2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

පුංචි දරුවොත් බිලිගන්නා මොළයේ ගෙඩි

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 876

පුංචි දරුවන්ගේ මොළයේත් ගෙඩි හටගන්නා බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වේවි. අපේ ශරීරයේ පිහිටා තිබෙන ඉන්ද්‍රියයන් අතරින් මොළය වඩා සංකීර්ණ වූ ක්‍රියාවලියක් ඉටුකරන ඉන්ද්‍රියයකි. මේ නිසා සිරුරේ මෙහෙයුම් පාලනය කරගැනීමට මොළයේ නිසි ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් එහි නීරෝගී ක්‍රියාකාරීත්වයට බාධා කරන මොළයේ අතිවන ගෙඩි ගැන දැන් දැන් නිතර අසන්නට ලැබේ. වැඩිහිටි අය අතර වඩාත් බහුලව පවතින මෙම තත්ත්වය සමහර අවස්ථාවලදි  පුංචි දරුවන් අතරත් දැකිය හැකියි. මොළයේ ගෙඩි අවදානම ඉහළ ජීවිත අහිමි කරන්නට පවා හැකි බරපතළ සෞඛ්‍ය ගැටලුවකි. 

මොළයේ කිසියම් තැනක ඉතා කුඩා තිතක් මෙන් හටගන්නා ගැටිත්තක් පසුව ගෙඩියක් ලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් විශාල බවට පත් වෙනවා. ඒ අනුව රෝග තත්ත්වයද බරපතල තත්ත්වයට පත්වන අතර රෝග ලක්ෂණද පෙන්නුම් කිරීමට පටන් ගන්නවා. දරුවන් ඇති අම්මලා වඩාත් විමසිලිමත් විය යුත්තේ මුලින්ම පහළ වන රෝග ලක්ෂණ පිළිබඳවයි. මෙම රෝග ලක්ෂණ තීන්දු වන්නේ ගෙඩිය හටගන්නා ස්ථානය එහි ප්‍රමාණය සහ වර්ධනය වන වේගය මතයි.

හිසරදය, එක්වරම හටගන්නා මෙහි කැක්කුම් ඇතිවන ස්වභාව වරින්වර වෙනස් වන නමුදු ක්‍රමයෙන් ඉහළ යයි. හේතු රහිත වමනය යාම සහ ඔක්කාරය. ඇසේ අපහසුතා, දසුන අඳුරුවීම, දෙගුණ වී පෙනීම, බාහිර අවට ඇති දේ නොපෙනී පටු වීම. අතපය නැතිවාක් ලෙස දැනීම: අත පය අක්‍රිය වීම. කන් ඇසීමේ අපහසුතා, සමබරතාව නැතිව වැටෙන්නට යාම. කතා කිරිමේ අපහසුතා. ගතිපැවතුම් හැසිරිම් වෙනස් වීම. හදිසි අපස්මාරය. ෆිට්එක හැදීම. යන මේවා අතරින් එකක් හෝ දුටු විට වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

සාමාන්‍යයෙන් පොදුවේ මෙම රෝගයේදී පළමුවෙන්ම ඇති වන්නේ අධික හිසරදය සහ වමනයයි. පුංචි දරුවා නිතර නිතර හිසරදයක් ගැන කියන්නේ නම්, නැතිනම් හේතුවකින් තොරව වමනය කරන්නේ නම් මේ පිළිබඳව අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්. මෙම හිසරදය සහ වමනය එක විට ඇති වන්නේ මොළයේ හටගෙන ඇති ගෙඩිය හේතුවෙන් සිදුවන පීඩනය හා තෙරපීම නිසයි. තවද මොළයට රැධිරය ගෙන යන රුධිර නාළ මෙසේ තෙරපී ඇදීමට ලක්වීමෙන් මෙම රෝග ලක්ෂණ දෙක හට ගනියි.

සිරුරේ හටගත් ගෙඩියක් යනු සෛල වලින් සෑදුණු දෙයකි. මොළයේ යම් ස්ථානයක සෛලවල අධි වර්ධනයක් සිදුවුවහොත් එතැන ගෙඩියක් හට ගන්නට හැකිය. මෙම ගෙඩි මොළයේ ඕනෑම ස්ථානයක හට ගත හැකි නිසා ඉන් සිදුවිය හැකි ආබාධ විවිධ ස්වරූපයක් ගනියි. උදාහරණයක් හැටියට සුසුම්නා ශිර්ෂකයේ, මතකය පාලනය කරන ප‍්‍රදේශයේ, අහන දේ තේරුම් ගන්නා ස්ථානයේ, පිළිතුරු සපයන මොළය ප‍්‍රදේශයේ ආදී වශයෙන් විවිධ ස්ථානවල හටගත් ගෙඩි නිසා ඇති කරන බලපෑම එකිනෙකට වෙනස්වෙයි. 

ස්නායු ශිර්ෂකය ප‍්‍රදේශයේ ගෙඩියක් ඇති වුවහොත් ඇස, කන, දිව, බෙල්ල, මුහුණ ආදී කොටස් වල ක්‍රියාකාරීත්වය අඩපණව යයි. විශේෂයෙන්ම එවිට කට පැත්තකට ඇද වී හෝ විරූපී ස්වභාවයක් ඇති කරවයි. මතකය අඩු වෙයි. කෙනකු සමග දක්වන සන්නිවේදන සබඳතාව ඇණ හිටියි. ගොත ගැසීම හට ගනියි. 

මෙබඳු අවදානම් තත්ත්වයන් ගණනාවක් ඇතිවිය හැකියි. පුංචි ළමයකුගේ මොළයෙහි ගෙඩියක් හටගත් විට එය බරපතල තත්ත්වයට පත්වන තෙක් නොසිට ඉතා ඉක්මනින් ප‍්‍රතිකාර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා දරුවා විසින් පහළ කරන රෝග ලකුණු ක්ෂණිකව හඳුනාගත යුතුයි. මෙහිදී මවුපියන් කළ යුත්තේ දරැවා පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා නිසි ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමයි.

විශේෂයෙන්ම මොළයේ හටගන්නා ගෙඩි වලට ප‍්‍රතිකාර කිරීමේදී එම ගෙඩියේ ස්වරූපය වෛද්‍යවරැන් විසින් නිවැරුදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍යයයි. ඊට හේතුව වන්නේ අතැම් විටෙක මෙම ගෙඩිය පිළිකාවක් වීමටත් ඉඩකඩ තිබෙන හා සිරුරේ වෙනත් ස්ථානයක ඇති පිළිකාවක ප‍්‍රතිඵලයක් හැටියට මොළයේ ගෙඩි හට ගැනීමටද ඉඩ තිබෙන නිසයි. නිදසුනක් හැටියට පෙනහලු පිළිකා, වකුගඩු පිළිකා නිසා ඒවා මොළයට කරන බලපෑමෙන් ගෙඩි ඇතිවෙන්න පුළුවන්.

මොළයේ ඇතිවන ගෙඩිවලට ප‍්‍රතිකාර කිරීමේදී අපි ඉහතින් සඳහන් කළ පරිදි එය නිවැරැදිව හඳුනා ගැනීම වැදගත් වන අතර තවත් වැදගත් කරුණක්ද බලපානවා. එනම් එම ගෙඩිය පිහිටා ඇති ස්ථානයයි. ඇතැම් ස්ථානය නිසා ප‍්‍රතිකාර කිරීම අසීරු වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට කුඩා මොළයේ ගෙඩි හටගැනීම දැක්විය හැකියි.

 සුගත්

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00