2018 ජනවාරි 06 වන සෙනසුරාදා

අකල් මරණ වළක්වන විස්මිත එළවළුව

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 776

වම්බටු පෝෂ්‍ය ගුණවලින් අනූන එළවළුවකි. පෝෂණවේදීන්ට අනුව වම්බටු දිනපතාම ආහාරයට ගත යුතු තරම් පෝෂණීය ආහාරයකි. එහි විටමින්, ඛනිජ, ලවණ, එසේම තන්තු, ඇමයිනෝ අම්ල අඩංගුය. මෙම එළවළු ඔබේ සමස්ත ශරීර සෞඛ්‍ය වර්ධනය කරන අතර හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු කරයි. දියවැඩියාව, අධික තරබාරු බව හා අකල් මරණ සම්භාවිතාව අඩු කරයි.

ඔබේ ආහාර වේලට වම්බටු එක් කර ගැනීමට වටිනා හේතු 8ක් මෙන්න.

01. එහි අඩංගු විටමින් k හා බයෝ ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා දිනපතා වම්බටු ආහාරයට ගැනීම මගින් ලේ කැටි ඇති වීම වළකයි.

02. නිසියාකාරව පිළියෙළ කළහොත් වම්බටුවලට ඔබේ නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම අවම කළ හැක. ඔබ කෙදිනකවත් වම්බටු බැද ආහාරයට නොගත යුතුය. පිසීම කළ යුතුය.

03. වම්බටුවල ඇති තන්තු නිසා එය ඔබේ ජීර්ණ පද්ධතිය සුරක්ෂිත කර ජීර්ණය පහසු කරයි.

04. දිනපතා වම්බටු ආහාරයට ගැනීමෙන් ඔබගේ රුධිර සංසරණය වර්ධනය වන අතර එහි අඩංගු, ශාක පෝෂණ ද්‍රව්‍ය මගින් ඔබගේ මොළයට පෝෂණය සපයයි.

05. වම්බටු ඔබගේ රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත් කරන අතර අඩු කාබන් හා වැඩි තන්තු අන්තර්ගතය නිසා දියවැඩියාව පාලනය කරයි.

06. අධික ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා ඔබගේ රුධිර පීඩනය ක්‍රමවත් කළහැක.

07. ශරීරයට අවශ්‍යම ප්‍රමාණවලින් යකඩ, කැල්සියම් හා  අනෙකුත් ඛනිජ වර්ග වම්බටුවල අඩංගුය.

08. කැලරි නොමැති නිසා සිරුරේ බර අඩු කිරීමට සිතන අයට වම්බටු සුදුසුය. එසේම එහි මේද නොමැතිකම හා තන්තුවලින් අනූන බව එය බර අඩු කිරීමට සුදුසුම ආහාරයක් බවට පත් කරයි.