2018 මාර්තු 10 වන සෙනසුරාදා

ජල ව්‍යායාම සිරුරට ගෙ‍නෙන ප්‍රතිලාභ

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 291

ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට හිතකරය. නමුත් ජලය තුළ සිදුකරන ව්‍යායාම සෞඛ්‍යයට වාසි රැසක්ම සපයනවා. ඔබ ගොඩබිමේ ව්‍යායාම සිදු කරනවා මෙන් ජලය තුල ව්‍යායාම සිදු කිරීමේ දී ශරීරයට එතරම් තද ඝට්ටන සිදු නොවන නිසා ශරීරය 90%ක්ම සැහැල්ලු ස්වභාවයක් ගනු ලබනවා.

ඇතැම්විට ජලචර ව්‍යායාම ලෙස හඳුන්වන ජලය තුළ සිට සිදුකරනු ලබන මෙම ව්‍යායාම සිදුකිරීමේ දී වෙහෙසට පත් නොවී නැවුම් ආකාරයක අත්දැකීමක්ද සමඟ සතුටක්ද විඳින්නට පුළුවන්. 

ජලයේ ව්‍යායාම සිදු කිරීම මගින් කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා වයස් ඛාණ්ඩ වල ඕනෑම අයෙකුට සෞඛ්‍යය වාසි අත්විඳින්නට පුළුවන්. මාංශ පේශී ඇති පුද්ගලයින්, නහර මතුවී ඇති පුද්ගලයින්, අස්ථි වලට හානිවී ඇති පුද්ගලයින් මෙන්ම ගර්භනී කාන්තාවන් සහ අධික තරබාරු පුද්ගලයින්ට පවා මෙවන් ව්‍යායාම සිදු කරන්නට පුළුවන්. 

මේ ඕනෑම ව්‍යායාමයක් පිහිනුම් තටාකයක සිට පහසුවෙන්ම සිදු කරන්නට පුළුවන් ඒවාය.

ජලය තුළ ව්‍යායාම සිදුකිරීම මගින් සැලසෙන සෞඛ්‍ය වාසි....

01. ශරීරයේ බර අඩුවීම

ජලය තුළ සිදුකරන ව්‍යායාම මගින් ශරීරයේ බර පහසුවෙන් අඩුකර ගන්නට පුළුවන්.

ව්‍යායාම සඳහා යොදනු ලබන බලය සහ ජලය මගින් සැපයෙන ප්‍රතිරෝධය එකට එක්වීම මගින් ශරීරයට පරිපූර්ණ ව්‍යායාමයක් ලැබෙනවා. 

ජලජ ව්‍යායාම දිනපතා දිනකට විනාඩි 30 සිට 60 දක්වා සිදුකිරීම  මගින් දිනකට කැලරි 300 සිට 500 දක්වා ප්‍රමාණයක් දහනය කර ගන්නට පුළුවන්. 

“Obesity” සඟරාවේ 2010 වසරේ දී පළවුණු අධ්‍යයන වාර්තාවක සඳහන් වන්නේ ජලය තුළ ව්‍යායාම සිදුකිරීම මගින් ශරීරයේ මේදය සාර්ථකව දහනය කර ඉනෙහි වට ප්‍රමාණය නිසි ලෙස අඩු කරගෙන ශරීරයේ නිසි හැඩය ලබා ශරීරයට සෞඛ්‍යය සම්පන්න භාවයක් අත් කර ගත හැකි බවයි.

02. අස්ථිවල සෞඛ්‍ය වර්ධනය කිරීම

ජලය තුළ සිදු කරන ව්‍යායාම මගින් අස්ථි වල සෞඛ්‍යය වර්ධනය වීමක් සිදු වනවා. ජලය තුළ ඇති ප්‍රතිරෝධතාවය මගින් අස්ථි මතට හානිදායක පීඩනයක් එල්ල නොවන නිසා වේදනාව සහ තෙහෙට්ටුව වැනි බලපෑම් ඇතිවීම වැළකෙනවා.
ආතරයිටිස් වැනි සන්ධි ආබාධ සහ වෙනත් අස්ථි ගැටලුවලින් පීඩා විඳින පුද්ගලයින් සඳහා මෙම ව්‍යායාම ක්‍රමය වඩාත් ඵලදායී වනවා. 

