2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කොලෙස්ටරෝල් බස්සන වදමල් යුෂ

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 584

වද මල් යුෂ අපි එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. වදමල්වල යුෂ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අවම කිරීමට සමත් වන බව තායිවාන පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දී තිබෙනවා.

වදමල් යුෂයෙහි අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට (Antioxidants) රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ඇතුළු අඩු ඝනත්ව “ලිපොප්‍රෝටීන” (LDL) ප‍්‍රමාණය අවම කළ හැකි බව ඉහත  පර්යේෂණය මෙහෙයවූ චූං ෂාං වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ජොං වැං පවසනවා.

සම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමයට අනුව හදවත් රෝගවලට ප‍්‍රතිකාර කිරීම සඳහා වද මල් යොදාගැනීම ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිවානය වැනි ආසියාතික රටවලද සුලභව දක්නට ලැබෙනවා. එහෙත් වදමලේ කොලෙස්ටරෝල් නාශක ගුණය විද්‍යාත්මකව සනාථ කළ පළමු වතාව මෙය බවයි පර් යේෂකයන් පෙන්වා දී ඇත්තේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00