෝඩයකින් ආවරණය කරගෙන නිරාවරණය වුණු ඇසින් පුවරැවේ අකුරැ කියවන්නට සලස්වයි. සිටගෙන හෝ වාඩිවී පුවරැව කියවීමට පුළුවන.

දැනටමත් ඇස් කණ්ණාඩි පළඳින්නකු නම් පුවරුව කියවිය යුත්තේ කණ්ණාඩි පැළඳගෙනයි. වෛද්‍යවරයාට ඇසෙන සේ උස් හඬින් අකුරු කියවිය යුතුයි.

අකුරු කියවීමේ හැකියාවක් නැත්නම් ඒ සඳහා අකුරු වෙනුවට වෙනත් දෑ යෙදූ පුවරැ භාවිත කරයි. උදා: ක‍්‍රමයෙන් කුඩාවන සත්ත්ව රූප යෙදූ පුවරු සායනවල ඇත.

පරීක්ෂණයේ කිසිදු අතුරැ ආබාධයක් නැත. පරීක්ෂණයෙන් පසු කිසිවක් කළ යුතුද නැත. පරීක්ෂණ ප‍්‍රතිඵල ක්ෂණිකව දැනගත හැකියි. ඇස් දෙකෙන් මාරැවට මාරැවට පුවරැව කීමට ලැබෙන නිසා එක් එක් ඇසෙහි පෙනීම වෙන වෙනම කිව හැකිය.

ප්‍රතිඵල

සාමාන්‍ය පෙනීම ලෙස සලකන්නේ මීටර් 6/6 යි. එවැනි පෙනීමක් ඇති තැනැත්තාගේ දෙනෙත් නීරෝගීයි.

ඉහළ අගයෙන් අකුරු කියවිය යුතු නිශ්චිත දුර ප‍්‍රමාණය වන මීටර් 6 දැක්වෙන අතර පහළ අගයෙන් එම අකුරු රෝගියාට කියවිය හැකි දුර දැක්වෙයි. 
 
-Web MD