2018 මාර්තු 17 වන සෙනසුරාදා

අස්ථි සහ දත් සවිමත් කරන ආහාර

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3378

ශරීරයේ අනෙකුත් පද්ධති වගේම අස්ථි පද්ධතියත් ඉතා වැදගත්. යමකුගේ අස්ථි පද්ධතිය සෞඛ්‍ය සම්පන්න නම් එම පුද්ගලයාගේ කායික ශක්තිය නිසි ලෙස වර්ධනය වී මානසිකවත් නැවුම් ජවයක් ඇති වනවා. ශරීරයේ නිසි සමබරතාවය රැක ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න අස්ථි වැදගත්. දත් සහ අස්ථි සවිමත් කරන දෙන පෝෂණය සපිරි ආහාර වර්ග කිහිපයක් ගැනයි මේ. 

ඔබත් මෙම ආහාර  නිසි ලෙස භාවිත කළොත්, එවිට ඔබේ අස්ථි වලට ඇතිවන රෝග වලින් ආරක්‍ෂාවී සුවෙන් සිටීමට හැකියාව ලැබේවි.

කිරි

අස්ථිවල වර්ධනයට දිනපතතා අවශ්‍ය වන කැල්සියම් ප්‍රධාන වශයෙන් කිරි පානය කිරීම මගින් ශරීරයට සපයා ගන්නට හැකියි.

කිරි මගින්  ලැබෙන ගුණ 

කිරි තුළ පොටෑසියම්, රයිබෆලෝවින්, මැග්නීසියම්, පොස්පරස් සහ විටමින් A, D සහ B12 අන්තර්ගත වනවා. දත්වල සහ අස්ථි වල නිසි වර්ධනයට කිරි වීදුරුවක් දිනපතා පානය කළත්  ඇති. කුඩා දරුවෙකුට නම් වර්ධනය වන වයසේ දී කිරි වැඩි වශයෙන් පානය කිරීමට අවශ්‍ය වන අතර තම ශරීර බර පිළිබඳ සැලකිලිමත් වන වැඩිහිටි අයෙකුට තම අභිමතය පරිදි යොදය සහිත හෝ යොදය රහිත කිරි  පානය කරන්නට පුළුවන්.

සැමන්

අස්ථි සවිමත් කරන හොඳම ආහාරය සැමන්ය.

සැමන් සතු ගුණ 

අස්ථිවල වර්ධනයට අවශ්‍ය වන විටමින් D, ප්‍රෝටීන්, කැල්සියම් වගේම ඔමේගා 3 මේද අම්ලයත් සැමන් ආහාරයට ගැනීම මගින් නිසි පමණට ශරීරයට ලබා ගන්නට පුළුවන්.
(විටමින් D මගින් ශරීරයට කැල්සියම් අවශෝෂණය වීම වේගවත් කරයි.)

දිනපතා සැමන් ආහාරයට ගන්නවා නම් අස්ථිවල ඇතිවන සුළු බිඳුම් නැවත සකස් කර ගෙන හදවත් රෝග වලින් වැළකෙන්නටත් පුළුවන්.

චීස්

කැල්සියම් සහ අනෙත් විශේෂිත පෝෂණ ගුණයන් සපයාගෙන අස්ථි සවිමත් කරන තවත් සාර්ථකම ආහාරයක් තමයි චීස්.

චීස් මගින් ලැබෙන ගුණ

චීස් තුළ විටමින් A, D, පොටෑසියම්, රයිබෆ්ලෝවින්, ප්‍රෝටීන්, මැග්නීසියම්, විටමින් B12 සහ පොස්පරස් අන්තර්ගත වනවා. චීස් තුළ අඩු “lactose” අගයක් අන්තර්ගත වන නිසා “lactose” අසමතුලිත තාවයක් දක්වන නිතර කිරි පානය කිරීමට අකමැත්ත දක්වන අය සඳහා චීස් වඩාත් ගුණදායක වනවා. හොඳ චීස් වර්ගයකින් සුළු ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගන්න.