ජලය තුළ ව්‍යායාම සිදු කිරීම මගින් “hemophilia” වැනි රෝග ඇති පුද්ගලයින්ට එදිනෙදා කාර්යයන් කිරීම සඳහා අස්ථිවල ශක්තිය වර්ධනයට සහ චලනයන් වර්ධනය කර ගැනීමට උපකාර වන බවයි. 

පිහිනුම් ව්‍යායාම සිදුකිරීම මගින් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින්හට ඇති වන අස්ථි තද ස්වරෑපය දුරැ කර මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය වේගවත් කරන බව සනාත කර තිබෙනවා.

03. නම්‍යතාවය සහ සංචලතාවය වර්ධනය කිරීම

සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන ව්‍යායාමවල චලනයන් ගුරුත්වාකර්ෂණ බලයට සහ බිම ඇදවැටේවි යැයි යන බිය නිසා සීමා වනවා. නමුත් ජලය තුල ව්‍යායාම සිදු කිරීමේදී විශාල පරාසයක චලනයන් සිදුකිරීමට හැකිවීම නිසා අස්ථි වඩාත් නම්‍යශීලි වනවා. 

ජලය තුළ සිදු කරන ව්‍යායාම පිට කොන්ද ප්‍රදේශයේ නම්‍යශීලී භාවයට වඩාත් වාසිදායක වනවා. ශරීර යෝග්‍යතාවයට නම්‍යශීලීත්වය වඩාත් වැදගත් වන නිසා ජලය තුළ ව්‍යායාම සිදුකර නම්‍යශීලීත්වය වර්ධනය කිරීමෙන් ශරීරයේ නිසි සෞඛ්‍යය සම්පන්න වර්ධනයක් ඇති කරගන්නට පුළුවන්. 

වැඩිහිටි පුද්ගලයින්ගේ බිම ඇදවැටීමේ අවදානම අඩු කර ගැනීම සඳහා ජලය තුළ සිදු කරන “aqua aerobic” චිකිත්සාව අතිසාර්ථක වන බව අධ්‍යයන වාර්තාවක සඳහන් වනවා. මෙම ව්‍යායාම සිදු කිරීම සඳහා උණු ජලය සහිත ජල තටාකයක් භාවිතා කරනවා නම් එය මාංශ පේශීවල නම්‍යතාවයට පහසුවන නිසා ව්‍යායාමවල ප්‍රභලත්වයද වර්ධනය වනවා.

04. රුධිර පීඩනය අඩු කර ගැනීම

ජලය තුළ ව්‍යායාම සිදුකිරීම මගින් ජලයෙන් නිකුත්වන ප්‍රතිරෝධය නිසා ශරීරය පුරාවටම රැධිරය සංසරණය වීමේ වඩාත් කාර්යයක්‍ෂම කරනු ලබනවා. මෙමගින් රැධිර පීඩනය නියාමනය කර ගැනීම සහ අක්‍රිය හෘද ස්පන්දනය නිසි තත්වයට පත්කර ගැනීම වැනි සෞඛ්‍යය වාසි අත් කරගන්නට පුළුවන්. 

පුද්ගලයින් පිරිසක් සති දහයක කාලයක් ජලය තුළ ව්‍යායාම කිරීම සඳහා යොදවා සිදු කල එක්තරා අධ්‍යයන වාර්තාවක් මගින් කරුණු දක්වන ආකාරයට පැහැදිලිවන්නේ ස්ථූල පුද්ගලයින්හට, අධි රැධිර පීඩනය ඇතිපුද්ගලයින්ට, ආබාධිත අයට සහ ස්වසන ගැටලු ඇති පුද්ගලයින්ට මෙම ව්‍යායාම ක්‍රමය වඩාත් ඵලදායී වන බවයි.

Medi/news

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00