2018 ජනවාරි 20 වන සෙනසුරාදා

සිගරුට්ටුවෙන් ලෙඩ හයක්

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 365

දුම්පානය කිරීම යනු 99%ක ප්‍රතිශතයක් පෙනහළු පිළිකා ඇතිවන ඉතා හානිදායක පුරුද්දක්. ලොව පුරා සිටින මිනිසුන් බිලියන 1.1 කට අධික ප්‍රමාණයක් දුම්පානය සිදු කරන අතර මේ ක්‍රියාව නිසා ඔවුන්ගෙන් 50%ක් පමණ මරණයට පත් වනවා.

දුම්පානයට හුරු වූ අයෙකුට ඇතිවන සුලබ රෝග

රාත්‍රී නින්ද නොයෑම

අබල දුබල බව

හෝමෝන අසමතුලිතතාවය

අහාර මාර්ගය ආශ්‍රිත ගැටලු

ඔස්ටියෝපොරෝසීස්

මානසික රෝග

දුම්පානය කරන ඕනෑම අයෙක් නිකොටින් සඳහා ඉක්මනින්ම ඇබ්බැහි වනවා. මේ ආකාරයට ඇබ්බැහි වූ අයෙක් නැවත නැවතත් නිකොටින් ශරීරයට ලබා ගැනීම සඳහා පෙළඹීම සාමාන්‍ය කරුණක්.

ඇත්ත වශයෙන්ම නිකොටින් සඳහා ඇබ්බැහි වූ අයෙක් එය අතහැර දැමීම කොකේන් හෝ හෙ‍යරොයින් ඇබ්බැහි වීමකින් ගැලවෙනවාට වඩා අපහසු කරුණක්.

දුම්පානය කරන පුද්ගලයෙකුට වැඩි වශයෙන් විවිධ අතුරු ආබාධ ඇති වන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රතිඔක්සිකාරකයන් වන විටමින් C සහ E, බීටා කැරොටීන්,  “glutathione”, “ubiquinol” සහ “alpha-lipoic” අම්ල යන දෑ ශරීරය තුළ හිඟ වීම නිසයි.
මේ ආකාරයේ පෝෂණයන් ශරීරයට ලබා ගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග තිබුණත් මෙවන් දෑ ශරීරයට ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ සෞඛ්‍යය සම්පන්න ආහාර පරිභෝජනය කිරීමයි. එළවළු පලතුරු බහුල ආහාර ගැනිම ඉතා වැදගත්. ඊළඟට දුමක් දාන්න හිතෙනකොට වතුර හොඳට බොන්න පුරුදු වෙන්න. තේ, කෝපි, පැනි බීම වෙනුවට රණවරා බෙලිමල් ඉරමුසු වගේ දේශීය ඇඟ නිවන පාන වර්ග ලබා ගන්න.

දුම්පානය අතහැර දැමීමට වෙර දරන අයෙක් හට තමන්ට ඇතිවන අධික නිකොටින් ඇල්ම නැති කර දමන තවත් ක්‍රමවේද කිහිපයක්  තමා මේ. 

මැග්නීසියම්

මැග්නීසියම් මගින් ශරීරය තුල “dopamine” නිකුත් කිරීම වේගවත් කරන නිසා මැග්නීසියම් මගින් නිකොටින් ඇල්ම නැති කර ගන්නට පුළුවන්. කෙසෙල්, අලිගැට පේර, මුං, කව්පි, රටකජු,  වට්ටක්කා ඇට,  තදපැහැ චොක්ලට් මැග්නිසියම්  බහුලව ඇති ආහාර කිහිපයක්  ලෙස දක්වන්න  පුලුවන්. 

මෙම ඛනිජ වර්ගය මගින් මොළයේ ස්නායු පණිවුඩ ගෙන යන රසායන  මධ්‍ය ස්ථාන  ලිහිල් කර නිකොටින් ඉල්ලා  “NMDA” ප්‍රතිග්‍රාහකවලට සිදු කරන බලපෑම අඩු කරනු ලබනවා. මේ නිසා දුම්පානයෙන් ඉවත් වන්නට උත්සහා කරන අයෙක් මැග්නීසියම් බහුල ආහාර ලබා ගැනීම වඩාත් ඵලදායී වනවා. 

මෝහන චිකිත්සාව හා මනෝ උපදේශන

දුම්පානය සඳහා ඇබ්බැහි වූ අයකු මනෝ චිකිත්සක සායන සදහා යොමුවීම මගින් මෙන්ම මෝහනය කිරීම මගින් ඔහුගේ ඇල්ම යම්තාක් දුරට අඩු කරන්නට පුළුවන්. මේ සඳහා  සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ සහාය පතන්න.

කටුචිකිත්සාව   

දුම්පානයට ඇති ඇල්ම වළක්වා ගන්නට භාවිතා කළ හැකි තවත් එක සාර්ථක ක්‍රමවේදයක් තමයි කටුචිකිත්සාව. කටුචිකිත්සාවට අනුව ශරීරයේ විවිධ ස්ථාන මුඛය, දිව සහ ශ්වසන මාර්ගය වැනි ස්ථානවලට සම්බන්ධ වනවා. පළපුරුදු චිකිත්සකවරයෙක් මුණගැසී නිකොටින් සඳහා ඇති වන ඇල්ම අඩු කර ගන්නට පුළුවන්.

ව්‍යායාම

දුම්පානය කිරීමට සිතුණු අවස්ථාවක විනාඩි පහක පමණ කාලයක් රවුමක් ඇවිදීම, බයිසිකලයක් පැදීම වගේ සුළු ව්‍යායාමයක යෙදීම මගින් දුම්පානය සඳහා ඇති වන ඇල්ම තාවකාලිකව අඩු කර ගන්නට පුළුවන්.

නිකොටින් ප්ලාස්ටර් “Nicotine patch”

මෙය නිකොටින් ප්‍රතිස්ථාපන චිකිත්සාව “nicotine replacement therapy (NRT)” ලෙස හඳුන්වනු ලබනවා. මේ සඳහා ඖෂධ වර්ග දෙකක් එක්ව සැදුම්ලත් ප්ලාස්ටර් වඩාත් ඵලදායී වනවා. සම හරහා ශරීරයට නිකොටින් නිකුත් කරන මෙම ප්ලාස්ටරය සම මත අලවා ගැනීමේ වාර ගණන යම් අයෙක් දිනකට පානය කරනු ලබන දුම්වැටි ප්‍රමාණය අනුව වෙනස් වනවා. මෙය භාවිත කළ යුත්තේ වෛද්‍ය  උපදෙස් මතයි.

දෙහි

ලෙල්ල සහිත දෙහි කැබැල්ලක් ගෙන හපන්න. දෙහි සතු විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක නිසා ඔබට ඇතිවන නොකොටින් ඇල්ම අඩු කර ගන්නට පුළුවන්. 

භාවනාව

දුම්පානය අතහැර දැමීමට උත්සාහ කරන අයෙක් භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම ඒ සඳහා උපකාරයක් වන බවත් විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. හොදින්  හුස්ම පාලනය මගින් සිරැරට අවශ්‍ය ඒ වගේම නිකොටින් නිසා අහිමිව ගිය  ඔක්සිජන් හොදින්ම ලැබෙනවා.  

 Web MD

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00