යෝගට්

ඔබ සෞඛ්‍යය සම්පන්න අස්ථි පද්ධතියක් බලාපොරොත්තු වනවා නම් ආහාර වේල් අතරට යෝගට් එක්කර ගැනීමත් අනිවාර්යය කරුණක්.

යෝගට් මගින් ලැබෙන  වාසි

කැල්සියම් ලබා ගැනීමට ඉතා හොඳ මූලාශ්‍රයක්. යෝගට් කෝපයක් මගින් දිනකට ශරීරයට අවශ්‍ය වන කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්. යෝගට් තුළ ඛනිජ සහ විටමින් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි.  

තල ඇට

සවිමත් අස්ථි පද්ධතියකට තල ඇටත් ආධාර වනවා.

තල ඇට සතු සෞඛ්‍යය වාසි

තල ඇට තුළ මැග්නීසියම්, පොස්පරස්, කැල්සියම් සහ විටමින් D, K වැනි විටමින් වර්ගත් අන්තර්ගතයි.

කොළ පැහැති එළවළු

සවිමත් අස්ථි පද්ධතියකට කොළ පැහැති එළවළුත් යස ආධාරයක්.

සෞඛ්‍යමය වාසි

කැල්සියම් සහ ඔමේගා 3 මේද අම්ල මෙන්ම විටමින් K සහ මැග්නීසියම් අන්තර්ගතයි. බැක්ටීරියා නාශක බලය, දියවැඩියාව පාලන බලය සහ පිළිකා නාශක හැකියාව  අන්තර්ගත වීම.

නිවිති

එළවළු පලා අතරින් නිවිති විස්මිත ආහාරයක්, අස්ථිවල සෞඛ්‍ය සඳහා එය ඉතා වැදගත් එළවළු වර්ගයක්.

සෞඛ්‍යමය ගුණ

නිවිති තුළ තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ සහ විටමින් A සහ C වැනි විටමින් වර්ග අන්තර්ගත වනවා. නිවිති කෝප්පයක ප්‍රමාණයකින් දිනකට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය නිසි ලෙස ශරීරයට සලසා ගන්නට පුළුවන්. ඔබේ සිත්ගත් ආකාරයකට නිවිති පිසගෙන අනෙත් එළවළු වර්ග සමග ආහාරයට ගන්න.

මස් කටු  සුප් පානය

මස් කටු සමග කුළු බඩු එක්කර හදාගන්නා සුප්, අස්ථිවල සහ දත්වල සෞඛ්‍යයට වඩාත් හිතකර වනවා.

පිටත කට්ට සහිත මුහුදු ආහාර

මුහුදු බෙල්ලන්, ඉස්සන්, පොකිරිස්සන් වැනි ආහාර මගින් අස්ථිවලට විශාල පෝෂණයක් සැපයෙනවා. මෙමගින් කැල්සියම් සහ සෞඛ්‍යයට හිතකර වන කොලෙස්ටරෝල් සමඟ අතිමහත් පෝෂණ ගුණයක් ලබා ගන්නට පුළුවන්.

ඇට මිදුලු වර්ධනයට උදව් වන ආහාර 

ඇටමිදුලු  (Bone marrow) යනු අස්ථි තුළ ඇති නම්‍යශීලි පටකයකි. මෙම පටකය වර්ධනය කර ගැනීම, අස්ථිවල සෞඛ්‍යය සහ ශක්තිමත් භාවය වර්ධනය කර ගන්නට ඉතාමත් වැදගත්.

මෙම පටකය වර්ධනය වන ආහාර

කැල්සියම් වලින් පොහොසත් පළතුරු යුෂ, කොට්ටම්බා, මෙලෙක් අස්ථි සහිත කෑන් වල අසුරන ලද සැමන්, කොළ පැහැ එළවළු.

► සුගත්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00