2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ඉන්ෆ්ලුවෙන්සා B අවදානමෙන් වළකිමු

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 305

සෑම වසරකම අප්‍රේල් සහ ජූනි අතර කාලයේත්, නොවැම්බර් සිට ජනවාරී අතර කාලයේත් පැතිර යන ස්වසන රෝගයක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරිය හැකිය. මේ වනවිට Influenza – B අවදානමක් පැතිර පවතියි. A, B සහ C ලෙස වර්ග තුනක් දැක්වෙන මේ B රෝගය දැඩි මාරාන්තික අවදානමක් නොදරන්නකි. නමුත් සමහර පුද්ගලයන් හට මාරාන්තික විය හැකිය.

එනම් අවුරුදු 2ට අඩු ළදරුවන්, 65ට වැඩි වයස්ගත පුද්ගලයන්, ගැබිණි මව්වරුන්, හෘද රෝග, දියවැඩියාව, වකුගඩු රෝග වැනි නිදන්ගත රෝගාබාධ ඇති අය මේ පුද්ගලයන්ය.

රෝග ලක්ෂණ

• උණ හෝ උණ සහිත සීතල ස්වභාවය

• වියලි කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත මස්පිඩු වේදනාව, නාහයේ තදගතිය හෝ සෙම්සොටු ගැලීම, තද හිසරදය

• මහන්සිගතිය

• සමහර පුද්ගලයන් හට වමනය සහ පාචනය ඇති වියහැකි අතර කුඩා දරුවන් සහ වයසක උදවිය අතර එය බහුලය.

පැතිරයාම

රෝගී අයකුගේ කැස්ස, කිවිසුම් හේතුවෙන් පිටවන බිඳිති හේතුවෙන් වාතය ආශ්‍රිතව බෝවෙයි. වෛරස් ශරීරයට ඇතුළුව දින 1ත් 4ත් ඇතුළත රෝග ලක්ෂණ පහළ වෙයි. ළදරුවන් අතර දින 7කටත් වඩා රෝග ලක්ෂණ පැවැතිය හැකිය.

වැළැක්වීම සහ වෛද්‍ය ප්‍රතිකාර

සිරුර උණුසුම්ව පවත්වා ගනිමින් ඇඳ විවේකය ගැනීමත් හැකි තරම් දියර වර්ග පානයත් මේ සඳහා නිවසේදී ගත යුතු ප්‍රතිකාරයන්ය. වයස්ගත උදවිය තුළ රෝග ලක්ෂණ දින 4 – 5ටත් වඩා පවතින විට නිසැකවම වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුය. මේ සඳහා ඖෂධ පවතියි. ඉන්ෆ්ලුවේසා සඳහා සාර්ථක එන්නතක් ද ඇත. රෝග ආසාදිත තැනැත්තියන්ගේ කැසි, කිවිසුම් ආදියෙන් රෝගය බෝවන හෙයින් මුඛ ආවරණ පැළඳීම, පෞද්ගලික ශරීර පවිත්‍රතාව පවත්වා ගැනීම සුදුසුය. 
   

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00