2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

සිරුරට ප්‍රෝටීන් අඩුබව කියන ලකුණු

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1105

ප්‍රෝ ටීන් නමැති පෝෂ්‍ය පදාර්ථය අපේ සිරුරේ පෝෂණයට ඉතාම වැදගත් වෙනවා. එමගින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන අතර ශරීර වර්ධනය ප්‍රකෘතිමත් කරනවා. ප්‍රෝටින්වල ඇති ඇමයිනෝ අම්ල මාංශ පේෂී වර්ධනයට වැදගත් වෙනවා. මිනිස් සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා ඇමයිනෝ අම්ල 20න් 11ක්ම මිනිස් සිරුර තුළම නිෂ්පාදනය කරගත යුතු වෙනවා. ඒ අනුව පැහැදිලි වනවා අනෙකුත් ඇමයිනෝ අම්ල 9 ම ආහාර මගින් සිරැර තුළට ලබාගත යුතු බව.

ඔබේ සිරුරට අවශ්‍ය නිසි ප්‍රෝටීන් ප්‍රමාණය ඔබ ලබාගන්නේ නැතිවිට සිරුරේ පහත සඳහන් ලක්ෂණ දක්නට ලැබේවි. ඒගැන නිසි පිළියම් නොදුවහොත් එම තත්වය දරුණු සෞඛ්‍ය අවදානමක් දක්වා දුරදිග යා හැකියි. දැන් බලමු මොනවද මේ ලකුණු කියා.

නිතරම පවතින කුසගින්න

ඔබ ප්‍රමාණවත් ප්‍රෝටීන් ප්‍රමාණයක් ආහාරයට ගන්නේ නැත්නම් ඔබට නිරතුරුවම පවතින කුසගින්නක් දැනෙනවා ඇති. ඔබට සැරින් සැරේ අහාර ගැනීමට මේ නිසා සිදුවනවා ඇති. මේ ආකාරයට ඔබ නිතර ආහාර ගැනීමට ගියොත් වැඩිකල් නොගොස් අධික තරබාරුව ඇති වී විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට වේවි.

නිරන්තරව ඇති වන මස්පිඬු වේදනාව

ඔබේ මස්පිඬුවලට ඉතා තියුණු වේදනාවක් නිතර නිතර දැනෙනවාද? එසේත් නැතහොත් ඔබේ මස්පිඬුවලට අධික වෙහෙසකාරී බවක් දැනෙනවාද? මෙයට හේතුව ප්‍රෝටීන් මදිකම නිසා මස්පිඬු අධික ලෙස වෙහෙසීම නිසා ඇති වන තත්ත්වයයි.

තුවාල සුව වීමට කල්ගත වීම.

සිරුරේ නව සෛල නිර්මාණය වීමට හා සම පහසුවෙන් පුනර්ජනනය වීමට ප්‍රෝටීන් ඉතාම වැදගත් සාධකයක්. මේ නිසා ඔබට ප්‍රෝටීන් හිඟතාවයක් තියනවා නම් ඔබේ තුවාල සුවවීමට වැඩි කාලයක් ගත වේවි.

ඔබට පවතින්නේ පහසුවෙන් කැඩී යා හැකි හිසකෙස් හා නියපොතුද? කොරළ සහිත සමක්ද?

හිසකෙස් ගැලවී යාම වැඩි නම්, නියපොතු නිතර කැඩී යනවානම්, ඒ වගේම සම කොරළ සහිත හෝ හමායන තත්වයක් සහිත නම් ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නොලැබෙන බව ඔබට හොඳින් තහවුරැ කර ගැනීමට පුළුවන්.

සිරුරේ දියරමය ස්වභාවය ඉහළ යාම.

සිරුරේ දියර මට්ටම වැඩි නම් ඔබේ වළලුකර සහ පාදයට මහත් අපහසුවක් දැනෙනවා ඇති. ඇතැම්විට වේදනාවක්ද දැනෙනවා ඇති. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රෝටීන් හිඟකමයි.

නිතර වැළඳෙන අසනීප තත්ත්වය

නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ පද්ධතියකට ප්‍රධාන දායකත්වය සපයනුයේ ප්‍රෝටීන් පදාර්ථයි. ඒ අනුව ප්‍රෝටීන් පෝෂ්‍ය පදාර්ථ අඩුවීම මගින් වයිරස් සහ බැක්ටීරියා අසාදනවලට එරෙහිව ඔබේ සිරැරේ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අඩපණ වෙනවා.

ඔබේ මානසික ඒකාග්‍රතාවය අඩුවීම

නිතරම ඔබේ මානසික ඒකාග්‍රතාවය සහ මානසික සහනය අඩුවනවා නම් එය ප්‍රෝටීන් ඌණතාවයේ ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම ඕනෑම පුද්ගලයකුට ඇති විය හැකියි. මේ තත්වය මගහරවා ගැනීම සඳහා පවතින විසඳුම වන්නේ සමබර හා යෝග්‍ය ආහාර වේලක් ලබාගැනීමයි. නිසි පෝෂණ සත්කාරයක් ලබාගැනීමට නම් ඔබේ සිරුරේ බරෙන් රාත්තලකට ග්‍රෑ 0.36 ක් බැගින් වන ප්‍රෝටීන් ප්‍රමාණයක් දිනකට ලබාගත යුතු වනවා. ඒ අනුව රාත්තල් 150ක් පමණ බරකින් යුතු පුද්ගලයෙකු දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 55ක ප්‍රමාණයක් ආහාර වේලට එකතු කරගත යුතුයි.

හොඳම ප්‍රෝටීන් අන්තර්ගත ආහාර ලෙස හැඳින්විය හැක්කේ බිත්තර, මස්, ඕට්ස්, පලතුරු, එළවළු, සෝයා සහ කිරි වර්ගයි. ඒ වගේම ඔබට ප්‍රෝටීන් වැඩිපුර ලබාගත හැකි අතිරේක ආහාරමය ද්‍රවයයන්ද තෝරාගත හැකියි. ආහාරමය වශයෙන් ප්‍රෝටීන් වැඩිපුර ලබාගැනීමෙන් ඉතා සාර්ථකව ඔබේ ප්‍රෝටීන් ඌනතාවය මගහරවා ගැනීමට කටයුතු කිරීම ඔබේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි

 Nutrion : tips

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00