2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

නියුමෝනියාව සහ ක්‍ෂය රෝගය දුරු කරන කජු!

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 424

කුරුලෑ, දත් කුහර නියුමෝනියාව සහ ක්‍ෂය රෝගය ඇතිවීමට බලපාන බැක්ටීරියා නැසීම සඳහා කජු තුළ විශේෂිත රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත වනවා.

ඒ වගේම, මැන්ගනීස්, මැග්නීසියම්, කොපර්, පොස්පරස් සහ සින්ක්වලින් පොහොසත් වන කජු තුළ අනෙත් ධාන්‍ය වර්ගවලට වඩා අඩු මේද ප්‍රමාණයක් සහිතයි. 82% ක් පමණ අසංතෘප්ත මේද අම්ල අන්තර්ගත වන අතර හදවත් සෞඛ්‍යයට මෙය වඩාත් ප්‍රයෝජනවත්. කජු සතුව ඔලිව් තෙල්වලට සමාන monounsaturated මේදයත් අන්තර්ගත වනවා.

බැක්ටීරියාවන් නසා දැමීම

කජු සතුව ඇති බැක්ටීරියා නාශක විශේෂ සංයෝගය වන්නේ “anacardic” අම්ලයයි. බැක්ටීරියා මගින් දත් කුහර ඇතිවීම, කුරුලෑ ඇතිවීම ඇතුළුව නියුමෝනියාව සහ ක්‍ෂය රෝගය පවා සුවකරන්නට මේ රසායණයට හැකියි.

(Anacardic) අම්ලය එක කොටසකට ජලය කොටස් 200,000 එක් කිරීම මගින් අතිසාර්ථක ලෙස විනාඩි පහළොවක කාලයක් ඇතුළත බැක්ටීරියාවන් නසාගන්නට පුළුවන් බව සනාථ වී තියෙනවා. කාන්තාවන් 80,000 ක් පමණ යොදාගෙන එක්තරා අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මෙම කාන්තාවන් සතියකට අවම වශයෙන් කජු අවුන්ස එකක් පමණ ආහාරයට ගෙන ඇති අතර මුත්‍රාශයේ පිළිකා ඇතිවීමේ අවදානම මෙම කාන්තාවන්ගේ 25% පමණ පහළ බැස තිබෙනවා.

ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම වළක්වා ගැනීම සඳහාත් කජු ඔබේ ආහාර වේලට එක්කර ගැනීම වැදගත්.
ඇතැම් පුද්ගලයින් බර වැඩි වේයැයි යන බියෙන් කජු ආහාරයට ගැනීමෙන් වැලකී සිටිනවා. කෙසේ වෙතත් විවිධ අධ්‍යයනයන් මගින් කරුණු දක්වා ඇත්තේ සතියකට වාර දෙකක් පමණ කජු ආහාරයට ගැනීම මගින් තරබාරුවීමේ අවදානමත් අඩුවන බවයි.

♦ Web MD