2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ලාවුළු ශක්තිජනක අාහාරය

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 644

ලාවුළු අප රටේ පහසුවෙන් ලබාගත හැකි පළතුරක් වුවත්, ලාවුළු කෑමට එතරම් ප්‍රියතාවයක් බොහෝ දෙනා නොදක්වයි. නමුත් ඔවුන් නොදන්නා කාරණය නම් ලාවුළු ශක්තිජනක අාහාරයක් බවයි. ශක්තිය ලබා ගැනීමට කෘත්‍රීම ආහාර පසුපස යන්නන්ට මෙය කදිම අාහාරයකි.ප්‍රභේද 2ක් පවතී.

ලාවුළු 100g ක අඩංගු පෝෂණ ගුණය

ප්‍රෝටීන්  0.6g, මේදය  0.4g, කැල්සියම්  14mg, යකඩ 1.3mg, 74 Cal, විටමින් C

මෙය විටමින් A බහුල (2000iu) අහාරයකි. එබැවින් පැහැපත් වීමට උත්සහා කරන සැමටම හොඳ පළතුරකි.

කාන්තාවන්ට වැළදෙන ස්වේත ප්‍රදර (සුද යාම) රෝගයට ගුණදායකය. ඇස් පෙනීම දියුණුකරන අතර, දත් ශක්තිමත් කරයි. ඉහළ කෙඳිති ප්‍රමාණයක් සහිත පළතුරක් බැවින් මළබද්ධයෙන් පෙළෙන අයට ඉතාමත් ගුණය.

ලවුළු ඇට පෙති වලට කපා, රාත්‍රියේ වතුරේ දමා, උදයට සීනි මිශ්‍රකර බීමෙන්, ශුක්‍ර වර්දනය වන බව ආයුර්වේද මතයයි. ශරීර ශක්තිය ලබාදෙයි, හෘදය ශක්තිමත් කරන මහඟු ඔසුවක් වන අතර නිතර ආහාරයට ගැනීමෙන් නීරෝගී බව රැක ගන්නට ද හැකිය.

ලාවළු පලතුරක් ලෙස පමණක් නොව, පොල් සමඟ මිශ්‍ර කර රොටී වශයෙන්, සකසා ආහාරයට ගත හැක.