2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ලැජ්ජාව නිසා මාරාන්තික වන ලෙඩේ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 7260

ලැජ්ජාව නිසා බොහෝදෙනා කතා කරන්නට අකමැති රෝගයකි මේ. බොරු ලැජ්ජාව නිසාම කලින් හඳුනාගැනීමට ඇති අවස්ථාව වැළකී දැඩි අපහසුතාවන්ට ලක්ව මාරාන්තික බවට පත්වීමයි. මේ රෝගය ගුද පිළිකාවයි.  

අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස වන ගුද මාර්ගය ආහාරවල අපතේ යන ඉතිරි වන කොටස් මළපහ ලෙස ශරීරයෙන් ඉවත්කර දැමීම සිදු කරනවා. බඩවැල් අවසානයේ හමුවන ගුදය අඟලකින් හෝ අඟල් එකහමාරක දිගකින් යුක්ත වන අතර මේ කියන ගුදය තුළ ඇතිවන පිළිකාමය තත්ත්වය ගුද පිළිකාව ලෙස හඳුන්වනවා. ගුදයේ අභ්‍යන්තර බිත්ති මත පිහිටන “mucosa” යන නමින් හඳුන්වන සෛලවලයි මෙම පිළිකා තත්ත්වය ප්‍රථමයෙන් ඇති වන්නේ.

ගුද පිළිකාවේ වර්ධනයක් පසුගිය කාලය තුළ වර්ධනය වී ඇති අතර වයස අවුරැදු 60 පමණ වනවිට ගුද පිළිකා අවදානමක් ඇති වන බව නවතම අධ්‍යයන විසින් සොයාගෙන තිබෙනවා.

ගුද පිළිකාවේ පූර්ව රෝග ලක්‍ෂණ පිළිබඳ දැනුවත් වන්න.

1. ගුදය කැසීම

ගුදයේ මුඛය අවට විශේෂිත හේතුවකින් තොරව දිනපතා කසන සුළු ස්වභාවයක් ඇතිවනවා නම් මෙය ගුද පිළිකාව ඇතිකරන සෛල විකෘතිතාවයන් නිසා ඇතිවන පූර්ව රෝග ලක්‍ෂණයක් වන්නට ඉඩ ඇත.

2. ගුදයෙන් රුධිරය වහනය වීම

ගුද මාර්යෙන් රැධිරය පිටවීම මළපහවල රුධිරය තැවරී පිටවීම මගින් සොයාගන්නට පුළුවන්. ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මළබද්ධයේ සිට උදර ආසාදන යන බොහෝ රෝග ගණනක් නිසා සිදු වුවත් මෙය කිසිවිටකත් නොසලකා හැරිය නොයුතු කරුණකි. මෙම රෝග ලක්‍ෂණය මගිනුත් ගුද පිළිකාවේ අවදානම කියාපාන නිසා ඔබත් මෙය අත්විඳිනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

3. ගුද මාර්ගය ඉදිමීම

ගුද මාර්ගයේ ඇතිවන ඉදිමීමද ගුද පිළිකාවේ මුලික රෝග ලක්‍ෂණයකි. ඉදිමීම පිළිබඳ වෛද්‍ය පරීක්‍ෂණයක් මගින් පරීක්‍ෂා කර ගත යුතු වනවා. මෙම තත්ත්වය වේදනාකාරී බවක් ගෙන නොදුන්නත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි සුදුසු වන්නේ.

4. අසාමාන්‍ය තරලයන්

සෞඛ්‍යය සම්පන්න අයෙකුගේ ගුදයෙන් කිසියම් හෝ තරලයක් ශ්‍රාවය වීම ඉතා විරල වූ දෙයකි. ගුද මාර්ගයෙන් නිකුත් වන විවිධ තරලයන් මගිනුත් ගුද පිළිකාවේ ලක්‍ෂණ පෙන්නුම් කරන නිසා මේ පිළිබඳවත් නිසි අවධානයක් යොමු කළ යුතු වනවා.

5. අක්‍රමවත්ව මළපහ පිටවීම

වැසිකිළි භාවිතා කළ පසුත් ඔබේ උදරයේ මළපහ තවමත් තිබෙන බවක් ඔබට දැනෙන අතර මළපහ කිරීමේදී පිටවන මළපහ වල හැඩය පටු ස්වභාවයක් ගන්නවා නම් එයත් ගුද පිළිකාවේ රෝග ලක්ෂණයක් වනවා. මෙම තත්වය ඇතිවන්නේ ගුද මාර්ගය තුළ ඇතිවන වායු ගෙඩි මගින් මළපහ සඳහා පිටවීමට ඇති ඉඩ ප්‍රමාණය ඇහිරීම නිසයි.

මෙම රෝග ලක්ෂණ ඇතිවිට සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා වහා පරීක්ෂාවට  ලක්කර ප්‍රතිකාර ලැබීම වැදගත්. බාහිර පරීක්ෂාව මෙන්ම ස්කෑන් පරීක්ෂණ සහ ජෛව පඨක පරීක්ෂා මගින් මේ රෝගය නිශ්චිත ලෙසම හඳුනාගත හැකියි.

- Web Md

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00